Categories
Android Softwares

ශ්‍රී ලංකා සම්මත වේලාව Androidට ලබාදෙමු

කලින් පෝස්ට් එකකදි පරිගණකයට ශ්‍රී ලංකා සම්මත වේලාව දාගන්න හැටි කිව්වනෙ. නැත්නං මෙන්න ලින්ක් එක:

ශ්‍රී ලංකා සම්මත වේලාව පරිගණකයට ලබාදෙමු

Advertisement

ඔය විදියට ම Rooted Android Devices වලටත් තත්පරේට ම වෙලාව හදාගන්ට පුළුවන් මෙන්න මේ විදියට.

මුලින් ම ClockSync කියන App එක Install කරගන්න ඕන. Free App එකක්. 😉

නැත්නම් මෙතනින් කෙලින් ම APK එක ගන්න: ClockSync.apk

නැවත මතක් කරන්නෝනි; Root කරපු Android Devicesවල විතරයි මේක කරන්න පුළුවන්. 😮

Install කළාට පස්සෙ Internet Data හෝ Wifi Active කරලා App එක Run කළාම මෙන්න මේ වගේ තියේවි:

ඕකෙ ගොඩක් වෙලාවට එන්නෙ ජාත්‍යන්තර Time Server එකක්. (pool.ntp.org) ඒක වුණත් වරදක් නෑ. ඔතන ඔය තියෙන Local Offset කියන්නෙ අපේ Phone එකෙයි Time Server එකයි අතරෙ තියෙන කාල පරතරය.

Menu button එක Tap/Press කරලා එන මෙනු එකෙන් Synchronize කියන විධානය Tap කරන්න. එතකොට Phone එක දෙවරක් Vibrate වෙලා වෙලාව හදාගන්නවා. එතකොට Local Offset එක 0.00 වෙනවා.

“සිය රටැදේ සිරි සැපදේ“ 😛 කියලා ලංකා රජයෙන් පවත්වාගෙන යන Time server එක (sltime.org) අපේ NTP Server එක විදියට දාගන්නෙ මෙන්න මෙහෙමයි:

Menu button එක Tap/Press කරලා එන මෙනු එකෙන් Settings යන්න.

ඔය උඩින් ම තියෙන NTP server කියන එක ඔTap කරලා එතෙන්ට sltime.org කියලා type කරලා Back යන්න. ඔන්න දැන් ඉඳලා වෙලාව හැදෙන්න ලංකාවෙ Server එකට. 😀

මේ විදියේම තව ගොඩක් Apps තියෙනවා SNTP ClientNTPc වගේ. හැබැයි මේ ClockSync එක නම් මගේ හිතට ඇල්ලුවා. 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page