Categories
Lifetime

eSports TDM එකේ CoD ගැහිල්ල

(gamerant.com)

ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය.

මංතුමාත් මේ ටිකේ කාලයක් අතෑරලා දාලා හිටපු Call of Duty 4 ආයෙ ගහන්න ගත්තා. ඒ දවස්වල ඇමරිකන් කාරයොත් එක්ක ගැහුවට ලංකාවෙ ප්‍රසිද්ධ සර්වරයක් හොයාගන්න තිබ්බෙ නෑ. Server list එකක් සර්ච් කරාම එක සයිට් එකක තිබිලා eSports සැරවැරේ හම්බුණා. ඒකෙ TDM එකේ ගහන එක පට්ටම ආතල්. ඔක්කොටම වඩා අපේ උන්ගෙ නම් ටික මරු. වාසුදේව මහත්තයා රනිල්තුමාව ආමන්ත්‍රණය කරන වචනය, මැෂින් එක වැඩ නෑ, මට කොඩ් බෑ, මරන්න එපා ඕයි වගේ නම් ගොඩක් ඕකෙ තිබුණා. (අර කොඩ් බෑ කියන එකාගෙන් මං මැරුං කෑවා ගමකට!)

Advertisement

වෙන රටවල්වල ගහද්දි නම් අම්බානෙක බැණුම් අහන්න වෙනවා. ගේම ඉවරවුණ ගමන් කට්ටිය චැට් කරන්න පටන් ගන්නවනේ. T ගහලා. ඒකෙ බණිනවා noobs ය, කෑම්පිංය අරකය මේකය කියලා. පොඩි මැප් එකක් දැම්මත් කියනවා ඕක noob map එකක්ය කියලා. සාමාන්‍යයෙන් අපේ උන් අම්බානෙක බැණගන්න ජාතියක් වුණාට මේ ටිකේම එහෙම එකක් දැක්කෙ නෑ. ඔය “කෑම්පිං කරන්නෙ නූබ්ස්ලාය” කියලා බණින්නෙ ස්නයිපර් කාරයොද කොහෙද! අනේ අම්මපා. කට්ටිය එළි බැහැලා යවලා උන් හිමිජ්ජො වගේ හැංගිලා තියනවා අස්සවල්වල ඉඳං. එතකොට අර ඉදිරි පෙරමුණේ යන උන්ද, ස්නයිප්පොද නූබ්ස් ඒහ්?

මේ මං ගත්ත Screenshot එකක් නෙවෙයි (imgur.com)

තව එකක්! ඔය මෙහේ සර්වරේ ProMod එක වෙනස් කරලා එයාලාම එකක් හදලා තියෙනවා රටේම තියෙන mods දාලා. මැරුණාම දාහෙ කොළ විසික් වෙලා KillCam එකේ “තෝ” කියලා පෙන්නනවා, Smoke ගැහුවම ගංජා කොළ දාලා, Flash වැදුණම I’m sexy & I know it සින්දුවක් යනවා, පටන් ගද්දි උඩින් වැටෙනවා, Load වෙන එකේ පින්තූරවල brightness වැඩි කරලා හනෙ අම්මෝ.  තව තිබ්බෙම නැද්ද මන්දා. අනික ඕකට රෑ ජාමෙට (මං පාට් ටයිම් වැඩ ඉවරවෙලා 9ට විතර) කනෙක්ට් වෙන්න ගියාම Server Full. ඉතින් එකෙක් යනකම් ඉන්න වෙනවා. ඒ අස්සෙ ගේම උපරිමේටම යද්දි Server එක එක්කෝ lag වෙනවා, සමහර වෙලාවට crash වෙලා Backlot එකට වැටෙනවා. මලේ මල ඕයි! මං ඒත් කල්පනා කරේ ඕක නිකං තියෙන එකේ අපිට donate කරලා performance වැඩි කරගන්න ක්‍රමයක් තියෙද කියලා. පස්සෙයි දැක්කෙ එයාලා game hosting දෙන බව. ඒත් ඉතින් මෙහෙම චොර සීන් තියෙද්දි කවුරුත් ගනිවීද අප්පා.

කෝක නමුත් අපේ එවුන්ගෙ skills සුපිරියි. මේ එනවා – ආ තැනම ලොප් වෙනවා සමහර වෙලාවට. නැත්තං, එනවා – කනවා – යනවා – ආයෙ එනවා. ශිෂ්‍ය සංගමේ වගේ. සතියකින් දෙකකින් වගේ මටත් Lvl55ට යන්න පුළුවන් වුණා. ඒකත් Assistනුයි, After life, Avenged වගේ පිනට හම්බුණ ලකුණු වලින් තමා. නැත්තං මාත් නූබ් තමා! ඒකනෙව මම මගේ යූසර්නේම් එක කියන්නැත්තෙ. විලි ලැජ්ජයි. හැබැයි ඉතින් ස්ට්‍රෙස් ගහලා ඉන්න වෙලාවට මේ වැඩේ නියම බේත! කොහොමින් හරි ඒකෙ IP එක: 45.32.126.106:28961 දාපු txt ෆයිල් එකක් මගේ desktop එකටත් ආවා; මට හැමතිස්සෙම අර සයිට්ටෙකට ගිහින් ඕක කොපි කරන්න කම්මැලි නිසා. ගමේ යාළුවො නැති අපට (අනේ උන් ගහන කොඩ්!) මෙහෙම ලංකාවෙ එකක දන්න කියන නම් වල එවුන් එක්ක මරාගන්න එක බුකි දේසපාලන මඩවලට වඩා ආතල් ඕයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page