Categories
Web Sites

සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න

ලැපෙන් කේත කාව්‍ය අනන්ත ලිව්වට, ආදරේ වැඩිකොමට මං වැඩිය ඕක දාගෙන ඉන්න ආසාවක් නෑ. ඒකටත් නිවාඩුවක් එපැයි. මට කවි නොලියත් බෑ, අළුත් දේවල් අත්හදා බලන්නත් ඕන. ඒත් ඉතින් ගෙදර සුපර් කම්පූටරේට ජාලබෝංචියි, ක්සෑම්ප්නුයි දාලා වඩාත් සුපර් වුණොත් මේ පෝස්ට් එකේ ඉතිරි ටික අපේ නංගිගෙන් තමයි ඔහෙලට අහගන්න වෙන්නෙ. 😛 ඒ හින්දා මට ඕනැ උනා Online Code ලියන්න, compile කරන් පුළුවන් ‘රැවුල සහ කැඳ’ ක්‍රමයක්.

Advertisement

මුලින් ම නෙට් ගියපු දවස්වල (හය වසරෙදි විතර) හෙන උනන්දුවක් තිබුණා කොහොමද මේ වෙබ් සයිට් වැඩ කරන්නෙ, මම කොහොමද එකක් හදන්නෙ කියලා. ඒ වෙනකොට Host කරන්නෙ කොහොමද, අඩුගාණෙ Domain කියන්නෙ මොකද්ද Host කියන්නෙ මොකද්ද, කියලාවත් තේරුමක් තිබුණෙ නෑ. ඇත්තට ම මම හිතං හිටියෙ මැසිමෙ තිබුණාම සේර ම හරිය කියලා 😛 ඒක Off කරාම කොහොමද අනිත් අයට පේන්නෙ කියලාවත් ඔන්න මොළේ කළඳක් තිබුණෙ නෑ අසරණ මං සූටිබබාට. හැබැයි FrontPage පාවිච්චි කරලා පට්ටම පට්ට, හරියට ම කිව්වොත් මෙලෝ රහක් නැති pages හැදුවා. Forms දානවා, textbox, submit button පුරවනවා, හැබැයි Data Handle කරන්නෙ කියලාවත් කිසිම අදහසක් තිබුණෙ නෑ. FrontPage වල තිබුණු ලොකුම මැජික් එක තමයි, මම ඒවා add/resize කරනකොට code එක ඉබේ ම ලියවෙන එක. 😀 ඊට පස්ස‍ෙ ටික ටික ඒ ආසාව නැතිවෙලා 8-9 පන්තිවලදි Visual Basic වලින් වැඩදාපු එක තමයි කරේ. .NET එහෙන් මෙහෙන් කළාට කොහොමහරි ඒකෙන් ලොකු දෙයක් කරගන්න බැරිවුණා, අනික O/Lවලට ඒක ඕන නෑ කියලා ගුරුතුමෙක් දාපු ෂේප්න්‍යායකට අහුවෙලා VB වලින් ගමන කෙළවර කළා.

ආයිත් 10-11වසරෙදි තමයි Web පැත්තට ආසාව ආවෙ. IT අච්චු පොත් හිඟයක් තිබුණා ඒ දවස්වල. ඒ හින්දා පොත තිබුණ උන්ගෙන් වැඳලා ඉල්ලන් ඇවිත් 11 පොතේ අන්තිම හරියෙ තිබුණ codes අත්හදා බලනවා. ඔය කාලෙදි මට තිබුණ විසා….ල ම කේතකරණ tool එක තමයි Notepad එක. ඒ අතරෙ උබුන්ටු එහෙමත් පාවිච්චි කළ නිසා Gedit එකට මගේ හිත ඇදී..ලා ගියා. ඒ Notepadපුස්පුස් (Notepad++)වල වගේ ම අවශ්‍ය භාෂාව තෝරලා දෙන්නත්, ඉබේ ම select වෙන්නත් හැකියාව ඒකට තියෙන නිසා. මුල් දවස්වල ඉතින් <html><head><body> ඉඳලා මතකයෙන් </html> දක්වා කවියක් ලියාගෙන එන එක තමයි හපන්කම! 😀

Notepad++, Sublime Text වගේ නැණවත් Text Editor වගේ ම Eclipse, NetBeans වගේ IDE නිසා codes ලියන එක දැන් හරිම තාලුජ! (සිංහලෙන් කිව්වොත් හරිම සිම්පල් 😉 ) මොකද Software හෝ Web වලට සීමා නොවී ඕනෑම කේතකරණ භාෂාවකට සප්එක දෙන සොෆ්ට්වෑර් එකක් ගැන ඉතින් කියන්න වචන නැති තරම්. Pascal/VB වගේ ඒ එ් භාෂාවට ම සීමාවුණ සීයක් විතර program දාගන්නවට වඩා එහෙම නැත්නම් Dreamviewer වගේ අනංමනං බර වැඩකෑලි වලට සීමානොවී ඕන බාසාවක් එකතැන තියෙන එක ලොකු හයියක්නෙ! හැබැයි ඉතින් ඔය Multiple Language IDE ආවෙ බොහොම මෑතක කියලත් මතක් කරන්න ඕන.

IDE කියන්නෙ Integrated Development Environment කියන වචන තුනේ මුල් අකුරු තුනනෙ. සංකලිත විකාශන පරිසරය කියලා අමුවෙන් තෝරාබේරාගත්තෑකි. මූලික විදියට බැලුවොත් Windowsවල Command Prompt එක, Linuxවල Terminal එක එහෙම තමයි සරල ම IDE එක. මුලින් ම Dartmouth BASIC කියන භාෂාවලු IDE එකකින් පාවිච්චි කරන්න පුළුවන් උනේ, ඒ කිව්වෙත් command-based විදියටම තමයි. Plugins එහෙම මුලින් ම ඇවිත් තියෙන්නෙ Softbench එක්ක.

කතාව පැත්තක තියලා වටපිටාව ගැන කිව්වෙ, හැම පෝස්ට් එක ම කියවන; කියවීමේ පිපාසය තියෙන මම ගෞරව කරන අය55ට ටිකක් පැහැදිලි වෙන්නත් එක්ක. දැන් කියන්නං මට හම්බවුණ බඩුකෑල්ල ගැන. අන්න හරි, ඊළඟ කෑල්ල තවත් රසවත්! 😉

ඔන්න මේ මෙව්වා එකේ (දැන්ම නම කියනු නොලැබේ) සපෝට් කරන කේත භාෂා ලැයිස්තුව ඉස්සෙල්ලා ම දාලා ඉන්නම්:

  1. Ada (Gnat)
  2. Algol-68
  3. Assembly පරණ හොඳ භාෂාවක්, ට්‍රයි එකක් දාන්න වටිනවා.
  4. Awk
  5. Bash
  6. Shell Basic
  7. Befunge
  8. Brainfuck (මගේ බොගේ කැත නෑ කියලා දන්නවනෙ, මේ බාසාවෙ නම ඒක තමයි ඔව් 🙂 )
  9. C
  10. C99
  11. Strict
  12. COBOL
  13. C++
  14. C++11
  15. C++0x
  16. C#
  17. Clojure
  18. Dart
  19. D Language
  20. Embedded C
  21. Erlang
  22. F#
  23. Factor
  24. Falcon
  25. Fantom
  26. Forth
  27. Fortran-95 මේ ගොයියා ගැනත් අහලා ඇති
  28. Go
  29. Groovy
  30. Haskell
  31. ICON
  32. Intercal
  33. Java
  34. LISP
  35. Lua
  36. Malbolge
  37. MATLAB/Octave
  38. Mozart-OZ
  39. Nimrod
  40. Node.js
  41. Objective-C
  42. OCaml
  43. PARI/GP
  44. Pascal
  45. Pawn
  46. Perl
  47. PHP
  48. Pike
  49. Prolog
  50. Python – A/L ICT කරන අයට ගොඩක් වටීවි
  51. Python-3
  52. REXX
  53. R Programming
  54. Ruby
  55. Rust
  56. Scala
  57. Scheme
  58. Simula
  59. Smalltalk
  60. SQLite
  61. SQL
  62. Tcl
  63. Unix
  64. Shell
  65. Unlambda
  66. VB.Net
  67. Verilog
  68. Whitespace
  69. LOLCODE
  70. Julia
  71. ScriptBasic
  72. BaCon
  73. ilasm
  74. QuickBasic
  75. SML/NJ

ගොඩක් ඒවා මම නම් ජීවිතේට අහලාවත් නෑ, ඒත් පුරසාරම කියන්නත් එපැයි සියඹලා ගෙනාපු බවවත් තේරෙන්න. 😛

ඉතින් ඔය ටික විතරක් නෙවෙයි මේකෙ BootStrap වගේ ම AngularJS, jQuery වගේ JavaScript Frameworks වලටත්, LaTex වගේ Text formatting වලටත් සප්එක දෙනවා. මසුරංනෙ ඉතින්! නැද්ද? 😀 අවශ්‍ය භාෂාවක් තෝරගෙන වැඩේට බහින්න පුළුවන්. වම්පැත්තෙ Code එක ලියලා, CTRL+E ගහලා Run කරන්න පුළුවන්. එතකොට දකුණු පැත්තෙ ප්‍රතිඵලය පෙන්නවා. Runtime errorsනුත් පෙන්නනවා. අනික මං පටන්ගනිද්දි නූතන IDEs ගැන කියලාම පටන්ගත්තෙ මේකත් සාමාන්‍ය Text Editor එකක් වගේ නෙවෙයි, විවෘත-වරහන ගැහුවාම වැසුම්-වරහන ඉබේම, Quotes (” “) ආදියට හොඳට සපෝට් කරනවා. කෝඩ් එක ලියන අතරෙත් අංකිත තීරුවෙ වැරදි පෙන්නවා. වැඩටික ඉවරවෙලා අවශ්‍යනම් files ටික download කරගන්නත් පුළුවන්.
වැඩිය අගේ නොකර සයිට් එක කියන්නම්කො:

http://compileonline.com/

මං වැඩිපුර පාවිච්චි කළේ PHP. මේකෙ Multiple Files check කළාම Classes එහෙම වෙන ෆයිල්ස්වල දාලා ලස්සනට OOP එහෙම කරගන්න පුළුවන්. දැනට 5.4 වෙළුම තමයි තියෙන්නෙ.

තව අපිට අවශ්‍ය පරිගණක කේතකරණ භාෂා තියෙනවානම් Home Page එකේ යට ම suggest කරන්නත් පුළුවන්. කරලා බලලා එහෙනං අපිටත් කියමු බලන්න සංතෝසෙ? 🙂

5 replies on “සබැඳිව ජාලබෝංචි (Netbeans)වල පරිදිම කේත ලියන්න”

ආධුනිකයකුට තෝරගන්න හැකි විදිහට ලියන්න ඔබ බොහාම දක්ෂයි. ඒත් අනිතිම හරිය ටිකක් සංකීර්ණ උනාද කියල මට හිතෙන්නෙ ආධුනික බව නිසාම වෙන්න ඇති නේද තඹරු

ඕක code කරන කෙනෙක් විතරනෙ පාවිච්චි කරන්නෙ, ඉතින් වැඩිය විස්තර කරන්න ඕන වෙන එකක් නෑ කියලා හිතුවා. ප්‍රශ්ණ තියෙන කෙනෙක් අහවි කියලත් බලාපොරොත්තු වෙනවා.
ඉතින් බොහොම ස්තූතියි නිතර මේ පැත්තෙ එනවට 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page