නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics]

නුඹ දුරින් හිඳිනු ඇයි
අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ
දුහුල් වළා අතර සැඟවී මදෙස
හොරෙන් බලා රහසේ

දිය පිපාසෙන් කතරේ
ඇවිද ආවෙමි නුරා දැහැනේ
මිරිඟුවකි පෙනි පෙනී ඈත යන
පෙළමින් මහද රිදවා සසරේ

අතවනා සිට එහා ඉවුරේ
කැඳවා මා මැද සැඩ පහරේ
සිහිනයකි මා වශියෙන් පිබිදූ
දෙනෙතින් කඳුළක මුතු ඇමිණූ

 

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page