Time Estimation කියන්නේ කොච්චර වැඩ්ඩෙක් වුණත් හරියටම කරන්න පුළුවන් දෙයෙක් නෙවෙයි. (“Estimation” කියන්නෙ ඒකනේ! නිවැරදි අගයක් නෙවෙයි.) ඒත් ඒකෙදි වෙන වැරදි අඩු කරගන්න practical ක්‍රම තියෙනවා.
හොඳ Estimation එකක් කරගත්තොත්,
- Stakeholdersලා සතුටු වෙනවා.
- Deadlines realistic වෙනවා.
- Developer team එකේ stress අඩු වෙනවා.
(ඒ විතරක් නෙවෙයි, කොහෙන්හරි ආපු toxic පීප්ප පාත්තයෙක්ගෙන් “ඔයාලා කලින් කිව්වේ මාසෙ අන්තිමේ දෙනව කියලනෙ. ඇයි දැන් බෑ කියන්නෙ” වගේ හරිතසෙවල කබර කතා අහන්න වෙන්නෙත් නෑ)
01. Requirement එක පොඩි කොටස් වලට කඩන්න
විශාල project එකක් direct estimate කරන්න බැහැ. Features කුඩා කුඩා tasks වලට බෙදලා බලන එක තමයි ලේසිම විදිය.
02. Historical Data Use කරන්න
කලින් කරපු project එකේ data තිබුනොත්, ඒකෙන් lessons ගන්න. එකම විදිහේ features develop කළේ කොච්චර කාලයක් ගත්ද කියලා බලලා compare කරන්න.
03. Buffer එකක් දාන්න
නොහිතපු විදියට එන්න පුළුවන් bugs, team එකේ අය ගන්න නිවාඩු, third-party dependencies… මේවට කොහොමත් 20–30% විතර extra time එකක් add කරන්න.
04. Team Input ගන්න
වැඩේ කරන්න පාවිච්චි කරන Frameworks අනුව එක එක task වලට ගත කරන කාලය අඩු කරගන්න පුළුවන්. ඒත් ඒවයෙදි team එකට learning curve එකක් සෙට් වෙනවද, less opiniated ඒවට යන්න වෙනවද වගේ desicions කලින්ම ගන්න පුළුවන් නම් ඒක පහසුවක්.
05. Estimation Techniques පාවිච්චිය
Time estimation ලේසි කරගන්න Planning Poker, T-Shirt Sizing, Three-Point Estimation වගේ Agile methods පාවිච්චියට ගන්න පුළුවන්. Scrum විදියට යනවා නම් පරණ projects වලින් අදහසක් ගන්න පුළුවන් වෙනවා.
ඉතින්, Software Development Time Estimation කියන්නේ අපේ අත්දැකීම්, data, සහ communication එක combine කරන process එකක්. Perfect නැති නමුත් refine කරන්න කරන්න හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
Leave a Reply