ගොඩදෙනෙකුට තියෙන ප්‍රශ්ණයක් තමයි නිතර ම තමන්ගෙ ඊ-මේල් ලිපිනය ස්පෑම්කරණයට ලක්වීම. ඉතින් ඒකට ෆිල්ටර්ස් එහෙමත් පාවිච්චි කරනවා. හැබැයි ඵලය නැතිකරන්නනම් ඉස්සෙල්ලම හේතුව නැති කරන්න ඕන. මොකද, “ඉමස‍්ස නිරොධා ඉදං නිරුඣති“ නිස යි.
ඔබ Twitter, forums වල හා අන් අඩවිවල ඔබේ ඊ-තැපැල් ලිපිනය සඳහන් කිරීම මීට හේතුවයි. ඉතින් ඒක නොකර ම බෑනෙ. ඒ නිසා Botලට අහුනොවී ලියන්න ඕනා.
මෙන්න මේ වගේ:
එය scr.im වලින් කරගත හැකියි.
ඉතින්, ඔබ ඉස්සෙල්ලම http://scr.im යන අඩවියට ගිහින් එහි ඇති පළමු කොටුවේ ඔබේ ඊ-මේල් ලිපිනය ඇතුලත් කරන්න.
ඉන්පසු එය භාවිතා කිරීම සඳහා අවශ්‍ය URL එකක් ලබාදෙන්න. හැබැයි ඒක unique වෙන්න ඕන.
දැන් ඔබට එම URL එක ඊ-මේල් ලිපිනය විදියට හුවමාරු කළ හැකියි. උදා: http://scr.im/thambaru
මේ විදියට භාවිතා කරන ලිපිනයක් බැලීමට භාවිතා කරන්නන්ට අක්‍ෂර ගැලපුමක් (captcha) හරහා යන්න වෙනවා. ඒ කියන්නෙ මෙය බැලිය හැක්කේ මනුෂ්‍යයන්ට පමණයි.
Spams වලින් වැළකෙන්න ක්‍රමයක්
Comments
2 responses to “Spams වලින් වැළකෙන්න ක්‍රමයක්”
-
niyami.thanks nokarama bee.thanks
-
හොද ට්‍රික්ස් එකක්. ගොඩක් වෙලාවට මටත් මුහුණ දෙන්න වුන.
Leave a Reply