Categories
Health

රැවුල නොවැවෙන හේතු සහ අත් බෙහෙතක්

Image: indiatimes.com

පිරිමියෙක්ගේ නියම පෙනුම එන්නට නම් හොඳ රැවුලක් තියෙන්නට ඕනෑ. කොණ්ඩෙ ලස්සනට කපලා, ඊට ගැලපෙන්න රැවුල ගාණට ශේප් කළාම තමන්ට හොඳ ප්‍රතාපවත් පෙනුමක් ලැබෙනවා. කාන්තා ආකර්ෂණය විතරක් නෙවෙයි, හොඳ රැකියාවකට යන්න තමන්ගේ මුහුණෙන් අධිෂ්ඨානාත්මක ඍජු පෙනුමක් ලබා දෙන්නට රැවුලට තිබෙන්නේ පුදුම හැකියාවක්. ව්‍යාපාර කටයුත්තක් සඳහා කෙනෙක් නම්මවා ගැනීමේදීත් තමන්ගේ ප්‍රතාපවත් පෙනුම බොහොම වැදගත් වෙනවා. අපි කතා කරන කෙනාට අපි ගැන හොඳ ආකල්පයක් ගොඩ නැගෙන්නට අවශ්‍ය මුල්ම දේ තමයි පෙනුම කියන්නේ.

මෙහි රහස තමයි, අපිට අපේ මුහුණ ලස්සනට තියා ගන්නට කැප වෙන්නට පුළුවන් නම් අපිට ජීවිතේ අනිත් දේවල්නුත් සාර්ථකව කරන්නට පුළුවන් බව අනෙක් අයට වැටහීයාම. රක්ෂණ සහතිකයක්, ලීසිං එකක් ලබා දෙන්නට ඔබ පාරිභෝගිකයෙක් ඉදිරියට යනවා නම් විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිත කාලයේම එකට ඉන්න බලාගෙන හිතේ ඉන්න ගෑණු ළමයාව කැමති කරගන්න යනකොටත් ලස්සනට වවපු රැවුලක් ඊට මහත් සහයෝගයක් ගෙන එනවා. අතීතයේ පටන්ම රැවුල පෞරුෂත්වයේ ආභරණයක් බවට පත්වුණා. තමන්ට පෙන්වන්නට අවශ්‍ය රෞද්‍ර බවක් ද, ඍජු බවක් ද, නැත්නම් අපිරිසිදු බවක් ද කියන ඕනෑම දේකට මුල් වෙන්නේ රැවුල යි. ඉතින් රැවුල හරියට control කළොත්, ජීවිතයේ control එකත් ඔයාට ලේසියෙන්ම අතට ගන්න පුළුවන්.

Advertisement

ස්වභාවධර්මය විසින් පුරුෂයන්ට ලබා දී ඇති මේ ආභරණය සමහර හේතු නිසා අහිමිවෙන අවස්ථා තියෙනවා. කොච්චර හොඳට රැවුල වැවෙන්නට ඉඩ හැරියත්, තැනින් තැන රැවුල වැවෙන එක සහ රැවුලේ ප්‍රමාණය මදි වීම අපේ මුහුණට සරිලන පෙනුම ලබාගන්නට බාධාවක් වෙනවා. නමුත් ඒ සඳහා පොඩ්ඩක්වත් වධ වෙන්නට අවශ්‍ය නැහැ. විද්‍යාව දියුණු මේ කාලයේ ඒ හැමදේකට ම විසඳුමක් තිබෙනවා. ගෙදරදී හදාගන්නට පුළුවන් අත් බෙහෙත් සමඟ වඩාත් සාර්ථකව රැවුල වවාගන්න ක්‍රමයක් අපි ඔබට කියන්නම්. මේ ගෙන එන කරුණු විද්‍යාත්මක පරීක්ෂණ මත තහවුරු කරන ලද මූලාශ්‍ර මත ගොඩනැගී තිබෙන නිසා සහ ඒවායේ ස්වාභාවික බව නිසාම ඔබට උපරිම සාර්ථකත්වයක් මේවායින් ලබාගන්නට පුළුවන්.

කෙස් ගහක ජීවන කතාව

කෙස් ගහෙන් බේරෙනවා කිව්වාට, කොස් ගහක් වගේ; කෙස් ගස් වලටත් උත්පත්ති කතාවක් තියෙනවා. එකෝමත් එක රටක සිද්ධ වුණු ඒ කතාව කියන්න ලේසි වෙන්න අපි episode හතරකට වෙන් කරගමු.

1. වර්ධන අවධිය

කෙස් ගසේ පළමු අවධිය මෙයයි. අවුරුදු 2ත් – 7ත් අතර කාලයක් පවතින මේ අවධිය කෙස් ගසේ දිග තීරණය කරනවා. කෙස් මූලයේ තිබෙන ‘බල්බය’ නමැති කොටසේ තිබෙන සෛල වේගයෙන් බෙදෙන්නට පටන් ගන්නවා. කෙස් මූල කුහර වලින් 80% – 90% විතරම මෙම අවධියේයි තිබෙන්නේ. ගොඩක් දිගු කෙස් කළඹක් තිබෙන අයගේ මේ ඇනජන් (Anagen) හෙවත් වර්ධන අවධිය හොඳින් සිදු වෙනවා. කේශ මූලයන් ‍ශරීරයේ තිබෙන ස්ථානය අනුව මෙම වර්ධන කාලයන් වෙනස් වෙනවා. ඇහි බැම, ගත පුරා රෝම සහ රැවුලට වෙනස් වර්ධන අවධි කාලයන් තියෙනවා. එහෙම වුණේ නැත්නම්, ඇස් දෙක වහගෙන පහතට ඇහි බැමි වැවෙන හැටි හිතන්නකෝ. ප්‍රශ්නය තියෙන්නේ රැවුල ඇහි බැම තරම්ම වුණ එක! නේද? වැවෙන ස්ථානය විතරක් නෙවෙයි; ජාන, වයස, සෞඛ්‍යය තත්ත්වය බලපානවා මෙන්ම හිසකෙස් වලට ලැබෙන පෝෂණයත් බොහොම වැදගත් වෙනවා.

2. සංක්‍රමණ අවධිය

දවස් 10ත් – සති 3ත් පමණ කාලයක් පවතින මෙය කෙටිම අවධිය යි. කෙස් ගස පෝෂණය සහිත රුධිර සැපයුමෙන් මිදී වර්ධනය නිමා කරනවා. මේ සමඟ වර්ධන අවධියේ අවසානය සනිටුහන් වන නිසා කෙස් ගසේ වර්ධනයක් තව දුරටත් සිදුවන්නේ නැහැ. එනිසා මේ අවධිය ඉක්මණින් පැමිණීම කෙස් ගසේ වර්ධනයට බාධාවක් වන නිසා අපිට රැවුල වැවීමේදී අවාසියක් වෙනවා.

3. විවේක අවධිය

දරු මල්ලන් හැදීමක් නැති නිසා ඔන්න දැන් කෙස් ගස තමන්ගේ ජීවිතයේ විවේක සුවය විඳින්නට පටන් ගන්නවා. මාස තුනක් පමණ පවතින මේ කාලය නව කෙස් ගසක් එහි පතුලෙන් මතුවන තුරු රැ‍ඳ‌ෙනවා. කෙස් ගස් වලින් 10% – 15% ක් විතර ම මේ අවධියේ තමයි තියෙන්නේ.

4. ගැලවීයාමේ අවධිය

කෙස් ගසෙහි ජීවන කාලයේ අවසානය ගෙන එන මේ අවධිය අපේ අවධානය බොහොම දිනාගන්නවා. කොණ්ඩෙ පීරද්දී, බාත්රූම් එකේදී කෙස් ගස් වැටී යනවා දකින්න ලැබෙන්නේ මේ කාලයේදීයි. සාමාන්‍යයෙන් කෙස් ගස් 50ත් – 100ත් අතර දවසකට වැටෙනවා. ඊටත් වඩා වෙනවා නම් ඒ ගැන බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් රැවුල් ගස් වැටෙනවා දකින්නට නැති වුණත්, රැවුල අතගාන විට හෝ පීරන අවස්ථාවකදී ගැලවෙන බව දකින්නට පුළුවන් නම් එය එතරම් හොඳ අත්දැකීමක් වෙන එකක් නැහැ.

රැවුල් ගස් ගැලවෙන එක නවත්වන්න පුළුවන් ද?

අපි කලින් කථා කළා වගේ කෙස් ගසක් සමෙන් ගැලවී යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඕනෑවට වඩා එය සිදුවෙනවා නම් ඒකට හේතු බොහොමයක් බලපාන්නට පුළුවන්. මානසික ආතතිය, රැවුල නිතරම අතගාමින් සිටීම වැනි වැරදි පුරුදු, සමේ ඇතිවන තත්ත්ව (හිසකෙස් සඳහා ඉස්හොරි) මෙයට බලපානවා. එය අවම කරගන්නට මේ දේවල් කරන්න:

  • හොඳ නින්දක් ලබා ගන්න

වැඩිහිටි පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් පැය 7 – 9ක් පමණ නින්දක් අවශ්‍ය යි. ඔබේ ගතට ඇතිවන තෙහෙට්ටුව නිවා දමන්නට සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගන්නටත්, සිතට නව ප්‍රබෝධයක් ලබා දෙන්නටත් සමත් වන නින්ද ඔබේ සම මත ඇති කෙස් ගස් වලින් නිරූපණය වෙනවා.

  • මානසික ආතතිය අඩු කරගන්න

අද කාලයේ තිබෙන තරගකාරී අධ්‍යාපන සහ රැකියා ‍ක්ෂේත්‍රයන් මානසික ආතතීන් ඇති කරලන්නේ අපි ‍නොදැනුවත්ව ම යි. නමුත් ඉන් මනස මෙන්ම අපේ ශරීරය ද පීඩාවට පත් වෙනවා. කොච්චර සල්ලි තිබ්බත් ඔළුවේ කොණ්ඩය නැත්නම්, මුහුණේ රැවුල නැත්නම් හිතට සතුටක් දැනෙන්නේ නැහැ. ලස්සනට තමන්ගේ පෙනුම තියාගන්නට නම් ජීවන රටාව ගැනත් සැලකිලිමත් වෙන්නට සිදු වෙනවා.

  • ව්‍යායාම කරන්න

හොඳින් ව්‍යායාම කරනවිට සමේ රුධිර සැපයුම නිසි ආකාරව සිදු වෙනවා. ශරීරයේ තිබෙන අනවශ්‍ය මේදය දහනය වීම, දහඩිය දැමීම නිසා අහිතකර ද්‍රව්‍ය සිරුරෙන් පිටවීම සහ මොළයේ ලේ ගමනාගමනය හොඳින් සිදුවීමෙන් මානසික සහනයක් ද සලසා ගන්නට පුළුවන්. වෙලාව නැතිකම සහ උවමනාවක් නැතිකම නිසා අපි ව්‍යායාම නොකළත්, මුහුණේ රැවුල වවාගන්න මේ දේවල්නුත් අත්‍යාවශ්‍ය බව හිතට ගන්න ඕනේ.

  • කෙටි කෑම සහ රසායනික ද්‍රව්‍ය

කාර්යබහුුල බව නිසා ආහාර නොගෙන සිටියාම සිරුරට නිසි පෝෂණයක් නොලැබී යනවා. අවසානයේ එයට වන්දි ගෙවන්නට සිදු වන්නේ හොඳින් නොවැඩුණු කෙස් සහ රැවුලට යි. රැවුලයි, කැඳයි දෙකම බේරගන්න එක ගැන වධ වෙන්න කලින් හොඳට කැඳ බීලා හිටියොත් රැවුල හොඳට වවාගන්න පුළුවන් වේවි. මුහුණේ ආලේප කරන විවිධ රසායනික ද්‍රව්‍ය, කෙටි කෑම වල තිබෙන අහිතකර රසායන අපේ ශරීරයට කෙතරම් හිතකර ද යන්න ඒවා භාවිතා කරන්නට කලින් හිතා බලන්න. විටමින් C, විටමින් E, ප්‍රෝටීන්, යකට, සින්ක් වැනි දේවල් ආහාරයට එකතු කරගන්න.

  • හොඳට වතුර බොන්න

වතුර බිව්වාම සමේ හොඳින් තෙතමනය රැ‍ඳ‌ෙනවා. එවිට සම වියළී ගොස් කෙස් ගස් වැටීයාම නතර වෙනවා. විවිධ බීම වර්ග වලට ඇබ්බැහිව සිටින අපි වතුර බොන එක බොහොම සීමා කර තිබෙනවා. ඒකෙන් අනවශ්‍ය ලෙස ඇඟට සීනි ඇතුළු වීම සහ ලැබෙන නැවුම් ජලය ප්‍රමාණය අවම වීමෙන් හිසේ ඉස්හොරි, මුහුණේ වියළි බව නිසා ප්‍රතාපවත් බව නැතිව යාම වැනි දේවල් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා.

රැවුල වැවෙන්න ඉඟුරුවල බලය

ඉඟුරු කියන්නේ අපේ කුස්සියේ අනිවාර්යයෙන්ම තිබෙන දෙයක්. මේ ඉඟුරු වලට පුළුවන් කෙස්ගස් වැවීම වර්ධනය කරමින් ගැලවී යාම අඩු කරලන්නට. ඒ වගේම කෙස් ගස මෘදුව, දීප්තිමත් කරන්නටත්, සම නීරෝගී කරන්නටත් මේ අපූරු ඖෂධයට හැකියි. 

ඉස්හොරි නිසා හිසත්, වියළීම නිසා රැවුල් ගස් ආශ්‍රිත මුහුණ කසන ස්වභාවයක් තිබෙනවා නම් ප්‍රදාහයන් වැළැක්වීමේ ඉහළ ගුණ ඇති ඉඟුරු වලින් ගෙදරදී ගැල්විය හැකි බෙහෙතක් හදාගන්න පුළුවන්. ඉඟුරු කුඩා කැබලි වන ආකාරයට කපාගෙන (හෝ බ්ලෙන්ඩ් කර රෙදි කඩකින් යුෂ ඉවත් කරගෙන) වර්ජින් හෙවත් සුපිරිසිදු පොල්තෙල් එක්ක කළවම් කරන්න. දැන් මේ පේස්ට් එක මුහුණේ (හෝ හිසේ) හොඳින් ආලේප කරන්න. පැයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. ආලේප කරගෙන සිටින අවස්ථාවේදී උණුසුම් බවක් දැනෙන්නට ගනීවි. එය සාමාන්‍යයි. කෙස් වැවීමට නම්, ඔලිව් තෙල් වුවත් හොඳයි. කෙස් ගැලවී යාම වළක්වා ගන්නට නම්; සූර්යකාන්ත තෙල්, අලිගැටපේර තෙල් වුවත් යොදාගන්නට පුළුවන්.

ඉඟුරුවල ඇති ප්‍රතිඔක්සිකාරක වලින් හිසකෙස් වලට හානිවීම්, තුනීවීම් සහ වැටීයාම වළකනවා. ඛනිජ ලවණ වලින් පිරි ඉඟුරු, කෙස් ගස් වලට කන්ඩිෂනර් එකක් වශයෙන් ද ක්‍රියා කරමින් සුමුදු, දිලිසෙන බවක් ගෙන එනවා.

විටමින් E සහ ග්‍රේප්ෆෘට්

රැවුල හොඳින් වැඩෙන්නට නම් විටමින් E අත්‍යාවශ්‍ය යි. 2001 දී කරන ලද පරීක්ෂණයකින් තහවුරු කර ඇත්තේ කෙස් ගස් සඳහා පෝෂණය සපයන රුධිර නාලවල රුධිර ගමනය වැඩි කරමින් කෙස් ගස්වලට අවශ්‍ය පෝෂණය හොඳින් ලබාදෙන නිසා කෙස් වර්ධනයට ඉන් ලැබෙන ප්‍රයෝජනය ඉමහත් බවයි. සම වියළී යාම වළ

දොඩම් වලට සමාන ග්‍රේප්ෆෘට් පලතුර විටමින් C වලින් අනූනයි. නීරෝගී කෙස් පවත්වා ගනිමින් සුමුදු බවක්, දිලිසෙන බවක් ලබා දෙන්නට එයට පුළුවන්. ඉන් ලබාගන්නා තෙල්, දෙහි හෝ දොඩම් සමඟ මිශ්‍ර කර කම්මුල්වල ආලේපනය කිරීමෙන් රැවුල වැවීම උත්ප්‍රේරණය කරන්නට පුළුවන්. විනාඩි 30ක් පමණ තබා සෝදා හැරිය හැකියි. කෙස් නීරෝගී කරලන්නට, කෙස්ගස් වල ඇති දුගඳ නැති කරන්නට, සම පිරිසිදු කරමින් තෙතමනය රඳවන්නට, දිලිසෙන කෙස් ගස් ඇති කරලන්නට හැකි මේ අපූර්ව ඖෂධය ලංකාවේ අපිට සොයා ගැනීම නම් අපහසුයි. හැබැයි ඒ වෙනුවට විසඳුමක් තිබෙනවා:ක්වමින් සමේ තෙල් නිපැයීම යාමනය කරන නිසා ඉස්හොරි ඇතිවීම ද අවම කරලනවා. මුහුණට පැහැපත්, නැවුම් පෙනුමක් ගෙන එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page