හාස්‍යජනක මාර්ග සංඥා

මේ දවස්වල කැල්තුමා ඩ්‍රැයිවිං ලැයිසොම ගන්න පාඩම් කරනවා. ඉතින් ඒ අතරේ ඔළුවට ආපු බහුබූත සංඥා අර්ථ දැක්වීම් ටිකක් බ්ලොගේට දාන්න හිතුවා. බලන්න ඔබටත් මෙහෙම හිතිලා තියෙනවාද කියලා?

වාහනය නයිට් රයිඩර් එකේ වගේ උඩින් පැන්නවිය හැකි ස්ථානය ඉදිරියෙනි.

 

නැවතී වළක් කැපිය යුතු ස්ථානය ඉදිරියෙනි.

 

වාහනය වතුරට දමා ගත හැකි ස්ථානය ඉදිරියෙනි.

 

හරකෙක් වගේ පාරේ යා හැකි ස්ථානය ඉදිරියෙනි.

 

වම් පැත්තෙන් කුඤ්ඤයක් ගැසූ රොකට් ඉහළ නංවන ස්ථානය ඉදිරියෙනි.

 

අාපු අතක් බලාගෙන හැරී යන ස්ථානය ඉදිරියෙනි.

 

වාහනයෙන් උඩට නැග පියාසර කිරීම තහනම්

 

රිය පදවන අතරතුර ට්‍රම්පට් ගැහීම තහනම්

 

Upload කිරීම තහනම්

Download කිරීම තහනම්

 

තහනම් කුමක්දැයි සඳහන් කිරීමට අමතකවූ සංඥාව

 

පොලිස් නිලධාරියෙක් මෙලෙස සිටී නම් වාහනය නවතා ගොස් ඔහුට පහක් දැමිය යුතුයි.

ඔබට ප්‍රශ්නයක්:

Comment එකකින් කියලා දෙන්න කොහොමද ඉදිරියෙන් වාහනේක රෝද දෙක  මෙහෙම පටලවාගෙන යන්නේ කියලා?

Comments

6 responses to “හාස්‍යජනක මාර්ග සංඥා”

  1. budhajeewa Avatar

    අන්තිම එකෙන් කියන්නේ “අනිවාර්ය තැබෑරුම ඉදිරියෙනි” කියලා.

      1. budhajeewa Avatar

        අපි කවද්ද බොරු කිවුවේ. 😀

  2. Navindya Dissanayaka Avatar
    Navindya Dissanayaka

    අන්තිම එක ඔබේග car එකෙන් bike පුහුණුව ලබා ගැනීමට ඇති ස්ථානය ඉදිරියෙන්….
    (8 ගහලා)

    1. Thambaru Wijesekara Avatar

      අම්මෝ ඒක 😂

    2. Nishan Avatar
      Nishan

      +1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page