Categories
Softwares

Windows 7 සිංහලෙන්

Windows 7 සඳහා වූ සිංහල අතුරු මුහුණත් වෙළුම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කොට ඇත.
පද්ධති අවශ්‍යතා
* Microsoft Windows 7
* Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
* 4.63 Mb ඉඩක් බෑමට
* 15 Mb ඉඩක් සිටුවීමට

Advertisement

බාගැනීම සඳහා පහත සබැඳි බලන්න.

බිටු 32 මෙහෙයුම් පඬතිය සඳහා:
LIP_si-LK-x86.msi බාගන්න

බිටු 64 මෙහෙයුම් පඬතිය සඳහා:
LIP_si-LK-x64.msi බාගන්න

උපදෙස්
අවවාදය: ඔබ BitLocker ගුප්ත කේතනය සක්‍රිය කොට ඇත්නම් LIP ස්ථාපනය කිරීමට පෙර එය අත්හිටුවන්න. Control Panel විවෘත කර, System and Security තෝරා, පසු ව BitLocker Drive Encryption තෝරන්න. Suspend Protection ක්ලික් කරන්න.

Windows 7 හි බිටු-32 සහ බිටු-64 අනුවාද සඳහා වෙන්වු බා ගැනීම් ඇති නිසා බාගත කිරීමට පෙර ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 හි කවර අනුවාදය දැයි තහවුරු කර ගත යුතු ය. ඔබ ස්ථාපනය කර ඇත්තේ Windows 7 කවර සංස්කරණයක් දැයි තහවුරු කර ගන්නේ මෙසේ ය.

Start බොත්තම ක්ලික් කර අනතුරු ව පරිගණකය මත දකුණු-ක්ලික් කර Properties තෝරන්න. ඔබේ පරිගණකය පිළිබඳ මූලික තොරතුරු මෙහි අවධානයට ලක් වනු ඇත.
පද්ධති මාදිලිය සඳහා පද්ධති අංශය බලන්න. ඔබගේ Windows 7 මෙහෙයුම් පද්ධතිය, බිටු-32 මෙහෙයුම් පද්ධතියක් ද නැතහොත් බිටු-64 මෙහෙයුම් පද්ධතියක් ද යන්න මෙමගින් පෙන්නුම් කරනු ඇත.

1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න, නැතහොත් පතන ලැයිස්තුවෙන් වෙනස් භාෂාවක් තෝරා Go ක්ලික් කරන්න.
2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න:
* ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න නැතහොත් Run this program from its current location.
* පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න.

!!! ස්ථාපනයෙන් පසු මේ ලිපියත් බලන්න – Windows 7 සිංහල අනුවාදයේ අකුරු අභිරුචි !!!

5 replies on “Windows 7 සිංහලෙන්”

මේකට තැන්කූ…..වින් 7 සිංහල ආපු බව දැනන් හිටියත්..බාන්න විඩියක් තිබුනෙ නැ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page