බුඬකාලීන වජ්ජි සමූහාණ්ඩුව ස්ථාවරව පැවැතියේ මෙම සප්ත අපරිහානීය ධර්මයන් අනුගමනය කළ හෙයිනි. ඒවා ඔවුනට හඳුන්‍වාදෙනු ලැබූයේ බුදුපියාණන් විසිනි. ධාර්මික රාජ්‍ය පාලනයකට මෙම සප්ත පරිහානීය ධර්ම පිටිවහලකි. එසේ ම වර්තමාන සමිති, සමාගම්, විනිශ්චය සමූයන් ආදියේ ද සාර්ථකත්‍වයන් උදෙසා මෙහි වන ඇතැම් කරුණු උපකාරී වනු ඇත. ඒ අපරිහානීය ධර්ම සප්තකය මෙසේ ය.
- නිතර නිතර රැස්වීම.
- සමගියෙන් රැස්ව සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම.
- නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකිරීම.
- වැඩිහිටියන්ට ගරු කිරීම.
- අවිවාහක කුල කුමරියන්ට ආරක්‍ෂාව සැලසීම.
- තම ජනපදයේ හා පිටත පූජනීය ස්ථානවලට ගරු කිරීම.
- තම ජනපදයට පැමිණෙන රහතන් වහන්සේලාට ආරක්‍ෂා, පහසුකම් සැලසීම
මෙම කරුණු හත රාජ්‍ය පාලකයා හෝ ආයතන ප්‍රධානීන් අනුගමනය කළේවී නම් එහිදී නීතිය, සාමය, සදාචාරාත්මක බව, සාධාරණත්‍වය හා ආගමික දියුණුව ද සැලැසෙනු ඇත. ඒ අනුව මෙය පාලන තන්ත්‍රයට එක් කැරැ ගැනීමෙන් දැහැමි පාලනයක් ගොඩනගාගත හැකි වේ. රටවැසියාට විශ්වාසනීයත්‍වය හා සාමය සපිරි රටක/ආයතනයක කටයතු කිරීමට හැකිවේ.