බුද්ධි මට්ටම මැනීමේ අගයක් වන IQ අගය මානසික සහ කාලානුක්‍රමික (chronological) වයස පදනම් කරගෙන ලබාදෙන්නක්. මෙම පරීක්ෂාවන් සඳහා මුහුණ දුන් බුද්ධිමතුන් බොහොමයක් ලකුණු 100ක පමණ අගයයක් ලබන අතර, ඉහළ අගයයන්ට හිමිකම් කියන්නට සමත් වන අය IQ අංක වලින් පමණක් නොව හැකියාවන්ගෙන් ද ලෝකයේ අවධානය දිනාගනු දකින්නට තිබෙනවා. ඇල්බට් අයින්ස්ටයින් පමණක් නොව, අපේ රටේ නිෂී උග්ගල්ල සිසුවියත් මේ ලැයිස්තුවේ ඉන්නවා.
අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම කියලා හැම තැනම දකින්න ලැබුණාට ඒවා කරන්නට ගිහින් සමහර විට ඔබ ගොඩක් අමාරුවේ වැටිලා ඇති. එහෙම සිද්ධ වෙන එක අහම්බයක් නෙවෙයි. ගොඩක් දෙනා කරන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන බව උගන්වන බවට පොරොන්දු වෙලා ඔවුන් මුදල් හොයාගන්නා එකයි. එයාලා ප්‍රධානම ක්‍රමය විධියට කියන්නේ ඇඩ් ක්ලික් කිරීම යි. ඒත් ඒ වගේ බොරු වැඩ වෙනුවට මහන්සියෙන්, හරියට මුදලක් අතට එන විදියට කරන්න පුළුවන් නිවැරදි ම ක්‍රම 10ක් ගැනයි මේ ඔත්තුව.
ඉක්මණින් මතක තියාගන්න ක්‍රම 12ක්
ගොඩක් අයට ජීවිතේ ගැටළු දෙකක් තිබෙනවා. එකක් තමයි, මේ කියන දේ මේ මතක නැහැ. අනෙක් එක තමයි, මේ කියන දේ මේ මතක නැහැ. මොකක්ද අපි දැන් කියන්න ගියේ? ආ හරි. මෙන්න මේ අමතක වෙන ගැටළුවට කරන්න පුළුවන් පර්යේෂණ වලින් තහවුරු වුණු ප්‍රතිකර්ම 12ක් ගැනයි මේ ඔබට ගෙන එන්නේ.
රැවුල නොවැවෙන හේතු සහ අත් බෙහෙතක්
පිරිමියෙක්ගේ නියම පෙනුම එන්නට නම් හොඳ රැවුලක් තියෙන්නට ඕනෑ. කොණ්ඩෙ ලස්සනට කපලා, ඊට ගැලපෙන්න රැවුල ගාණට ශේප් කළාම තමන්ට හොඳ ප්‍රතාපවත් පෙනුමක් ලැබෙනවා. කාන්තා ආකර්ෂණය විතරක් නෙවෙයි, හොඳ රැකියාවකට යන්න තමන්ගේ මුහුණෙන් අධිෂ්ඨානාත්මක ඍජු පෙනුමක් ලබා දෙන්නට රැවුලට තිබෙන්නේ පුදුම හැකියාවක්. ව්‍යාපාර කටයුත්තක් සඳහා කෙනෙක් නම්මවා ගැනීමේදීත් තමන්ගේ ප්‍රතාපවත් පෙනුම බොහොම වැදගත් වෙනවා. අපි කතා කරන කෙනාට අපි ගැන හොඳ ආකල්පයක් ගොඩ නැගෙන්නට අවශ්‍ය මුල්ම දේ තමයි පෙනුම කියන්නේ.
දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්නේ නැතිව දෙමව්පියන් සමඟ වැඩි කාලයක් හැදී වැඩෙන්නට අවස්ථාව ලබා දෙන්නට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අවස්ථාව ලබා දෙනවා. අපි කිරෙන් හැරෙත්දී ම මොන්ටිසෝරියකට යවා අම්මා-තාත්තා නැතිව හඬා වැටෙන දරුවන් පිරිසක් බිහි කරද්දී නිසි වයසට ආ විට පාසලකට යැවීම එරට සිදු වෙනවා. “දෙගුරුන්” හෙවත් මූලික අධ්‍යාපනය ලබා දිය යුතු “මව්පියන්” ගෙන් ළමයින්ව වෙන් කර පාසලක සිරගත කිරීමෙන් ඔවුන්ට දෙමාපියන් සමඟ ගත කිරීමට ඇති කාලය අඩු වෙනවා. තනිව හැදෙනවිට මව්පියන්ට ඇතිවන ලෙන්ගතුකම අඩුව යනවා. අවසානයේ, වයසටත් කලින් මහළු මඩම් වලට මව්පියන්ට යන්නට සිදුවන්නේ තමන්ගේ දරුවන්ව පාසල්වල සිරගත කිරීමේ වරදට දඬුවමක් වගේයි.
අම්මා අපේ හරි හොඳයි – Lyrics, MP3
ගොඩක් ඉස්සර වෙළඳ දැන්වීමක් නිසා හිතට වැදුණු, දැන් අහම්බෙන් අහන්න ලැබෙන “අම්මා අපේ හරි හොඳයි” සින්දුව පරණ මතක අවදි කරනවා. ගොඩක් දෙනෙක් ඉල්ලපු නිසා මෙහි Lyrics සහ MP3 එක මෙහි අඩංගු කරනවා.
“ඒ අය අන්තවාදීන්. එයාලා නිසා අහිංසක අපිට වරද පටවන්න එපා” කියලා පහුගිය කාලේ කඳුළුත් එක්කම එක එක කතා ඇහෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ මිනුවන්ගොඩදි වෙච්චි සිද්ධියේදි නම් හැබැයි ඒ කඳුළු කතාවම ඇහුණේ වෙනස් විදියකට. “අපිට ගැහුවා. අහිංසක අපිට ගැහුවා.” ඒ වෙලාවේ දකුණෙන් කවුරුත් කිව්වෙ නෑ හැබැයි “ඒ ගැහුවෙත් අන්තවාදීන්, සිංහල අය නෙවෙයි” කියලා. කොහොම නමුත්, වෙන්න ඕන දේවල් සිද්ධ වුණා. අපි අද මේ මැයි මාසෙදි මාර්තුකා කරගන්නෙ ඔන්න ඔය වගේ සීන් නිතර සිද්ධ වෙන එක ගැන.
ගංජා හොඳ ද?
මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද හොඳ ය. නමුත් ඒ ස්වල්ප ප්‍රමාණයකින් දැමීමෙනි. ඕනෑවට වඩා දැම්මොත් කන්නත් බැරිය, නිතර වැඩිපුර ආහාරයට ගත්තොත් හෘදයාබාධ පවා ඇතිවේ.
සමාජ ජාල වලින් ලොකු කමක් සේ පෙන්වන, ශරීරයට හිතකර යැයි පෙන්වන මිරිඟූන් නිසා ඊට ඇබ්බැහි වන තරුණ සමාජයක් රට තුළ බිහිවෙමින් පවතී. එය දේශපාලනඥයන් හෝ ඊට මුදල් යොදවන්නන්ගේ කූට වෙළඳ ප්‍රචාරණයක් විය හැක. මෙහි බලපෑම බාලවයස්කාරයන්, ගායකයන් සිට විශ්ව විද්‍යාල වෙත ද පැතිරී ගිය බරපතල ගැටළුවකි.
පුංචි එකාගෙ රචනාව: සමනල රෑන
සමනලාලාට ලත්තන පිහාටු තිනවා. මං ආසයි සමනලය පිහඹනවා බලනන්. එයලා මල්වල වසලා පැණි බොති. ඔලුවෙ අං දෙකකක් තිබේ. තව සමනලයාවෙක් දැක්කම තව කත්ටිය අඩගහන එයාලා ගොඩරියක් සිරීපාදෙ වඩින්න යනෝලු. අපේ රටේ ජනාඩිමති සිරී මාමාත් සමනල්ලුන්ට මං වගේම ආසයි කියලා අප්පච්චි කියපු ඇහුනා. සිරී මාමිගෙ පාදෙ වඩින්න ඒලා යනවා ඇති කියලා මට හිතුනෙමු.
eSports TDM එකේ CoD ගැහිල්ල
ගේම් ගහන එක ලංකාවෙ නෙවෙයි කොයි රටෙත් බැණුම් ඇහිල්ලෙ මුල් පුරුක. බණින සද්දයක් ඇහෙද්දි ඒ බණින්නෙ අම්මද නැත්තං බැඳපු මනුස්සයාද කියලා හිතාගන්න ගේම් ගහන එකාට වරුවක් යනවා. හැබැයි ඒක හිතන්නවත් මල්ටිප්ලේයර් ගේමක් pause කරන්න බෑ. අන්න ඒක ළඟට ඇවිත් කෑ ගහන කෙනා දෙයියන්ගේ නාමෙට තේරුම් ගන්නට ඕනෑය.