කඩින් කඩ ඇදහැලෙන
කෙඳිරිලන
පොද වැස්ස..
පසෙක ලූ බිඳුණු තත
නොහඬගෑ
වයලිනය..
හද තුලින් දෝරෙ ලන
විරහවත්.. පාළුවත්..
ගිගුරුමින් හඬනගයි!
කලින් පෝස්ට් එකත් උඩින් පල්ලෙන් බලපු උදවිය දැන් ඉතින් මේකත් බැලුවම හිතයි, “හුටා! තඹරුට බඩු හරි!” 😛
ඔන්න නිකමට හරි එහෙම පව්කාර අනුකම්පාබර සිතුවිල්ලක් ආවානම් “පරිකල්පනය” ඉස්සරහට දාලා ඒ විලිවසාගත්තනං තමා හොඳ. 😉 මට මෙතැන ඕනැ උනේ යෞවනියක් හිතන විදියෙ output එකකට try කරන්නයි, අර මම හැමතිස්සෙම කියන්න උත්සාහ කරන – බාහිර පරිසරය කොතරම් සාමකාමී වුණත් හදවතට ඒ හැමදේම කණපිට පෙරලන්න පුළුවන් – කියන එක උද්දීපනය කරන්නයි. 🙂
ඒ හින්දා, ටොෆිය දුන්නම කොළේ නොකා, ඕං ඕකෙ රහ බලලා, ගුණඅගුණ කිව්වනං එච්චරයි. 😀