ගන්‍ධබ්බයා

ඒ ලැවලෙත් ඉවරවෙලා ඔන්න මං සුපුරුදු නිදහස් කල්පනාවට වැටුණා ම නිසඳැසකට බහින්න හිතුණා. කලින් ලියපු අපබ්‍රංස ලිපිවලින් පොඩ්ඩක් මිදිලා මක්කද මේ වෙන්නෙ කියලා වටපිට බැලුවා. 😉 ඔන්න එතකොට මට ඒක මෙහෙම ලියන්න හිතුණාලු:

පාවෙයි ඝනවළා, කඳුරැල්
බොඳව නොපෙ-නෙත්
අතරින් හේ සොයමින්
සාර්ථකත්වය..

සිටිය යුතු නැත එය
සොයා එනතෙක්,
යා යුතුය!
කිනම් මඟක?

අතදරා
අනාගත පහන්සිළු
නිවෙතැයි,
මහත් බියෙකින්
වසාලන්නට වෑයම් කරයි
දෝතින්, අහිංසකයා!

අනාථයෙකි! ජෛවයේ නොව,
ආර්ථිකයේ..
යනඑන මඟක් නොමැති
කිසිවකුත් හදානොවඩන

සහායට ස්ත්‍රියක්?
නැත! හේ අවංකය..
බැරෑරුම් ය, තවත් දිවියක්
අතරමං නොකරන්නට.
පාවාදී ඇත, හැඟුම්
වෙනකිම කරන්නට?

දෙදණ හිරියෙන්
යුතුකම්, වගකීම්
කණහරහා දැවැන්තව!
කාලකණ්නියා නිසල කළේය.

කළ යුත්තේ කුමක් ද?
කෙසේ අනාගතය දීප්තිමත් වෙයි ද?
හේ තවමත් සොයයි..
උභතෝකෝටිකව!

Comments

One response to “ගන්‍ධබ්බයා”

  1. nipuna Sudharaka Avatar
    nipuna Sudharaka

    :O

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page