Categories
Current Affairs Technology

Users ලා රවටා Privacy උල්ලංඝණය කළ ට්විටරයට දඩයක්

Usersලාව Target කරලා දැන්වීම් පෙන්නන්න ට්විටර් එක කැත වැඩක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් Account එකේ පාස්වර්ඩ් අමතක වුණොත්, ලොක් වුණොත් අපිට ආයෙ ගන්න නම් තව ඊමේල් එකක්, ෆෝන් නම්බරයක් දෙන්න ඕනනේ. මෙයාලා අපේ Account එකේ ආරක්ෂාවට කියලා ගන්න මේ දත්ත ඇඩ් ඒජන්සිවලට දීලා.

මේ අවුලට නඩු දාලා තියෙන්නේ ඇමරිකාවේ Federal Trade Commission (FTC) එක. FTC කියන්නේ රජයේ ස්වාධීන ආයතනයක්. ඒකෙ මෙහෙවර තමයි පාරිභෝගික විශ්වාසය කඩකිරීම් පිළිබඳ නීතිය බලාත්මක කිරීම සහ පාරිභෝගික ආරක්ෂාව ප්‍රවර්ධනය කරන එක.

Advertisement

දුරකථන අංක සහ ඊමේල් ලිපින වැනි පුද්ගලික තොරතුරු දැන්වීම්කරුවන්ට ලබා නොදෙන බවට Twitter ප්‍රතිඥා දී තිබුණත්, FTC එක ‍චෝදනා කරන්නේ ඒක කඩ කරපු බවයි.

දැන් ට්විටරයට එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 150 ක දඩයක් පණවා තියෙනවා.

මීට කලිනුත් යුරෝපයේ GDPR දත්ත රහස්‍යතා නීති කඩ කිරීම නිසා ට්විටරයට 2020 දෙසැම්බර් මාසයේදී පවුම් 400,000 දඩයක් නියම වෙලා තියෙනවා.

FTC චෝදනාව අනුව, 2019 සැප්තැම්බර් දක්වාම කරගෙන ගියපු වැඩෙන් ට්විටරයේ ආදායම වැඩි වෙලා. ඒ වගේම මිලියන 140 කට අධික ට්විටර් පරිශීලක සංඛ්‍යාවකගේ තොරතුරු පිටතට ගිහින් තියෙනවා.

දඩය ගෙවන එකට අමතරව පහත දේවල් කරන්නත් ට්විටරයට සිද්ධ වෙනවා

  1. එය නීති විරෝධී ලෙස එකතු කරන ලද දුරකථන අංක සහ ඊමේල් ලිපින භාවිතා කිරීම නැවැත්වීම
  2. ආරක්ෂක තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව පරිශීලකයින්ට දැනුම් දීම
  3. FTC නීතිය බලාත්මක කිරීම පිළිබඳව පරිශීලකයින් දැනුම්වත් කිරීම
  4. පෞද්ගලීකරණය කළ වෙළඳ දැන්වීම් අක්‍රිය කරන ආකාරය සහ Account Recovery settings යළි පරීක්ෂා කරන ආකාරය පරිශීලකයන්ට පෙන්වා දීම
  5. දුරකථන අංකයක් නැතිව Account recovery කරන options ලබා දීම
  6. දින 30ක් ඇතුළත FTC වෙත සිදුවීම් වාර්තා කිරීම හා වැඩි දියුණු කළ privacy සහ security වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

දැන් ඔය අපේ ගොඩක් දෙනෙක් අහනවනේ “අනී මගේ ඩේටා ගත්තාම මට මොකද, මං ජනාධිපතිද?” කියලා. බලන්න මේ රටවල් තමන්ගේ දත්ත ගැන කොච්චර වද වෙනවාද කියලා. දත්තවල වටිනාකම මම ලියපු “සයිබර් සුරැකුම” පොතේ තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page