Category: Current Affairs

  • Monkeypox පැතිරීම නිසා ‍ගෝලීය හදිසි තත්ත්වයක් – WHO

    වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් (Monkeypox) වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

    මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වගේම, ඒකෙන් කියවෙන්නේ මේ රෝගය ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බව. එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කටයුතු කරන්නත් මේකෙන් රටවල් පොළඹවනු ලබනවා.

    (more…)
  • ජස්ටින් බීබර්ට වැළඳුණු අංශභාගයට හේතුව

    ජස්ටින් බීබර් ජුනි 10 වන දින ඉන්ස්ටග්‍රෑම් වීඩියෝ එකක් දාලා එයාගේ මුහුණේ අංශභාග තත්ත්වයක් ඇති වුණු බව පෙන්නුවා. එයාට හැදිලා තියෙන්නේ වෛරසයක් නිසා ඇතිවෙන රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය (RHS – Ramsay Hunt syndrome) යි. ඒ රෝගය ගැන දැනට සොයාගෙන තිබෙන විස්තරයයි මේ.

    (more…)
  • ඉන්දියානු කතක් තමාව ම විවාහ කරගනියි

    ක්ෂමාගේ විවාහ මංගල්‍යයේ අවස්ථාවක්

    බටහිර රටවල ඒකල විවාහය (Sologamy) හෙවත් කෙනෙක් තමන්වම විවාහ කරගන්නා මංගල උත්සව මෑත වසරවල රැල්ලක් බවට පත් වෙලා තියෙනවා. දැන් එය ඉන්දියාවටත් පැමිණි බව ඊයේ (ජුනි 11) තිබුණු මංගල උත්සවයකින් පෙනී ගියා.

    අවුරුදු 24ක් වන ක්ෂමා බින්දු තමන්වම විවාහ කරගෙන “මට ඕන වෙනත් කාන්තාවො වගේම මනාලියක විදියට ඇඳලා, ෆොටෝ අරගෙන විවාහ මංගල්‍යයක් ගන්න එක. මගේ හදවත පුරාම තියෙන ආදරේ මට ම දෙන්නයි මට කැමති. සමහරවිට මට තියෙන ආදරේ තවත් මේකෙන් වැඩිවේවි” කියලා The National පුවත් සේවයට කියා තිබෙනවා.

    (more…)
  • Users ලා රවටා Privacy උල්ලංඝණය කළ ට්විටරයට දඩයක්

    Usersලාව Target කරලා දැන්වීම් පෙන්නන්න ට්විටර් එක කැත වැඩක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් Account එකේ පාස්වර්ඩ් අමතක වුණොත්, ලොක් වුණොත් අපිට ආයෙ ගන්න නම් තව ඊමේල් එකක්, ෆෝන් නම්බරයක් දෙන්න ඕනනේ. මෙයාලා අපේ Account එකේ ආරක්ෂාවට කියලා ගන්න මේ දත්ත ඇඩ් ඒජන්සිවලට දීලා.

    (more…)
  • ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය

    ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

    දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. 

    (more…)
  • ඒකාධිපති අප්පච්චිගෙ පුතාණෝ ජනපති කරන්න හදන පිලිපීන වැසියෝ

    පිලීපිනේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්නේ ඒකාධිපතියෙක්ගේ පුතෙක්. අපිටත් එහෙම වෙයිද?

    පිලිපීනයේ හිටපු ජනාධිපති මාකෝස් කියන්නේ රටේ ධනය සූරා කාපු පාලකයෙක්. හැබැයි අද ඒ රටේ සමහර මිනිස්සු කියනවාලු “එයාගෙ කාලෙ තමයි ස්වර්ණමය යුගය” කියලා. ඒ වගේම එයා කරපු දුර්දාන්ත වැඩ වෙනුවට මිනිස්සු කතා වෙන්නේ එයා කරපු සංවර්ධන වැඩ කටයුතු ගැනලු.

    (more…)
  • විරෝධතා සහ අයිතිකාරයෝ

    පොඩි පොඩියට පටන් ගත්තු අය දැන් ගම්වල අයිතිකාරයො වෙලා. තැනින් තැන කල්ලි ගැහිලා, පක්ෂත් බලෙන් ප්ලග් වෙලා.., අරගලයට පියවරු ගොඩායි. ආං ඒ ගැන අත්දැකීමක් ගැනයි මේ කතාව.

    (more…)
  • පුංචි එකාගෙ රචනාව: සමනල රෑන

    සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු.

    (more…)
  • සයිටම් ගැන අපි නොදන්නා පැතිකඩ

    අපිට නිතරම අහන්නට ලැබෙන්නේ “සයිටම් හොර උපාධි කඩය”, “ලක්ෂ 120ට MBBS විකුණනවා”, “Abolish SAITM” ආදී වශයෙනුයි. ඊට වෛද්‍ය සිසුන් මෙන් ම වෛද්‍යවරුන් ද මේ දිනවල දැවැන්ත අරගලයක නිරත වන නමුත් සාමාන්‍ය ජනතාව වන අපිට එහි පෙනෙන්නේ වැරදි අදහසක්. මීට පෙර සාමාන්‍ය ජනතාවගේ ඇසින් සයිටම් ගැන ලියපු මම, අනෙක් පසින් එනම් වෛද්‍ය සිසුන්ගේ දර්ශනයත් තවත් ලිපියකින් නියෝජනය කරන්නට තීරණය කළේ හැම ප්‍ර‍ශ්ණයක් ම හරිහැටි අවබෝධ කරගන්නට නම් එහි දෙපස පිළිබඳවම අපි හොඳින් දැන සිටිය යුතු වනු නිසායි. (more…)

You cannot copy content of this page