ඔපීසියෙන් හම්බුණ 14″ ලැප් එකට ඇබ්බැහි වෙලා පුංචි සයිස් එකක් ගන්න ආසාවක් ආවා. මගේ තිබ්බ Acer එකත් දැන් අවුරුදු 5ක් විතර පරණයි. අභාවයට යන ලකුණු පෙන්නන්න ගත්තා.
ඒ නිසා පොඩි එකක් බල බල ඉඳිද්දි තමා ඇපලයක රහ බලන්න හිතුණෙ. රහට වඩා පට්ට සුවඳයි. මොනා නැතත් අලුත් ටෙක් අයිතමේක සුවඳ බැලිල්ල කාලෙකින් වින්දා.
මං ගත්තෙ Macbook Air M4 (2025) 16GB RAM, 256GB storage තියෙන base මොඩල් එක. අලුත් කඩේකිං කොත්තුවක් ටෙස්ට් කරද්දිත් මුලින් අරං බලන්නෙ නෝමල් සයිස් එකක් නෙව.
(more…)
අනේ අෆ්ෆේ මයෙ මනාපෙ ඉතිං කාට දෙන්නෙයි.. (එන )ඡන්දෙට මං ඉල්ලන්න හිතාන උන්නට දැන්නං මට එක මනාපයක්වත් ෂුවර් නෑ. මෙහෙමයි ඉතිං.. දැන් ඉස්සර වගේ නෙවෙයි නෙවැ 😀 මා මහළු වයසේ… බැරිය එව්වා පෙර සේ. (කිව්වට පාසල් කාලේ කොරපු මගුලක් ද නැත) ඒක කිව්වා ම ය මතක් උනේ. ඒ කාලේ අපි 8-9 විතර දිග කලිසං ගහපු අයියලා දිහෑ බලන් හිතනවා “ෂහ්! එයාලා තමයි සේරම රන් කරන්නෙ. කෙල්ලොත් ඉන්නවලු. අපි තමයි ඉතිං ඊළඟට අයියලා වෙන්නෙ. බලමුකො අපේ වැඩ…” 😛 ඒ වුනාට ඉස්කෝලෙන් out වෙලාත් තාම අපි පොඩි එවුන් වගේ. සුරා සූදුවෙන් තොර, පොත මූණෙ ඔබාගත්ත ගමන්ම යි. (මූණු පොත නෙවෙයි. එහෙම කිව්වත් වරදකුත් නෑහ් 😉 )
අපි මොන්ටිසෝරි හෝ 1, 2 වසරෙදි විතර.. ඒ කියන්නෙ 1999-2001 අතර වගේ. ඒ කාලෙ ඡන්දයක් තිබුණානෙ. මට මතක හැටියට මේ පාර වගේ ම පළාත් සභා ඡන්දයක්. වැඩිහිටියන්ගෙන්, TV එකෙන්, මග තොටේ පෝස්ටර් ආදිය දැකලා දැකලා ම ඒ කාලෙ ඇස් නිලංකාර වෙලා තිබුණෙ. දැන් වගේ ඔය නීති තිබුණේ නෑනෙ. බලන බලන තැන නිල්, කොළ, රතු කොඩි, පෝස්ටර්, රැළි වැහි වැහැලා. වැස්සක් වැස්සත් ඔයින් පාටකින් තමයි වැස්සෙ. 😛
“බස්වල ගියපු අපිට ටිකට් කඩාපාන්න එපා“ යැයි කීවත් හැමදේම දිහා අසංතතිකව බලන්නෙයි කියලා කවුද කටකහනවට කියලා තියෙනවා නෙව. 🙂 ඒ හින්දා මේ ගැන ලියන්න හිතුවෙ බස්වල යනඑක ලැජ්ජාවක්ය කියන උන්දැලාට ඒකෙ අගේ පෙන්නන්නත් එක්කමයි. ලියන්න ඕනෑ කියලා අදහස ආවෙත් බස් එකේ ඉඳිද්දිමයි. 😛
අගෝස්තුව ද අහවර ය. දැන් ය ජීවිතය පටන් ගන්නේ. ආතල් අහවරය. දැන් ය වගකීම් පටන් ගන්නේ. බලහල්ලාකො මේ මාසෙකට කරන්න පුළුවන් දෙයක් නේදැ? 😛 මොනවා කරන්නද.. හැමෝම මූණදෙනවනේ කියලා හිතහදාගන්න ට්‍රයි එකක් දැම්මත් සංසන්දනය කියන එක මොකක් හරි කරුමෙකට uninstall වෙලා ගොඩක් කල්. ඉතිං මටද මා නැතිඋණා? සත්තයි, එකසැරේම 😮 පාසලට මොන්ටිසෝරි කාලෙදි මැරීගෙන ලව් කරාට.. වැඩේට බැස්සම, ඉවර වෙනකං අඬාඬ හිටියා. ඔන්න දැන් ආයෙත් ස්කූල්සික් හැදිලා. කරන්නට දෙයක් නැත. සික් නෙහ්? 🙁
මේ වෙලාවට වැඩ වරන්ට ඕනැ උනත් මැසිම නොදා හිටියොත් මා මරන්ට වන්නේ ය! විභාග වැඩ නිසා බ්ලොග් පෝස්ට් එකකට හිත හදාගන්න බැරිවුනා මාස ගානකින් ම. ඔන්න මේ වෙලාව අල්ලගත්තා නිදහසේම. “යෝහෝ! මේ පුණ්‍ය කාලයයි….“ 😀 කියලා පන්සල පැත්තට පා නග්ගනට ද මට ඇත්තේ පට්ට කම්මැලිකමෙකි. :-/
වළාබර අමාවක