Categories
Did You Know

උළුඳු වඩේ “කොත්තු” කියලා එකක් ඇවිත්

පහුගිය ටිකේ බුකි කෑම ගෲප්වල එක දිගටම ෆොටෝස් වැටුණා උළුඳු වඩේ කොත්තුවක් තියෙනවා; දකුණු රටේ විතරයි තියෙන්නේ කියලා. ඔය පොටෝ දැකලා දැකලා, දකුණේ නොවන වෙන රටවල කට්ටිය මැසේජ්නුත් දැම්මට පස්සෙ, අපේම රටේ තියෙන මේ අමුතු කෑම ජාතිය හොයාගෙන හරි ගිහින් කන්න ඕන කියලා උණක් ගැහුවා. මේ මගේ අත්දැකීම:

උළුඳු වඩේ “කොත්තුව” ගැන

කවුද ඕයි මේකට උළුඳු වඩේ කොත්තු කියපු එකා?

Advertisement

මේක දැක්ක ගමන්ම තේරුණා අනික් කොත්තු වගේ නිකං කන්න බැරි බව. මොකද, මේක උළුඳු වඩේ ඩෙවල් එකක්. බයිට් එකකට වගේ හොඳයි. මංනං ගෙදර ගෙනත් බත් එක්ක කෑවේ (සුරාමේරය වේරමණී ඒස්වා පු:!)

හැබැයි පට්ටම රසයි. ඇබ්බැහි වෙන්න තරම් රසක් තියෙන්නේ. පොඩි කාලෙ රහට කාපු සෝයා ඩෙවල් එකක් මතක් වුණා.

කට්ටිය කියලා තිබුණා “අනී මීක පර…ණ ඉතූ….රු වෙච්ච ඒවා දාලා හදනවා ඇත්ති නීද” කියලා. ඉතුරු වෙච්ච ඒවා දාලා නම් හදනවා ඇති බං! ඉඳිආප්ප කොත්තුත් එහෙමනේ ආවේ.

මගේ රෙකමදාරුව පිට, දවස් ගාණක් කට්ට කාලා ත්‍රිමා මල්ලි ගත්තු කොත්තුව

හැබැයි එකම වෙනස, පරණ රහක් නම් ආවෙ නෑ. හොඳ කොලිටියට තිබ්බා. අනික ඕක ගොඩක් කට්ටිය ගිහින් ගනිද්දි එයාලට උළුඳු වඩේ විකුණනවට වඩා මේකට ඒ වඩේ ටික දාලා ගාණක් හොයන්න පුළුවන් වේවි. එතකොට අලුත්ම වඩේ එක්ක කන්න පුළුවන් වේවි. හැබැයි ඉතින්, බුකි ප්‍රසිද්ධිය හමුවේ ලාභ ලබන්න ගිහින් ප්‍රඩක්ට් එක විනාස මුඛේට යන තවත් කඩයක් නොවේවා කියලා පතමු.

රු. 150යි වුණේ. හොඳටම ලාබයි. බත් දෙපාරක් විතර බෙදාගෙන කෑවා රහ වැඩි කමටම!

කඩේ ගැන

කොහොමහරි දුර කතර ගෙවාගෙන ගියාම, එතන ආන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි කරන බොහොම පුංචි කඩයක්. ගූග්ල් මැප් එකට මම යද්දි දාලා තිබුණෙත් නැහැ. සෙනග පිරිලා හිටියත්, හොඳ පිළිගැනීමකුත් තිබ්බා.

මැප් ලින්ක් එක: https://goo.gl/maps/SPhkx4sAEUfK1fAX8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page