මාර්තුකාව අනුව මොන පාට වෑන් එකක් එයිද කියන්න දන්නෑ, ඒත් මේක ඡන්ද සීන් එකක් නෙවෙයි. කොහොමහරි ඉතින්.. “කාලෙකින් බ්ලොගක් දැම්මෙ නෑ නේද?” කියලා එකෙක් ඇහුවාමයි මම බැලුවෙ මේ මොකාද කියලා. ඒකා ඇවිත් අමුතු ජාතියෙ එකෙක්. මගේ ඔළුව ඇතුලෙ ඉඳන් අරක මේක කරන්න කියලා කියනවා. හොඳයි ඔබට නැද්ද එහෙම මිතුරෙක්? වෙලාවකට නම් මහ වධයක්. මෑන්ස්ව හොයා ගත්තාම ඉතිං ගූගල් දෙයියන්ට බාර වෙන්නත් එපැයි. එතකොටයි දැක්කෙ තව කන්නලව්කාරයො ඉන්නවා කියලා. ඒ හින්දා ඌ කියන්න වගේ බ්ලොගක් දාන ගමන් ඒකා ගැනම ලියන්න හිතුවා.
අපිට දෙයක් අමතක වුණාම මතක් කරන, වැඩකට නැති දේවල් කතා කරකර ඉන්න, තීරණ ගනිද්දි මැද්දට පැනලා අවුල් කරන නොපෙනෙන ශබ්දයක් හිස තුළ තියෙනවා කියලයි මේ කියන්න යන්නෙ. විද්‍යාත්මකව, මොළයේ ක්‍රියාකාරීත්‍වයක් නිසා ම ඇතිවන මනෝ විද්‍යාවේ “inner speech” ලෙස හැඳින්වෙන සාමාන්‍ය සංසිද්ධියක්. ලිපිය රසවත් වෙන්න ඒකට චරිතයක් ආරෝපණය කළා. (කියලා කියන්න ඕන. නැත්නම් බොලා මට පිස්සු කියලා හිතාවිනෙ. මට පිස්සු නෑ ඕයි! : පිස්සො කවද්ද පිස්සුය කිව්වෙ? ඌ අහනවා. 😀 )
අපි මොනවා හරි කියවනවා කියලා හිතමු. පොතක් හෝ ලිපියක් වගේ. ඒක හිතින් කියවද්දි අපේ කටහඬට සමාන හඬකින් ඒක අපිටම ඇහෙනවා. එහෙම නැත්නම් දන්න කියන කෙනෙක්ගේ උදෘත පාඨයක් (ලියුමක් වුණත්) ඒක ලියපු කෙනාගේ හඬින් ඇහෙනවා. පොරට එච්චර දස්සකමක් තියෙනවා හඬ මාරු කරන්න. මනසේ ගබඩා වුණු හඬක් නොඇසූ වචනයකට වුණත් ආරෝපණය කරලා ඇහෙන්නට සැලැස්වෙනවා. ඒ විතරක් නෙවෙයි, පරණ ගීත හෝ visual එකක් නොදැකපු ගීතවලට හිතින් visuals පෙනිලා නැද්ද? මං කතා කරපු බොහෝ දෙනෙක් ඒක නම් කිව්වා. එයාලා කැමති චරිත පදනම් වෙලා ගීතයේ අර්ථය අනුව ජවනිකාවන් මැවෙනවලු. පොත්වල එහෙම තියෙන කථා කියවද්දිත් ඒ දේ ම වෙනවා. කියවපු පොතක චිත්‍රපටිය බලද්දි හෝ කලින් කිව්වා වගේ ගීතයේ visual එක පහුවෙලා දකින්න ලැබුණාම ඒක එපා වෙනවා වගේ එහෙම නැත්නම් නොගැලපෙනවා වගේ හැඟීමක් දැනුනා නම් ඔබ තුළත් අනිවාර්යයෙන් මේකා ඉන්නවා.
තීරණයක් ගන්න වෙලාවකදි එහෙම වුණොත් මෙහෙම වෙයිද, එතකොට මොකද කරන්නෙ ආදි වශයෙන් තර්ක විතර්ක කරද්දි මේ උන්දැගෙන් ලැබෙන්නෙ පුදුම සහයෝගයක්. මොළයේ ඇතිවන තර්කනයන් හරියට වචනයට නගලා ඉදිරිපත් කෙරෙනවා වගේ. බැලුවද Inside Out (2015) චිත්‍රපටිය? ඉවසගෙන ඉන්න බැරි මම කැම් කොපියක් ම බැලුවා. ආයෙත් හොඳ එකක් බලන්න තරම්ම ආසා හිතුණා. මොකද මේකත් මනස හොඳින් නිරූපණය කරපු එකක්. අපට ඇතිවන හැඟීම්: සතුට, දුක, තරහ, බිය, ජුගුප්සාජනක බව මෙහි Joy, Sadness, Anger, Fear, Disgust ලෙස චරිත හතරකට යොදලා එයාලා පරිගණක dashboard එකකින් අපිව මෙහෙයවන බව පැහැදිලි කරනවා. මතක ගබඩා ආදිය, පොඩි කලේ අපි කැමති හැකියාවන්, රූපකායන් අනුව හිතේ මැවෙන ‘මවාගත් චරිත’ වගේ ම ආකල්ප හා සිහින පිළිබඳවත් රසවත් විධියට ඉදිරිපත් කර තිබෙනවා. වෙන වෙලාවට පිස්සු කෙළ කෙළ දැන් ඉතින් කියන්න එපා මේක විද්‍යාව සහ ධර්මය අනුව බැලුවාම විහිළුවක් කියලා. සමහරවිට ඒකත් ඔය ඔළුව ඇතුළෙ එකාගෙම අදහසක් වෙන්න පුළුවන් 😛
වැඩක් නැති වෙලාවට එක එක දේවල් දොඩව දොඩවා ඉන්න මේකා හිත එක්තැන් කරගන්න නම් දෙන එකක් නැහැ. මොකද එකකින් තව එකකට කතාව ඇදගෙන යන්න මාර දස්සයි. නිකනුත් නෙවෙයි, දෙබසක් විධියටම! මුකුත් ම නැත්නම් සින්දුවක් හරි මුමුණාවි. අපි වැඩිය අහලා නැති අහම්බෙන් ඇහුණු සින්දුවක් දවස් ගණන් හිසේ රැඳිලා නැද්ද? අන්තිමට ඒක කෙළවර වෙන්නෙ වැඩ අස්සෙ වුණත් මුමුණමින් ඉඳීමෙන් හෝ උරුවන් බෑමකින්. සමහර අප්‍රිය බස් සින්දු වුණත් සමහර වෙලාවට මෙහෙම වුණාම වධයක් වගේ ම අපි ගැනම ලැජ්ජයි මේ මොනවා කියවනවද කියලා.
හැබැයි ඉතින් ඔහොම එකෙක් හිටියාට ඌට ඕනෑ ඕනෑ හැටියට නටන්න දුන්නොත් මේක කොරන්නට බැරි ය. ඒ හින්දා ඒකාව පාලනය කරගන්න ඕන. ඔය සමහර චිත්‍රවල හදවත හා මොළය අතර ඇති ගැටීමෙන් පෙන්වන්නෙත් මේ මම කියන දේම ද කියන්න දන්නෙ නැහැ. කොහොමහරි නූතන විද්‍යාවේ මොළය හෝ ධර්මයේ කියැවෙන සිත හෙන පිස්සුවක් නටනවා කියලා බඩු ෂුවර්. අර වළහා වගේ කොඳුරන්නැතුව ඔන්න මම බ්ලොග් පෝස්ට් එකකින් ම කියන්නෙ, ඔය මිතුරා එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න කියලා. ඌ හින්දා වැරදුණු වෙලාවක් මතක් වෙන්නෙ නම් නෑ, හැබැයි එහෙමයි කියලා අතාරින්නත් බෑ. 😉
ඉතින් ඔහෙටත් මේ ගැන අත්දැකීම් තියෙනවද?
2 replies on “මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා”
// සමහර අප්‍රිය බස් සින්දු වුණත් සමහර වෙලාවට මෙහෙම වුණාම වධයක් වගේ ම අපි ගැනම ලැජ්ජයි මේ මොනවා කියවනවද කියලා. //
හපෝයි බං මටත් හොඳටෝම අත්දැකීම් තියෙනවා. දවසක් ගාණක් හද හද ඉඳිද්දි මට එකපාට්ටම ජස්ටින් බීබර්ගෙ ‘බේබි’ සින්දුව කියවෙන්න ගත්තනෙ! මම ඒ $^%#&@ තමයි මෙච්චර වෙලා කිය කිය හිටියෙ කියල මීටර් වුණෙත් වටේ පිටේ හිටපු උන්ගෙ මුණවල් දැක්කම 😀 එවෙලෙ පිටි අල්ලෙන් කට හොඳටම පිහිදාලා පස්සෙ වොෂ්රූම් එකෙන් අතත් හොදගත්තා.
ඇතුලෙ ඉන්න *කා දීල තියෙන වධ නං කියලා නිමක් නෑ ?
අයියෝ සල්ලි 😀