Sri Lanka, like all other participating countries, has also shown its passion for the most astonishing Cricket World Cup 2015. The fans are once again raising their hopes to greet the World Cup trophy in their country with exotic preparations to cheer for their home team. Recently, a national anthem for the Sri Lanka World Cup Cricket 2015 is being launched by Dialog Axiata, a local telecom service provider. The song named “Sri Lanka Api Thamai” which means ‘We are Sri Lanka’ truly depicts the emotions and feelings of the Sri Lankan fans for their team. The song is an effort by Dialog Axiata to express the hopes and best wishes of millions of Sri Lanka cricket fans. The song was performed live in front of the cricket team at a musical event by various artistes to ensure the team of the belief in their dedication and commitment to perform well in the game. (more…)
Author: thambaru
-
“We Are Sri Lanka”- The Sri Lankan World Cup 2015 Anthem
-
ඔබේ ම Chrome Extension එකක් හදාගන්නා හැටි
මේ වෙනකොට ලංකාවෙ බොහොම දෙනෙක් Android Apps හදන්න පෙළඹිලා තියෙන බව Play Store එකට ගියා ම පේනවා. ඕන එකයි එපා එකයි ඇති එකයි නැති එකයි අනේ ඉතින් මොකට කියනවද! කෝමහරි ඒකට සමාව දීලා Browser Extension හදන්නත් අපේ අය පොළඹවා ගත්තොත් හොඳයි කියලා හිතුනා. ළඟදි අපේ ඔපීසියට ආපු Project එකක අනු-කොටසක් විධියට Chrome Extension එකක් හදන්න තිබුණා. ඒකටත් එක්ක ම ඉතින් සිකුරාදා නිවාඩුත් තිබුණ එකේ මගේ පර්යේෂණාගාරෙට දාගෙන වැඩේ අධ්‍යයනේ කරා. ඒකෙන් තමයි මාත් වැඩේට බැස්සෙ. (more…)
-
TweetupSL 5 වෙත ගියෙමි
TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ. 😛 ඒත් කෙටියෙන් කිව්වොත් “ඒක එහෙම වචන දෙක තුනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවා“. ඒ හින්දා පූර්විකාව සපයන්න නම් මෙතන ලැහැස්තියක් නෑ මොකද ට්විටර් සැට් එකේ උන් වෙනුවෙන් ඊළඟ පිටුව වෙච්ච පිදුම ලියන්න තියෙන නිසා. ඔන්න ඉතින්
(more…) -
නියරෙහි දිවූ නූතන යුවතිය
මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට (more…) -
සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න
ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. 😛 ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.
-
බෞද්ධ අපේ හිමිවරු නිවැරදි ද?
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඕන්න මං මේ පාරත් අවුරුදු තෑග්ගක් අරං ආවා. 🙂 හැබැයි මාර්තුකාව ඇහුවාමත් නිකං ඇඟ හිරිවැටෙනවා වගේ නේද? මං දැන් “cool down” කිවුවොත් ඔබ මාව down කරනවා ෂුවර්. 😀 දැන් මෙතෙන්දි එකෙන් ම මතක් වෙන්නෙ මේ ටිකනෙ: “බොදු බල සේනා, සිංහල රාවය, ගිනි තබා ගැනීම්, ගවයන් මැරීම වළකමු, ගවමස් නොකමු, දේශපාලනය හාමුදුරුවන්ට කැපද?” මගේ ටිකිරි මොළේට තේරෙන විදියට මේවා ගැන පොඩි සටහනක් දාන්න හිතුවා. හැමදාම කියන්න වගේ අඩුපාඩු, යෝජනා, චෝදනා, සාකච්ඡා, ඔබේ මතයට ඕනැවටත් වඩා මෙතන ඉඩ තියෙනවා. හිත ඇත්නම් මොකද්ද කුඩා ද කියනවනෙ? 😉
(more…) -
අප්‍රේල් බුද්ධිමතා
මෝඩයාගේ දිනය, එහෙම නැත්නම් අප්‍රේල් පළවෙනිදා කියන්නෙ කටමැදගෙන ඉන්න දවසක්නෙ. ඕක අපිට ආවෙ සුද්දාට කැලැන්ඩරයක් තෝරගන්න ගියපු එකෙන් බව හැමෝම දන්නවා. ඒකත් ඔය වැලැංටයිං වගේ සමයමක් තමයි. කෝකනමුත් ගෙයින් එළියෙ දොට්ට-පිළට ගිය අපිට ගේ ඇතුලෙම කැත කරගන්න උගන්නපු සුද්දාට මගේ ගෞරවණීය මෙව්වා එක!
(more…) -
විජේ මනාපෙ දෙයි!
අනේ අෆ්ෆේ මයෙ මනාපෙ ඉතිං කාට දෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ 😀 මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) ඒක කිව්වා ම ය මතක් උනේ. ඒ කාලේ අපි 8-9 විතර දිග කලිසං ගහපු අයියලා දිහෑ බලන් හිතනවා “ෂහ්! එයාලා තමයි සේරම රන් කරන්නෙ. කෙල්ලොත් ඉන්නවලු. අපි තමයි ඉතිං ඊළඟට අයියලා වෙන්නෙ. බලමුකො අපේ වැඩ…” 😛 ඒ වුනාට ඉස්කෝලෙන් out වෙලාත් තාම අපි පොඩි එවුන් වගේ. සුරා සූදුවෙන් තොර, පොත මූණෙ ඔබාගත්ත ගමන්ම යි. (මූණු පොත නෙවෙයි. එහෙම කිව්වත් වරදකුත් නෑහ් 😉 )
-
ඡන්දෙ කාලේ – පුංචි කාලේ
අපි මොන්ටිසෝරි හෝ 1, 2 වසරෙදි විතර.. ඒ කියන්නෙ 1999-2001 අතර වගේ. ඒ කාලෙ ඡන්දයක් තිබුණානෙ. මට මතක හැටියට මේ පාර වගේ ම පළාත් සභා ඡන්දයක්. වැඩිහිටියන්ගෙන්, TV එකෙන්, මග තොටේ පෝස්ටර් ආදිය දැකලා දැකලා ම ඒ කාලෙ ඇස් නිලංකාර වෙලා තිබුණෙ. දැන් වගේ ඔය නීති තිබුණේ නෑනෙ. බලන බලන තැන නිල්, කොළ, රතු කොඩි, පෝස්ටර්, රැළි වැහි වැහැලා. වැස්සක් වැස්සත් ඔයින් පාටකින් තමයි වැස්සෙ. 😛 (more…)