Categories
An Idea Web Sites

ලෙහෙසියෙන් පණිවුඩ (Notes)

හදිසි අවස්ථාවලදි හෝ පොදු පරිගණකයකදි තව කෙනෙකුට පණිවුඩයක් යවන්න ම ඕන වුනාම බොහෝවිට තමන්ගෙ ඊ-තැපෑලට පිවිසෙන්න වෙනවනෙ. හැබැයි ඒවගෙ අවස්ථාවලදි ටිකක් කරදරකාරීයි. මෙයට විසඳුමක් ලෙස Register නොවීම පණිවුඩ යැවිය හැකි වෙබ් අඩවියක් ඇත.
එනම්, WhisperBot නම් යෙදුමයි. මෙමගින් තදකුරු, යටීර සහිත අකුරු, සබැඳීන් සහිත අකුරු සේ ම විවිධ අලංකරණ ද භාවිතා කරමින් නෝට්ස් තැනිය හැකියි. යවන ලද පණිවිඩයක් ලබන්නා විසින් තම ඊ-මේල් ලිපිනයට ආ සබැඳියක්(link) මගින් එම අඩවියට ගොස් එය කියවා; අවැසි නම් මකා දැමීම ද කළ හැකියි.

Advertisement

මෙවන් පණිවිඩයක් සැකසීම සඳහා ඔබ http://www.whisperbot.com/send/ වෙත පිවිස, ඔබේ පණිවුඩය සනිටුහන් කොට, ලබන්නාගේ ඊ-ලිපිනය ලබාදී, අවැසි නම් තම ඊ-ලිපිනය ද නම ද සැවොම කියැවීම වැළැකුමට රහස් පදයක් ද ලබාදිය හැකිය. අනතුරුව තමා මනුෂ්‍යයෙකු බව පෙන්වීම සඳහා සරල පැනයකට පිළිතුරු දී යවන්න[Submit] බොත්තම තදකළ යුතු ය.

එසැණින් ඔබේ පණිවුඩය ලබන්නා වෙත ලැබෙනු ඇත. ඉතාම සරල ය. පහසු මෙන් ම ආරක්‍ෂිත ය.

Update: This service isn’t available now.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page