TweetupSL 5 වෙත ගියෙමි

TweetUpSL කියන්නෙ… නෑ නෑ ඒක ගැන දන්නෙ නැත්නම් මේක නොකියෙව්වට ම කමක් නෑ. 😛 ඒත් කෙටියෙන් කිව්වොත් “ඒක එහෙම වචන දෙක තුනකින් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි දරුවා“. ඒ හින්දා පූර්විකාව සපයන්න නම් මෙතන ලැහැස්තියක් නෑ මොකද ට්විටර් සැට් එකේ උන් වෙනුවෙන් ඊළඟ පිටුව වෙච්ච පිදුම ලියන්න තියෙන නිසා. ඔන්න ඉතින්

වැඩි විස්තර ඕන ම නම්, හිමාල් අයියගෙ හොඳ පෝස්ට් එකක් තිබුණා:

Everything You Need to Know About #TweetupSL 5

සතිගානක ඉඳන් මායි @sashenMe, @kakuluwa සෙට් වෙලා හිටියෙ වැඩේ ට අනිවා යන්න. ඒත් කකුළුවාට නම් එන්න බැරිවුණා කෙලින් යන පාඨමාලාවකට සහභාගී වෙන්න තිබුණ නිසා.

අවවාදයයි: මෙහි අපොෂ් (not posh) බොහෝ දේ අඩංගු විය හැකි බැවින් කැලාගේ #lokuscene නොමැතිකම පිළිබඳ කරුණාට සලකන්න.

වෙලාව උදේ 1:30යි. මෙච්චර උදේ පාන්දරින් මොනා කරන්නද බොල, නිදාගනින්. වෙලාව උදේ 3:35යි. ආයිත් ඇහැරුණා. එහාට හැරෙනවා මෙහාට හැරෙනවා කාටද නින්ද යන්නෙ! ඉතින් ලක ලෑස්තිවෙලා, මෑණියන්ගෙ ‘මහමඟ ආරක්‍ෂාව‘ යන මහා සූත්‍රයත් අහගෙන 5:00ට ගෙදරින් එළියට බැස්සාය කියමුකො. 5:30 විතර වෙද්දි යන්තම් බස් එකක් ආවා මාතරට. ඒකත් කෙලින් ම ගිහින් බෝධිය ගාව නැවැත්තුවෙ. ඉතින් @sashenMeලගෙ වාහනේ නැගුණු මේ නාකි මනුස්සයාට මාතර දුම්රිය නැවතුම් පොළට එන්න පුළුවන් වුනා. ටිකට් පෝලිම එළියෙ ඉඳලා ම ය කියහංකො. 😯 අපිට සූස් ගෑවුණා. ආඳා තියරිය අනුගමනය කරපු අපි අර සේරටම කලින් රුහුණු කුමාරිට ලයින් පාර දැම්මා. කාලෙකට පස්සෙ කෝච්චියෙන් – කාලෙකට පස්සෙ කොළඹට.

ඇන්ජිමට පිටිපස්සෙ පෙට්ටියෙ යන්තම් ඉඩ තිබුණා. මායි සශේනුයි මූණට මූණලා ඉඳගත්තෙ. ඌට එහා පැත්තෙ කවුළු පියන්ලත් හැරලා තිබුණ සඳළුසීට් එකේ අගේ ඇති මුස්ලිම් අක්කා කෙනෙක් හිටියා. පැණි බෝතල්වල ජාතිවාද ලේබල් ගහන්නෙ කොහොමද අපි ගාව රුහුණේ මී කිරි තියෙද්දි! 😉 ඒ උනාට කරුමෙ කියන්නෙ එනකම් ම එයැයි කොරේ නිදි කිරන එක. දුර මනින්න මහින්ද බෝඩ් වගේ එයැයිගෙ නූතන කිරුම් එ්කකය කුමක්දැයි අපේ වයසක ඩයල් එකට නිච්චියක් නැත. ඉතින් අපි අපේ කතාවක් දාගෙන ආවා. (කතාවක් කිව්වට ඒක බහුවචන මාදිලියෙන් හිතාගන්නවා හොඳයි 🙂 ) ඔය අතරෙ දකුණු කළුතරදි නැගුණු ජෝඩුවක් මගේ ළඟ හිටගත්තා. මම අනුමාන කරපු විදියට කැම්පස් පොරවල් දෙකක් වෙන්නෝන. ඒ කොල්ලාගෙ ආයාචනාත්මක මෝඩ කතා අහගෙන ඉඳලා මට නම් දවසම එපා උනා. 🙄 අනේ මන්දා ඉතිං අපිටත් ඔයි වගේ ගති පැවතුම් පිහිටියා නම් හැබැයි මෙච්චර හැරමිටි වෙනකම්ම තනිකඩ වෙන එකක් නෑ. කෝමහරි ඔය එන අතරෙ කීප සැරයක් අර සඳළුතල අක්කා කන්න වගේ මා දිහා බලං හිටපු බව නම් මතක ය. 🙂
ආස්චර්ය හරි මොන එකක් හරි නිසා ඉස්සර ජකට-ජකාං aka උඩරට මැණිකෙට පටකුඩ ඩබල ඩබල සද්දෙ නැති එක හෙන අවුල් වගේ. කෝච්චියෙ identity එක ඒකනෙ බොලං! (ඝර්ෂණය දාපන් පිසික්සාට)

ඔන්න අපි මරදාන ඉස්ටේසමෙන් බැහැලා ගූගල් දෙයියාගේ මැප් එකට ආවැඩුවා. වැඩියත් උනේ මගේ කැල් යන්තරේ ගෙදර දාලා ආපු එක. 😛 නැත්නම් මට ඕක වන වන එන්න තිබුණා කෙලින් ම Orion City එකට ම! 😉 ඉතින් ඒකෙ පෙන්නුම් කරේ කි.මී. තුනයි ගානයි යන්න ඕනැයි කියලා. ඒකනිසා අපි metered tuk tuk එකක් අරන් පොට් එකට ආවා. එතකොට 9:45 විතර වෙලා ඇති. කලින් එන්න කිව්වට වෙලාවට වාසනාවට වැඩේ පටන් අරන් තිබුණෙ නෑ. විදුහල්පති අනුග්‍රාහක Principal Sponsor වුණු Mobitel එකෙන් එයාලගෙ සැරසීම් කරලා තිබුණා සහ දෑවැන්ත තිරයක් ගෙනත් තිබුණා. Hut 4-5ක් විතර තිබුණා යන වෙලාව වෙනකොට හදලා. ඒවයි අපේ Tweep මහත්තුරු, නෝනලා සහ අතරින් පතර ජෝඩු පැක් වෙලා හිටියා වැසි දෙයියන් වෙනුවෙන් තම TL එක වෙන් කරමින්. අපිත් මුලින් ම අහුවුණ එක අස්සට රිංගලා දන්නා කියන මුහුණක් තියෙද කියලා search පාරක් දැම්මා. කොහෙද! DP එකයි, කයිපුඩියයි (Handle) විතරක් දැනගෙන හිටපු උන්ව කොහොම කියලා අඳුර ගන්නද! ඔය අතරෙ දුඹුරු පාට කුඩයක් ඉහලා ගත්තු එකෙක් මල් හිනාවක් දාගෙන අපි හිටපු තැන නැවතුණා. බැලින්නම් රණුක අයියායි (@ranukad) සුකියා යි (@da_sukiya). 😀 සංතෝසෙ බෑ. ඊට පස්සෙ රණුක අපිට දිනිති (@panikaju) අක්කාව අඳුන්වලා දුන්නා. ආයිත්, සංතෝසේ බැරිය!! 😀

 

 

කොච්චර එකට ට්වීට් කරලා තිබුණත් ජීවිතේට නොදැකපු සමීප අය හමුවුණා ම දැනෙන දේ මේක පුරාම මට එකින් එක විස්තර කරන්න වෙනවා. බැරිත් නෑ. ඒත් ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න පුළුවන් ද කියන එක තමයි එදා හිටපු ඕන ම කෙනෙක් ගෙන් අහන්න පුළුවන් එක ම “නෑ-බෑ ස්ටෝරිය”.

ඊට පස්සෙ registration පටන් ගත්තා. පටන් ගත්තා කිව්වෙ, පෝලිම හැදුනා.අපි ටිකක් පිටිපස්සෙ හිටියෙ. ටිකක් වෙලා යද්දි තව ගොඩක් දෙනෙක් ආවා. මුල ම තුන්-හතර දෙනා බැගින්, අපි හිටපු හරියෙන් විතර පස්සෙ දෙන්නා බැගින් පෝලිම බොහොම දිගට තිබුණා. දැනගන්න ලැබුණු විදියට 1500ක්. (මුලදි) ඒත් එතනින් නියම-ට්වීප්-කෙනෙක් කියලා කී දෙනෙකුට කියන්න පුළුවන් ද කියන එක ටී ෂර්ට් එකට බාරයි. අර හැරී පොටර් එකේ නිවාස තෝරන තොප්පිය වගේ ඒකටත් කතා කරන්න පුළුවන් වුනානම් කෑ ගහලා කියාවි! විනාඩි 10-15 විතර පෝලිම නොසෙල්වී තිබුණා. ඒත් ගානක්වත් නෑ ඉතිං, නොසෙල්වී තිබුණ ආසාව අපිව ආදරෙන් එකේ රඳවගෙන හිටියා. ඒ අතරෙ මැසේජ් එකක් ආවා @Native7i ගොඩවැදුනා, Hat එකක් දාගෙන ඉන්නෙ, හොයාගනින් කියලා. කතා කරන්න වුනේ නෑ ඒ වෙලාවෙ, අත වනලා හිනාපාරක් දැම්මා. ඒ ඉන්න අතරෙ @AKSCOOP6 මගේ ළඟට ම ඇවිත් කතා කළා. 😀 කොහොම අඳුනගත්තද මං දන්නෑ. එයාගෙ මල්ලි @Zyd_Amr නුත් පිටිපස්සෙ ඉන්නවා කිව්වා. ඔය ඉන්න අතරෙ රණුක අයියා කචබචේ. අපිට පිටිපස්සෙන් එයත් එක්ක @lahirunirmala අයියත් හිටියා. ආතල් පොරවල් දෙක! 😀 හිටපු ගමන් කෑ ගානවා ආපු අයට “දුඹුරු පාට කුඩයක් අරන් ඉන්නෙ බලපන්” කියලා. කුඩේ එහෙමෙහෙ වෙලා තෙමෙනවට කෑ ගහනවා. අපිනම් අවුලක් නෑ කියමු, අර @panikaju අක්කට කුඩයක්වත් තිබුණද දැක්කෙ නෑ; දියවුණාද මන්දා. මිනිත්තු කීපයකින් බලද්ද අපි එතනමයි, හැබැයි මුන් දෙන්නා පේලියෙ ඉස්සරහා ම! 😀 😛

OliverQueen (@excuzemi) පේළිය අන්තිම හරියෙ ඉන්නවා දැක්කා. @indimagedara, @ndilruksha ඇතුළු බ්ලොග් සෙට් එක පේළිය ඉස්සරහම හිටියා. #TweetupSL hashtag stream එකක් big-screen එකේ දාලා තිබුණා. හැබැයි ඔන්න ඒක කරලා තිබුණේ කොහොමද, පාවිච්චි කරලා තිබුණ බ්‍රවුසරේ මොකද්ද කියලා විස්තර කරන්න තරම් technical දැනුමක් අපිටනම් තිබුණෙ නෑ. අර ඩෙස්ක්ටොප් එකේ තියෙන “e” අකුරෙන් කළ වික්‍රමයක් වෙන්ටැ මයි හිතේ. 😛

ඒකට අපේ උන් දාපු tweets නම් පට්ට ම ආතල්! කීපයක් මතකයි,

“මෙච්චර පෝලිමක ඉඳලා රුපියල් දෙසීයකුත් දීලා ලේබල් සීයක් විතර ගහපු ටී ෂර්ට් එකක් ගන්න මොකද්ද තියෙන අමාරුව!”

“අපි මෙච්චර කඩේ යනවා කියලා ට්විටර්, උඹ දන්නවද? නෑ උඹ දන්නෙ නෑ. උඹ බබා!”

“ඔය අක්කා නිකං බල්ලෙක් වාහනේක හැප්පුනා වගේ කෑ ගහන හැටි! ඌඌඌඊඊඊඊ”

ඒ ‘අක්කා’ කියලා කිව්වෙ announce කරන්න හිටපු අක්කාව. පටන් ගත්තෙත් ආදරෙන් “ගුඩ් මෝනිං ඒව්රි බඩෙයි(?)” කියලා. එයෑ නම් එළ ම තමයි 😀 @KawdaBoy නුත් announce කළා.

බලධාරියාගෙ කතුර ආසාකරන වචන දාපු සමහර ඒවත් අපේ උන් tweet කරලා තිබුණා, ඒවා එහෙ මෙහෙ කරලා යන්තන් බේරගත්තා ය කියමුකො. සුකියාත් එක්ක හිටපු අක්කා නම් “අනේ මගේ ට්වීට් එකත් පෙන්නන්නැ”යි නොදන්නා භාෂාවකින් හිමින්-කෑගහනවා ඇහුණා.

Registration එකට tweetupsl.org සයිට් එකෙන් දීපු unique QR Code එක ඕනැ උනා. ඒකෙ තමයි තිබුණෙ අපේ නමයි, t-shirt size එකටයි අදාල code එක ඒකෙ තිබුණෙ. එයාලගෙ LAN එකේ 1.100 න් check වුනේ. ඒකයැ වැඩේ තව පොඩ්ඩෙන් මං 200 දුන්නෑ කියලා අවුලක් යනවා. දෙයියනේ සිහියෙන් හිටුකො :/ යන්තන් Large Tඑකත් අරන්, සීයක් විතර coupon ගොඩකුත් අතේ ගුලිකරන් වතුර බෝතලෙත් අරන්, ස්ටිකර් එකේ කයිපුඩියත් ලියලා ඉල්ලගෙන, මතක ම ඇතුව token එකත් අරගෙන change කරගන්න තැනක් තියෙද බැලුවා. එතකොට අපිට උපදෙස් ලැබුණා Virtusa එකේ Car Park එකට යන්න ඕන බව. ඒකට හිටපු තැන ඉඳලා හැතැප්ම ගානක් දුරයි, අනෙ අම්මේ අපේ මක්කා දකින්නෙයි අනිත් උං! කෝකටත් එහෙට ගිහින් ටී ෂර්ට් එක දාගත්තා. දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ, ඩිංගක් විතර ඒක මට ලොකු වැඩිත් එක්ක. මොනවා කරන්නෙයි, ඇඳගෙන බර එහෙමත් නිදහස් කරගෙන ආයි හිටපු තැනට ම ආවා.

මුලින් ම නැටුම් තරගයක් තිබුණෙ. සංගීත පුටු තරගෙදි වගේ සංගීතය නවත්වද්දි ඒ හිටපු විදියට ම freeze වෙන්න ඕනෙ. ගොඩක් දෙනා ඒකට සහභාගී වුනා, විනෝද වුණා “නොදැකපු උන් සෙවීම” නමැති මෙහෙයුම අතරෙ ම. @sashenMeනුත් DSLR එක අරගෙන වටේ කැරකෙනවා දැක්කා.

මේ වෙද්දි 11ත් පහුවෙලා. හැමෝගෙම උදර රාජයාණන් වහන්සේ Tokens භාවිතා කරන ලෙස අණ කරලා තිබුණ බවනම් තේරුණා KottuMee, Nescafe එක පැත්ත බැලුවාම. 😀 @indimagedaraයාට unlimited KottuMee සැට් වෙලා මූ එක එක ලොරි අස්සට ගිහින් හතර-පහ ඇද බාන ආකාරය දක්නට ලැබුණා. 😛 අපිත් ඉතින් දීපු ‘එක’ අරගෙන කෑවා බඩට විහිළු කළා.

මේ වෙන අතරතුරේ තැන් කීපයක ම වැඩ පටන් අරන් තිබුණා. ඒ කිව්වෙ ඇතැම් දෙතුන් දෙනා නැටුම් තෛල දාගන්න සැට් වෙච්ච එක එහෙම නෙවෙයි, (අපේ ලොකු ඇත්තෝ එහෙම කරනවද!) Mini Golf, Paint Ball, Needy Book Stall වගේ ඒවා. 😉 හැමෝටම 1GB බැගින් Mobitel එකෙන් Wifi දීලා තිබුණා (නිමේශයා තමයි මට password එක කිව්වෙ) ඒකෙන් ටිකක් හරි බැටරි ඉතුරු වුණා. හොඳ වැඩ, නැද්ද?! 😉

Screen එක දිහා බලාගෙන ඒකෙ වැටෙන අපේ උන්ගෙ ආතල්වලට හිනා වෙන ගමන්, මාත් tweet දෙක තුනක් දදා හතර වටේ ඇවිද්දා තව කට්ටිය ඉන්නවද බලන්න. ඔන්න එතකොට පේනවා පරක්කු වෙලා ආපු සුපුරුදු මූණක් Nescafe එකක් එක්ක. බැලින්නම් අපේ @milzybud අක්කා! මායි සශේනුයි ගිහින් කතා කරලා photos ගත්තා. එයා කියාපි “කුමාරතුංග මුණිදාස එක්ක ඉඳලා photo එකක් ගත්තා වගේ” කියලා. 😀 😀

ඉතින් පිළිවෙළක් මතක නෑ, කෝමහරි ඔය රවුම ගහද්දි සනික් අයියා (@stranshad හිත හොඳ බුවා!), @janitHHH (අම්මෝ මූ හොයාගන්න තිබුණු අමාරුවක්!) ටිකක් පරක්කු වෙලා ආපු @zrimax (දැක්ක ගමන් අඳුන ගත්තා මම), ටයිම් ලයින් කන්නා (@Dsnman කාලෙකින් ට්විටර් පැත්තෙ නොආවට උගෙ බොක්කභාවය හොඳට තිබුණා), @banuathuraliya (නිල් ඇස් ඇති ඇඩ්වර්ටයිසර්), @UkaveenR (aka සිරිපාල බොටාගේ පියා. බාලවයස්කාරයෙක් 😀 ) සහ @RealVishwa මල්ලිවත් හමුවුණා. චූට්ටක් සප්පායම් වුණු සමකය වටේ ලියන නලින් දිල්රුක්ෂ (@ndilruksha) අයියා එක්කත් කතා කරන්න අවස්ථාව ලැබුණා. රත්ගමයා (@Rathgamaya) නම් මාව එච්චර අඳුර ගත්තෙ නැද්ද මන්දා, කෝම නමුත් නෝනා-මහත්තයාව කුදල ගෙන හැමතැනම රවුම් ගහනවා නම් දැක්කා. 😀

 

ඊළඟ event එක බැලූන්-ඩාන්ස්. ඒකට @ranukad යි @sashenMe යිත් ගියා. සශේන්ගෙ කැමරාව මගේ අතේ. කැලාට යන්තරේ අහුවුණා ද මොකද්ද වගේ ඕක වන වන කෙනෙක් හැම එකේ ම පොටෝ ගහලා ලු. වරු ගාණක් කට්ටිය හොඳට නැටුවා. හොඳ ගණන්! ඒ අතරෙ @Rathgamaya tweet කරලා තිබුණා “මටත් බැලුමක් වෙන්න තිබ්බා නම්” 😀 කියලා. 😀 ඕකෙ නෝනලාට නම් බැලුම නොවැටි තියාගන්න පොඩි වාසියක් තිබුණා (මොකද්ද අහන්න එපා 😉 ) ඒත් කොල්ලන්ට නම් බෙල්ල යටින් තියාගෙන හිරකරගන්න තමයි වුණේ. මේක බොහොම උණුසුමට ගියා. කීප දෙනායි අයින් වුනේ. ඒ නිසා හොඳට ම dance කරපු අය අනුව තමයි අන්තිම අයව තේරුවෙ. ඔය අතරෙ @thameera අයියාව සෙට් වුණා.

#HappySriLanka කහපාට බෝඩ් එකයි, Seylan එකේ පසුබිමට එකේක බෝඩ් කෑලියි අල්ලගෙන, විවිධ තොප්පි දාගෙන පොටෝ ගහන අය බොහොමයක් දකින්න ලැබුණා. 😛 වහින-නොවහින වැස්ස තමයි පොඩි අවුලකට තිබුණෙ. ඒත් ගිනි අව්වට වඩා ඒක බොහොම සැපයි. සමහරු මගෙනුයි සශේන් ගෙනුයි ඇස් උඩ තියාගෙන ඇහුවා “මාතර ඉඳලාද ආවෙ?” කියලා. නගර අතර දුරට වඩා එතන හිටපු හැම කෙනෙක් ම අපේ ගමේ මිනිස්සුන්ට වැඩිය අපිට හිතින් ළඟයි!  🙂


පෙනුමෙන් ලේසි වගේ පෙනුනට වැඩේ හෙන අමාරුයි. ඒත් එක අයියා කෙනෙක් ගානට physics පාවිච්චි කරලා නියමෙට වැඩේ ගොඩ දැම්මා. සමහර අක්කලා Bullගෙ පිටේ උසත් බැලුවා.

 

 

 

 

 

එතන හිටපු cute @KatuChootiයි @_Akiz_ අක්කාත් හමුවුණා. ඒක ඉවර වෙන්න කිට්ටුව @LahiruCharith අයියාත්, @IAmMrHumorist අයියාත්, @CheezyMozarella අක්කාත්, Road.lk එකේ නිතර updates දාන @miyuruhansi අක්කාවත් හමුවුණා.

 

 

 

 

 

හැපි බර්ත්ඩේ TweetupSL! කේක් කපන වෙලාව තමයි ඊළඟට ආවෙ. ඊට කලින් සිංදු හඳුනාගන්න වගේ ප්‍රශ්ණ කීපයක් අහලා mEntertainment එකෙන් random තෝරගන්න කියලා CDs දුන්නා. එදා ම ආපු කීපදෙනෙක්ට කතා කරන්නත් අවස්ථාව දුන්නා. ඒ එක්කම (Godey mode on) කළු දොදොල් කෑලි තුනක් වගේ චොක්ලට් බේරෙන; “@”, “#” සහ “TweetupSL5” කියලා අයිසිං කරපු Coco Varenda එකෙන් කේක් තුනක් ගෙනත් තිබ්බා. TweetupSL ආරම්භක සාමාජිකයෙන් වුණු අයියා කෙනෙක් (@udaraumd මං හිතන්නෙ, සමාවෙන්නෝන) කතාවෙන් පස්සෙ කේක් චූටියට කැපුණා. මාත් එක කෑල්ලක් ගත්තා, අනිත් අයට මදිවෙයි කියලා. (පස්සනෙ දැනගත්තෙ හතර-පහකට ආයුබොවං කියපු උන් හිටපු බව) අන්න යකුනි චොක්ලට් කේක්! ජීවිතේට කාපු හොඳ ම චොක්ලට් කේක් එක බව මං විතරක් නෙවෙයි එතන හිටපු බොහොම දෙනක් කියනවා ඇහුණා.

අනතුරුව කට්ටිය එතන ම ඉඳන් ඩාන්ස් කළා. ඒ වෙද්දි 4:00ට කිට්ටුවෙලා. පොඩි කාණුවක් වගේ එතන තිබුණු නිසා පොළව ටිකක් ඇදේට තිබුණෙ ඒ නිසා @Native7i, @Dsnman සහ තව දෙතුන් දෙනෙක් එක්ක පැත්තකට වෙලා පොඩි කයියක් දාං ඉඳලා සශේන් එක්ක ගිහින් PaintBall ගැහුවා. ඒ වෙනකොට බාගෙට බාගයක් ම ගිහින්. 😛 ඒත් දන්න කියන චරිත අතලොස්ස එහෙමම හිටියා.

4:20 විතර වෙද්දි Awarding Ceremony එක පටන් ගත්තා. මම, රණුක, සශේන්, පැණිකජු එහෙම එකළඟ ඉඳන් බැලුවෙ. එතන ඉඳපු @DangaMallaට රණුක මාව අඳුන්වලා දුන්නා. 😀 මට පිලුමක රඟපාන්න ලැබෙන්නත් එහෙම ඉඩ තියෙනවා ඔන්න 😛  #iTweetWith එකට එකයි-එකයි-ඩබල්-බින්දු කියපු අපේ සශේන්ට Takas.lk එකෙන් S Duos එකක් ලැබුණා. ඌ ඔපිස් එකේදිත් සමහරදාට කෑගානවා ෆෝන් එකක් තිබුණානම් කියලා. ඉතින් ඒක බොහොම වටින තෑග්ගක්! දන්න කියන බොහොම දෙනෙක් ගොඩක් categories වලට තේරිලා තිබුණා. අනුමාන කළ විදියටම OliverQueen තමයි Funniest Tweep වුණේ. මටත් Hashtagholic 3rd place ආවා. Vote කරපු හැම කෙනෙක්ට ම ස්තූති වෙන්න ඕන. 🙂 Miss Tweep විධියට @MadFrostie අක්කාවයි @Aye5ha අක්කාවයි තේරිලා තිබුණත් @MadFrostie ආවෙ නැති නිසා/කලින් ගියපු නිසා නිතරගයෙන් ම අයේෂා අක්කා Miss Tweep වුණා! 🙂 Mr. Tweep එකට තුන් දෙනෙක් තේරිලා තිබුණා. @BuduMalli (නොහොත් බඩුමල්ලි. 😀 මෙයෑගෙ ඇඳුම් පැළඳුම් සහ රැවුල මාර ගතියට හදාගෙන ඇවිත් තිබුණා), @PoornaCW සහ @nHiRanZ අයියලා. 3-2-1 ලැබුණෙත් ඒ පිළිවෙලටමයි. කවුද මෙයාලගෙන් හොඳ කියලා අහද්දි අනේමන්දා එතන වටේ හිටපු හැමෝම ඉරිසියාවෙ වගේ සද්ද නැතුව හිටපු හැටි! 🙄 ඒත් උන් තුන්දෙනා නම් මාර හොඳයි. 🙂

ඔන්න ඉතින් වැඩ හමාරයි 5:00ටත් කලින්. ප්‍රවාහන පහසුකම් එහෙම සලසා ගන්නත් තිබුණ නිසාත් ඔය After Parties වලට එච්චර ආසාවකුත් නැති නිසාත් මායි සශේනුයි ඒ වෙලාවෙ හිටපු උන්ට සමුදීලා කැපුණා. ආසාවට ආවා මිසක් යන්නෙ කෝමද කියලා අපිට බලාගෙන එන්න අමතක වුණා, කෝච්චි එහෙම තියෙන වෙලාව. @budhajeewaට කෝල් එකක් දාලා කෝච්චි බලන්න කිව්වා, එකක්වත් මාතරට නැතිලු. 😛 ඉතින් අපි ඒ ළඟම තිබුණු දෙමටගොඩ ඉස්ටේසමට ඇවිත් කොටුවට ටිකට් ගත්තා. අපිට එහා පැත්තෙ platform එකේ @Dsnman සහ උගෙ යාළුවො කීප දෙනෙක් ඉඳලා අත වැනුවා. ටිකකින් @banuathuraliya, @realvishwa මල්ලිලාත් ආවා. @ndilruksha අයියාත් ඇවිත් ආයිත් ගියා, මං හිතන්නෙ කෝචිචියක් නැතුව වෙන්නැති. 5.10ට කෝච්චිය තිබුණෙ, (ඇමරිකන් වෙලාවෙන් වෙන්ටැ) මගේ කබල් ඔරලෝසුවෙ 6:05ත් පහුවෙලා ඒක එද්දි. ගියෙත් මුත්තා පැලට කැලා ලැබ් එකට යන්න වගේ. 🙄 6:30-35 වෙද්දි අපි කොටුවට ආවා. සශේන් මගේ ටිකට් එක නැති කරලා තව පොඩ්ඩෙන් හොඳ චාටර් එකක් කන්න වෙනවා. යන්තන් තැන්කූ පාරක් දාලා දොරටුපාලක අංකල්ව ශේප් කරගෙන කොටුවෙ HighWay බස් එකට ආවා. “අයියෙ සීට් තියෙද?” “නෑ, ඊළඟ බස් එක 8:15” කියාපි. මිනිහා බොරුකාරයා! සීට් තිබුණා. ඇත්තටම ඒ හැම එකේම මිනිස්සු වාඩිවෙලා හිටියා හැබැයි. 😛 ඕන විහිළුවක සීමාවක් තියෙන්න ඕන කියලා අපේ චණ්ඩි බණ්ඩි කෑ ගාපු නිසා මගේ සෞඛ්‍ය පොත සහ අධ්‍යයනයන් බම්බුවට දාලා කොළඹ කඩේකින් කෑම කෑවා. දෙයියනේ කියලා අවුලක් නම් උනේ නෑ. ඉතින් බස් එක යනකම් අපි ගත්ත photos බැලුවා, වෙච්ච දේවල් කතා කළා (මැරෙන්න හිනා 😀 ), පොටෝග්‍රැපි වගේ ම කීපයක් බටෝග්‍රැපිත් නොතිබුණාම නෙවෙයි. (ඒවා upload වෙද්දි බලධාරියා වග කියාවි. 😉 ) @stranshad, @ranukad @banuathuraliya එහෙම මැසේජ් දාලා තිබුණා ගෙදර ගිහින් කියන්න, පරිස්සමින් යන්න කියලා. 11 විතර වෙද්දි ඔන්න පරිස්සමින් මං ගෙදර ආවා. බැට්‍රිය ආයිත් charge කරගත්තා ම මෙන්න ට්විටර් එක Mother of Notifications! 🙂

P.S. Forgive the old man’s memory, if any name has missed from the met list. 🙂

Check-out @sashenMe’s album too: TweetupSL5

12 Replies to “TweetupSL 5 වෙත ගියෙමි”

  1. අම්මට හුඩු මම “නිල් ඇස් ඇති ඇඩ්වර්ටයිසර්” ලූ ! 😀 Nevertheless, පට්ට post bro!

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.