Windows 8 සහ 8.1 සිංහලෙන්

වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. 😉

මතක ඇති මම Win7 අයට සිංහල පැක් එක දුන්නා. Win7 අයට ඒක මෙතනින් ගන්න පුළුවන්. මම දැන් 8.1 භාවිතා කරන්නෙ. W8 අයට W8.1 LIP එකයි, 8.1 අයට 8 LIP එකයි පාවිච්චි කරන්න බැරි නිසා මං දෙක ම දාන්නම්, සුදුසු එක ස්ථාපනය කරගන්න. *.mlc ගොනුවක් download වේවි. ඒක Open කරලා on-screen පියවර අනුගමනය කරන්න. ඒවත් සිංහලෙන් නිසා අවුලක් නෑ. මාත් ජීවිතේ පළවෙනි වතාවට Terms Of Use සහ License එක කියෙව්වා. 😀

මතක ඇතුව ඔබට අදාල 32bit(x86) හෝ 64bit වෙළුම තෝරගන්න. ඔබ දැනට ස්ථාපිත බිටු වෙළුම බැලීමට,
1. වම් පස යට ම කෙළවරේ (8.1 අය Win Logo එක මත) මූසිකය තබා Right Click කරන්න.
2. පැමිණෙන මෙනුවෙන් System යන්න තෝරන්න.
එහි ඔබට 32 හෝ 64bit යන්න සඳහන්ව තිබෙනු දැකිය හැක.

Windows 8 සඳහා
පද්ධති අවශ්‍යතා

  • Microsoft Windows 8
  • Windows 8 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ

මෙතනින් බාගන්න:
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=35403

Windows 8.1 සඳහා
පද්ධති අවශ්‍යතා

  • Microsoft Windows 8.1
  • Windows 8.1 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ

මෙතනින් බාගන්න..
http://www.microsoft.com/si-lk/download/details.aspx?id=39307

බාගැනුම් උපදෙස්

1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න.
2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න:
* ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න. නැතහොත් Run this program from its current location තෝරන්න.
* පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න.

Comments

5 responses to “Windows 8 සහ 8.1 සිංහලෙන්”

  1. mppgunasinghe Avatar

    “සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස…….” අද දකින්න කියවන්න ලැබුණ වටිනා අදහසක්. අදහස වටිනවා උනාට මානසික් නිවහල් බව තවම ලබා තියෙන්නෙ ඔබයි තව කීපදෙනෙකුයි විතරයි වගේ. අනෙක් සේරම තවම සංස්කෘතික වහල්භාවයෙන් මිදී නැති හින්ද එංගලන්තයටත් නැති ලංකාවටත් නැත් පිරිසක් වගේ නේද ? කොහොම හරි මේ අදහස සමාජගත කිරීමට දායකත්වය දුන් ඔබට පින්දෙමි.

    1. Thambaru Wijesekara Avatar

      ස්තූතියි. අපි තනිකර කළු සුද්දොනෙ! තාම පරණ ගති අතෑර ගන්න බෑ. 😛
      ඔබටත් බොහොම පින්, ඔබේ බ්ලොග් එකෙන් අපේ ජාතික අනන්‍යතාව රැකගන්නත්, වටිනාකම නූතනයන්ට කාවද්දන්නත් කරන වෑයමට! බොහොම අගෙයි, දිගටම ලියන්න. 🙂

  2. ගයාන් Avatar
    ගයාන්

    කතාව ඇත්ත… හිතාගන්න බැරි අපේ අනාගතය මෙන වාගේද කියලා

  3. Heshan2 Avatar

    Windows 8 valinui 8.1 valinui makakda hoda?

    1. Thambaru Wijesekara Avatar

      අළුත් දේවල් කොහොමත් රසයිනෙ, Windows 8.1 හොඳයි. මම දිගට පාවිච්චි කළා. 🙂 (දැන්නම් Windows 10 Technical Preview එක.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page