Dev කෙනෙක් වෙද්දි ගූගල් එකෙන් ‘ප්‍රශ්න අසමින් ඉගෙන ගත්තට’ Team එකේ වගතුග AI එකකින්වත් ගන්න බෑ. අන්න ඒ නිසා එයාලා එක්ක හොඳින් කතාබහ කරන්න ඕන. ඉතින්, අංක 01 තමයි, Team එක ගැන හොඳ අවබෝධයක් ගන්න එක.
👨👧👦 තමන්ගෙ Team එක ගැන හොඳ අවබෝධයක් ගනිද්දි
- එයාලා මොන දේවල්වලට දක්ෂ,
- ආසාවෙන් කරන tasks මොනවද,
- Career goals මොනවද
වගේ දේවල් දැනගෙන ඉන්න එක වටිනවා.
එයාලා කතා කරද්දි අවධානයෙන් අහගෙන ඉන්න (Active listen කරන්න). එතකොට 1-on-1 වලදි හෝ Team එකේ roadmap එක ගැන කතා කරන meetings වලදි කතා කරන්න හොඳ points ඔයාට හොයාගන්න පුළුවන්. එතකොට Team membersලගෙ career development වගේම, team එකක් විදියට ශක්තිමත් වෙන්න අවශ්‍ය මොනවද කියන දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා.
අලුතින් අය ගනිද්දිත් (Recruitment) මොනවගේ කෙනෙක්ගෙන් team එකේ අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන් ද කියලාත් ඔයාට දැනුමක් එනවා.
02. විසඳුම්වලට පාර කපන්න
“බඩගින්නෙ ඉන්න කෙනෙක්ට මාළුවෙක් දුන්නොත් එයා කවදාවත් මාළු අල්ලන්න ඉගෙන ගන්නෙ නෑ” කියලා කතාවක් අහලා තියෙනවා නේද? ඉතින්, Task එකක් දැම්මට පස්සේ ඒකෙ solution එක ඔයාම දෙනවට වඩා Guidance එකක් දෙන්න පුළුවන් නම් ඒක විශේෂයෙන් Junior Devලට රුකුලක් වෙනවා.
ඒත් හැමෝම එක්ක task එකක්-එකක් ගානෙ කතා කරන්නත් වෙලාවක් නෑනෙ. කොහොමත්, Lead කෙනෙක් වුණාම task එකක් ගානේ solutions හිතන්න වෙලාවක් නැහැ. ඒක කරන්න ගියොත් ඔයාම overwhelm වෙන එක විතරයි වෙන්නේ.
Solutions හොයන වැඩේ deleagte කළාම membersලට growth opportunity එකක් හදන්නත් පුළුවන් වෙනවා!
03. සාකච්ඡා කරගත්තු විසඳුම් ටික Goals විදියට set කරන්න
විශේෂයෙන් challenging tasksවල analyse කරන්න දේවල්, අලුතින් reasearch කරන්න දේවල් හම්බෙනවා. ඒ වගේම ඒ Goals වලට යන progress එක track කළාම KPI එකත් ඉබේම හැදෙනවා. Dev කෙනෙක්ට වුණත් තමන්වම evaluate කරගන්න අවස්ථාවක් හම්බෙනවා. සමහර වෙලාවට, “ඔයා වැඩ කරලා මදිනෙ” කියලා toxic විදියට කෙලින්ම කියනවට වඩා එයාලාටම දැනෙන්න දෙන එකත් පොඩි healthy trick එකක්.
04. විසඳුම් හොයන්න නම්, ඒවා හොයන විදිහ දැනගෙන ඉන්නත් වෙනවා
Lead කෙනෙක් විදියට හෝ ATL කෙනෙක් විදියට ඔයා මෙතෙක් කල් ආපු ගමනෙදි grow වෙන්න පාවිච්චි කරපු ක්‍රම Team එකත් එක්ක බෙදාගන්න. අලුතින් මොනවහරි tech news, innovations දැක්කාම ඒවා share කරගන්න. කට්ටියත් එක්ක තේ එකක් බොනගමන් වගේ casually කතා කරද්දි ඒ වගේ මාතෘකා ගත්තාම ඔයාටත් එයාලගෙ අදහස්/දැනුම ගන්න පුළුවන් වෙනවා.
තවත් ක්‍රමයක් තමයි Teams අතරේ membersලා මාරු කරන එක. මේක ලොකු කම්පැණිවලදි කරන්න පුළුවන් දෙයක්. එතකොට හැම කෙනෙක්ම හැම project එකකම වැඩ කරලා තියෙන නිසා Domain knowledge එක ඉබේම හැදෙනවා.
ඔයා Startup එකක් කරනවා නම්, courses අරගෙන දෙන්න. එහෙමත් නැත්නම් මාස දෙකකට සැරයක් වගේ පිටතින් හොඳ දැනුමක් තියෙන කෙනෙක් ගෙන්නවලා sessions කරන්න.
Team එකේ දැනුම වැඩි වෙනවා කියන්නේ, ආයතනය ඉබේම ඉහළට යනවා.
Leave a Reply