Christmas is a very joyful holiday which is celebrated all over the world. Families and friends gather together and celebrate this festival. It is all about good food, wonderful decorations, gifts and what not. Planning for Christmas can be a little over-whelming. There is so much to do in such little time. If you want to have the best Christmas this year keeping stress aside. (more…)
Author: thambaru
-
Top 5 Must Know Christmas Hacks
-
පිටත සිට බැලීම
යමෙක් යමක් කරන්නේ තමාගේ මතයෙහි පිහිටා ය. කරන දේ හැමවිටම වෙනස් කරන ලද චිත්තයකින් යුතුවමුත් තමා විසින් ම කරනු ලබයි. එමනිසා තමා කරන දේහි වැරැද්දක්, කරන මොහොතේ කිසිසේත් පෙනෙන්නේ නැත. ඒ මොහොතේ එලෙස පෙනුනොත් එය නොකරන ලද ක්‍රියාවෙකි. තමන්ගේ වැරදි තමාට නොපෙනෙන්නේ යැයි කීම ජනවහරේ ද එන කියුමකි. අනුන්ගේ දේවල් නැතිව තමන්ගෙ වැඩක් බලා ගන්නැයි කීම ද එහි ව්‍යුත්පන්නයකි. මුහුණේ වැරදි කැඩපතින් පෙනෙනමුත් සිතේ වැරදි ඉන් පිළිඹිබු වන්නේ ආවේගයෙන් එහි බැලූමුත් පමණෙකි. ආවේගයෙන් කැඩපත දෙස බලන්නේ අතට හසුවූ කැඩපතක් බිම හෙලීමෙන් සුණු වූ කැඩපතම පමණි. (more…)
-
සොයන්නාට සම්භ නොවේ
අප හැමට නොලැබුණු යමක් වෙයි. මෙලොව එළිය දුටු දා සිට සොයන දේ වෙනස් වුවත් තවමත් අප කිසිවක් සොයමින් සිටියි. ඒ දේ ලැබුණොත් සියල්ලම කෙළවර වන බව සිතයි. එහෙයින් එය ලබාගන්නට ඕනෑ දෙයක් කරයි, එසේ වෙත්දැයි කල්තියා දැනගන්නට ඕනෑ දෙයක් කරයි. ඉන් වෙහෙසෙන ඇතැමෙක් වෙනත් දේකට පෙළඹෙද්දී අනිකුන් ඉන් මඳ වෙලාවක් ආත්ම වංචනයෙන් හතිලයි. වෙන දේකට පෙළඹෙන්නා පරාජිතයෙකු හෝ අසාර්ථකයෙකුයැයි ද අනෙකා නොනවතින්නා අප්‍රතිහත ධෛර්යයෙන් ද යුතුයැයි බලා සිටින්නෝ කියත්. එහෙත් සෙවූ දේ ලැබුණාදැයි තම තමන්ගෙන් අසා දැන ගත යුත්තකි. (more…)
-
මගේ හිතෙත්.. දොඩවන එකෙක් ඉන්නවා
මාර්තුකාව අනුව මොන පාට වෑන් එකක් එයිද කියන්න දන්නෑ, ඒත් මේක ඡන්ද සීන් එකක් නෙවෙයි. කොහොමහරි ඉතින්.. “කාලෙකින් බ්ලොගක් දැම්මෙ නෑ නේද?” කියලා එකෙක් ඇහුවාමයි මම බැලුවෙ මේ මොකාද කියලා. ඒකා ඇවිත් අමුතු ජාතියෙ එකෙක්. මගේ ඔළුව ඇතුලෙ ඉඳන් අරක මේක කරන්න කියලා කියනවා. හොඳයි ඔබට නැද්ද එහෙම මිතුරෙක්? වෙලාවකට නම් මහ වධයක්. මෑන්ස්ව හොයා ගත්තාම ඉතිං ගූගල් දෙයියන්ට බාර වෙන්නත් එපැයි. එතකොටයි දැක්කෙ තව කන්නලව්කාරයො ඉන්නවා කියලා. ඒ හින්දා ඌ කියන්න වගේ බ්ලොගක් දාන ගමන් ඒකා ගැනම ලියන්න හිතුවා. (more…)
-
විරුවන් වෙනුවෙන් #RanaViruMeetup
අපේ tweeps සැට් එකට මුණ නොගැහි ඉන්නම බෑ. එච්චරට බැඳියාව. ඒක නිකම්ම හායි-බායි කියන එකක් නෙවෙයි, හැම වතාවෙම අවශ්‍ය අයට අතහිත දෙන්න එක්කයි කරන්නෙ. මොකද TweetUpSL එකේ වුණත් එකතුවෙන මුදල් හොඳ දේකට හැම වතාවෙම යොදවනවා. ඔය අතරෙ අපේ ගිහාන්, අමිල, හිරාන් අයියලා ඇතුළු කීපදෙනෙක් කට්ටිය මුණගැහෙන ගමන් අපේ රණවිරුවන් බලන්නත්, ආධාර කරන්නත් #RanaViruMeetUp සංවිධානය කරලා තියෙනවා. (more…)
-
අඹර මේකුළුවේ රිදිය
කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්. (more…)
-
ගාල්ලට රේල්ලුවෙන් #GalleByRail
ගිය සැරේ TweetUpSL5 අහවර වෙලා මාස 5 – 6ක් යන්නත් කලින් අපේ Twitter සැට් එකට ආයිත් mini tweetup එකක් දාන්න හිතුණා. කලින් Grand සැරමොනිය කොළඹ උනාට මේක දාගත්තෙ බෙන්තර ගඟෙන් එහා, ගාල්ලෙ. අර කතාවටත් කියනවනෙ, බෙන්තර ගඟෙන් එහා පූසෙක්වත් විශ්වාස කරන්න එපා කියලා. ඒ හින්දා අපිව බලන්න එද්දි පරිස්සමෙන්. අපි නිකම්ම නෙවෙයි, උපාසක prefix එකක් තියෙන උන්. 😀 (කවුද කිව්වෙ කොළඹ උන් මීයො කියලා?) අකුරු 140කින් බෙදාගත් හිතවත්කම තවත් වැඩි වෙන්නත් එක්ක මේක සංවිධානය කෙරුණා. ඉස්සරහට KandyByRailනුත් සමහරවිට වෙයි. (more…)
-
Convert easily Oct & Hex to Bin yourself!
Recently I started learning for BCS cert level and I was supposed to learn converting octals and hexadecimals to binary again after O/Ls. By then I was seeking some easy way to do this up as I’m not good and tricky at maths as you guys do. 🙂 My attempt here is to help out someone who stuck or wanted to save more time on exams by stopping calculations over and over. So this will just need a kindergarten skill: of remembering/fixing patterns.
Hey kiddos! Stay calm and learn. (more…) -
සමනලයින් නැති සමනල සංධ්වනිය
එන හැම සිනමා පටයම සිනමා හලට ගොස් නැරඹීමට තරම් පරිචයක් මා සතුව නැත. ඒ හැරත් මේ චිත්‍රපටය තිරගත වන කාලයේ (2013) නිමාවක් නැති අන්තෝ ජටා විභාගයක මා වල්මත්ව සිටියෙක් මි. ඉදින් ගෙවුණු නව අවුරුදු සැමරුමෙහි අග ඵලයක් ලෙසින් මට සමනල සංධ්වනිය රූපවාහිනියෙන් දකින්නට හැකි වුණේය. එකල වූ සිය දහසක් කට කතාවන්ගෙන් හා විචාරයන්ගෙන් ඔද වැඩී සිටි මා මෙය බලන්නට හිඳ ගත්තේ ලොව සුරූපීම කාන්තාව මා ඉදිරියේ රැඟුම් පාන්නට ආ සෙයිනි. නමුත් ඇගේ ලේ මස මට පෙනෙන්නට ගත්තේ පිල් විදහා නටන්නට වූ කල්හි ය.
මෙලොව බොහෝ දේ බිහිවෙයි. ඒ කුමක් හෝ හේතුවක් මුල්වන නියායෙනි. හේතුව කිනම් රැඟුමක් පායි ද ඒ එලෙසින් ම ඵලය වෙයි. වරදක් කළොත් වග කියන්නෝ හේතුව ය. නිසි සේ කළොත් පැසසුම් ලබන්නෝ ඵලය ය. ඒ ලෝ දමේ සැටි ය. මේ ලොවට “ඇක්ෂන්” කී අධ්‍යක්ෂකවරයාගේ සැටිය.
(more…) -
ඒකත් මේකත් කෝකත් අපේ ය.
තමන්ගෙන්/ පවුල් සංස්ථාවෙන් පටන් ගත්තා ම ගම, පාසල, පළාත, රට ආදී ලෙස වගේ ම ජාතිය, ආගම වගේ සම්මුතීන් අනුවත් අපි “අපේ” කියනවනෙ. හැබැයි ඔන්න ‘අපේ ගම’ කිව්වා ම නම් මට මතක් වෙන්නෙ ‘අපේ’ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ වටිනා කියන පොතක්. කොහොමහරි ඉතින් වාද-භේද වෙන්න බොහොම දෙනෙක්ට මොකක්හරි හේතුවක් තියෙනවා. ඒවා ගැන ‘අපේ බ්ලොගේ’ පොඩි වචනයක් තියන්ට ඕනෑය හිතුනා.
(more…)