• JavaScriptවල Tagged Template Literals කියන්නේ මොකක්ද?

    ඔයාලා JavaScriptවල Tagged Template Literals එක්ක වැඩ කරලා තියෙනවාද? සමහර විට නමින් දන්නෙ නැති වුණාට postgresql.js වගේ library එකක් use කළා නම් අනිවාර්යයෙන්ම මේ වගේ code එකක් ලියලා ඇති.

    මටනම් මුලින්ම ඔය වගේ ලියන්න වුණාම කල්පනා වුණේ, කොහොමද function() එකකදි වගේ brackets නැතුව ඔහොම ලියන්නෙ පල්ලෙගෙදර කිරි අප්පගෙ බූදලෙන්ද කියලා. ඊට කලින් backticks දාලා variable values ලියලා තිබුණට (උදා: `My age is ${age}`) function name එකක් එක්ක backticks ලියන එක odd වගේ දැනුනා.

    Advertisement

    අන්න ඒ backticks දාලා ලියන එකට කියන්නේ Template literals කියලා.

    (more…)
  • JS වලින් Date Validation කරමු

    JavaScriptවලදි වලංගු දිනයක් පරීක්ෂා කරන්න ඕන වුණාම ඔයා මොකද කරන්නේ? විශේෂයෙන්ම user input වලින් “2025-40-12” වගේ වැරදි දත්තයක් ආවොත්?

    Frontend එකක මේක කරද්දි Datepicker එකක් දාන්න පුළුවන් වුණාට, API එකකට backend request එකක් විදියට ඕනම විදියක value එකක් එන්න පුළුවන්. (එහෙම එන්නෙ කොහොමද, 40 මාසයක් තියෙනවා කියලා හිතන ලොන්තපෝල් ඇටගෙවල නාකි රතු බූන්දියෙක් ඉන්න පුළුවන්ද කියලා Developmentවලට අත්පොත් තියන කාලෙ හිතුණට critical systemsවල මේ හැම scenario එකක්ම validate කරන්න වෙනවා).

    (more…)
  • JavaScript Array.reduce() ගැන කතා කරමු

    reduce() කියන්නේ array එකක් තුළ තියෙන values එකට එකතු කරලා final result එකක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් method එකක්.

    reduce() එකේ හැසිරීම තේරුම් ගන්න හොඳම උදාහරණය:
    🍳 ඔම්ලට් එකක්.

    Advertisement

    අපි array එකක් ගමු [බිත්තර, සිහින්ව කපාගත් ළූණු, කපාගත් අමු මිරිස්, ලුණු, ගම්මිරිස්]. දැන් මේ ටික වෙන වෙනම තියෙද්දි ඒකට ඔම්ලට් එකක් කියන්න බෑනේ.

    අන්න ඒ නිසා අපි reduce() කරන්න ඕන.

    (more…)
  • මැක් බුකයක් ගැනීම සහ මාරුවීමේ දුක සතුට

    ඔපීසියෙන් හම්බුණ 14″ ලැප් එකට ඇබ්බැහි වෙලා පුංචි සයිස් එකක් ගන්න ආසාවක් ආවා. මගේ තිබ්බ Acer එකත් දැන් අවුරුදු 5ක් විතර පරණයි. අභාවයට යන ලකුණු පෙන්නන්න ගත්තා.

    ඒ නිසා පොඩි එකක් බල බල ඉඳිද්දි තමා ඇපලයක රහ බලන්න හිතුණෙ. රහට වඩා පට්ට සුවඳයි. මොනා නැතත් අලුත් ටෙක් අයිතමේක සුවඳ බැලිල්ල කාලෙකින් වින්දා. 

    Advertisement

    මං ගත්තෙ Macbook Air M4 (2025) 16GB RAM, 256GB storage තියෙන base ​මොඩල් එක. අලුත් කඩේකිං කොත්තුවක් ටෙස්ට් කරද්දිත් මුලින් අරං බලන්නෙ නෝමල් සයිස් එකක් නෙව.

    (more…)
  • Monkeypox පැතිරීම නිසා ‍ගෝලීය හදිසි තත්ත්වයක් – WHO

    වඳුරු උණ හෙවත් මන්කිපොක්ස් (Monkeypox) වසංගතයේ පැතිරීම නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ගෝලීය වශයෙන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

    මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම වගේම, ඒකෙන් කියවෙන්නේ මේ රෝගය ලෝකය පුරා ව්‍යාප්ත විය හැකි බව. එන්නත් නිපදවීම වේගවත් කිරීමට සහ වෛරසය පැතිරීම සීමා කිරීමට කටයුතු කරන්නත් මේකෙන් රටවල් පොළඹවනු ලබනවා.

    (more…)
  • ඉන්දියා‍වේ වැඩ පෙන්නූ ලංකාවේ නීතීඥවරිය

    අරගලයත් එක්ක අපේ නිතීඥවරුන්, වරියන් ගොඩ දෙනෙක් අපිට සක්‍රීයව මිනිස්සු වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ලැබුණා. ඒ වගේම ඒ කාලේ පටන් ඒ වෘත්තීය ගරුත්වය රැකපු කෙනෙක් ගැනයි මේ කතාව.

    එක්සත් රාජධානියේ නීති විභාගය සමත් වූ ශ්‍රී ලංකාවේ (හරියටම කිව්වොත්, සිලෝන් වල) පළමු කාන්තාව වුණේ ඇවබායි බොමාන්ජි වඩියා යි. ඒ වෙද්දි ඇයට අවුරුදු 19ක්!

    (more…)
  • Spyware නවත්වන්න ඇපල් වලට Lockdown mode එකක්

    මේ අවුරුද්ද අන්තිමට එන අලුත් OS update එකත් එක්ක සියලුම iPhone, iPads සහ Macs වලට Lockdown Mode එකක් ලැබෙනවා. Lockdown කිව්වාම මතක් වෙන්නේ කොරෝනා වුණාට මේක දෙන්නේ Spyware මෘදුකාංග වලින් ආරක්ෂා වෙන්නට යි.

    (more…)
  • බැංකු ගිණුම් අංකයෙන් සල්ලි උස්සන අලුත් ජාවාරම

    මෑතකදි දකින්න ලැබුණු පෝස්ට් එකක මෙහෙම තිබුණා:

    “Ikman එකේ භාණ්ඩයක් විකිණීමට දැන්වීමක් දැම්මා. සුළු වේලාවකින් advance එකක් දාන්න HNB ගිණුමක් ලබා දෙන්න කීවා. තැන්පත් කරන මුදල ලොකු අගයක් බැවින් මුලින් පොඩි ගාණක් දානවා, ආපු ගමන් ඒ ගණන කීයද කියන්න කීවා. සුළු වේලාවකින් ගිණුමේ තිබූ සියලුම මුදල් හැක් කර ලබා ගෙන.”

    Advertisement

    ‍ඒ පෝස්ට් එකේ අදාල බැංකුවට චෝදනා කළත් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ දැනට ක්‍රියාත්මක වෙන JustPay සේවාවේ authenticate කරන ක්‍රමවේදයේ අවුලක් නිසයි. බොහෝ දුරට බැංකුව පැත්තෙන් වරදක් තියෙන්නත් පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි.

    (more…)
  • කාන්තා පිරිමි ඔබේ කොණ්ඩෙ යනවාට හේතු සහ අත් බෙහෙත්

    අකලට හිසකෙස් වැටෙන එක, නිතරම කොණ්ඩෙ වැටෙන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මේවාට දහස් ගණන් බෙහෙත් වලට වියදම් කරලා අමාරුවෙ වැටෙනවාට වඩා තමන්ට එහෙම වෙන්න මොකක්ද හේතුව කියන එක හොයලා බලන එක ගොඩක් වැදගත් වෙනවා.

    මේ ලිපියෙන් කොණ්ඩෙ හැලෙන එකට හේතු වගේම අත්හදා බලන්න පුළුවන් අත් බෙහෙත් කිහිපයකුත් දැකගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන එකම දේ තමයි, හැමෝටම හරියන සර්ව සම්පූර්ණ බේතක් නැහැ කියන එක.

    (more…)
  • Dialog Ring-In Tone අයින් කරගන්නේ මෙහෙමයි

    Dialog RingIn Tone කියන්නේ අපිට කෝල් එකක් ගන්න කෙනෙක්ට ඇහෙන්න සින්දුවක් යන එක. ඒවා දාගන්න හැටි වගේම, අයින් කරගන්න හැටිත් මේ ලිපියෙන් දැනගන්න පුළුවන්.

    (more…)

You cannot copy content of this page