රටින් රටට දිනෙන් දිනට Google Doodle

ගූගල් සෙවුම් යන්ත්‍රයේ ලෝගෝ වෙනස් කිරීම් ගැන හැමෝ ම දන්නවනෙ. සාමාන්‍යයෙන් ලෝක පූජිතයෙක්ගෙ උපන්දිනේකට හෝ වැදගත් සිදුවීමක් අලලා ගූගල් වෙනස් වෙනවානෙ. Youtubeනුත් එහෙමයි. හැබැයි සමහර වෙනස්කිරීම් රටින් රටටත් වෙනස් වෙනවා. ඉතින් ඒවා google.lk වලට යන අපිට පේන්නෙ නැහැනෙ. අනික නෙට් යන්න බැරිවුණොත් වෙනස්කිරීම් දකින්න වෙන්නෙත් නැහැනෙ.

ඒ වගේ ම ගූගල් අපේ උපන්දිනවලටත් වෙනස් කරනවා. ඒ කිව්වෙ උපන්දිනේ දවසෙ Gmail logවෙලා ඉන්න වෙලාවක google වෙත ගියා ම මේ වගේ රූපයක් පෙන්වනවා, අපිට විතරක්.

Google කාර්ය මණ්ඩලය ඉතා ම ආකර්ෂණීය මෙන් ම නිර්මාණශීලී logos නිර්මාණය කරනවා. සමහරක් animated සහ interactive ඒවා. ඉතින් මෙහෙම දෙයක් අතෑරුනොත් අපරාදෙනෙ. ඔක්කොට ම වැඩිය අපේ රටට නොපෙනෙන ඒවා බලාගන්න එක වඩාත් ම වටිනවා. මේකත් අහම්බයෙන් හමුවුණ එකක්.

2000දි Google අළුත් අවුරුද්ද සැමරූ හැටි:

ඇල්බට් අයින්ස්ටයින්ගෙ උපන්දිනයට 2003 දී:

(E=mc2 ලස්සනට අරගෙන තියෙනවා!)

මෙන්න මේ ලින්ක් එකට ගියා ම දැනට හැම රටක ම වෙනස් කළ හැම ලෝගෝ එකක් ම දිනයත්, විශේෂ සිද්ධියත් රටත් එක්ක ම පෙළගස්වලා තියෙනවා.

ගිහිල්ලා ම බලන්නකො: http://www.google.lk/logos/

 

 

 

Comments

One response to “රටින් රටට දිනෙන් දිනට Google Doodle”

  1. elec Avatar

    මාර ලස්සන logo ටික. ඇත්තටම ලස්සන වැඩක් , තැන්ක්ස් ඉතින් share කලාට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page