Categories
Current Affairs Health

ඔසප් දවසට නිවාඩු දෙන ස්පාඤ්ඤය

ශ්‍රී ලංකාවේ තාම පෑඩ්වලටත් රෙදි කෑලි පාවිච්චි කරන්න කියන මිනිස්සු ඉඳිද්දී වෙන රටවල් වල ආණ්ඩු ඔසප් නිවාඩු හඳුන්වාදෙන එක ගැනයි කතා වෙන්නේ.

දරුණු ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා නිවාඩු දින හඳුන්වා දෙන පළමු බටහිර රට බවට පත් වෙන්න ස්පාඤ්ඤය සූදානම් වෙනවා. 

Categories
Health

Monkeypox ගැන කෙටියෙන්

මේකට හේතු වන්නේ වසූරිය වෛරස් පවුලේම සාමාජිකයෙකු වන Monkeypox වයිරසයක්. ඒක මුලින්ම හඳුනා ගෙන තියෙන්නේ කූඩු කරපු වඳුරෙක්ගෙන්. බටහිර අප්‍රිකානු සහ මධ්‍යම අප්‍රිකානු ලෙස මෙම වෛරසයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා.

මේක දුර්වල වෛරසයක් නිසා දරුණු බව අඩු මට්ටමක තමයි පවතින්නේ. ඒ වගේම විශේෂඥයින් කියන විදියට ආසාදනය වීමේ සම්භාවිතාවත් ගොඩක් අඩු යි.

Categories
Health

සම රැලි වැටෙන එකට අත් බෙහෙතක්

Image: webmd.com

අපේ කාර්යබහුල ජීවිතය නිසා නිතර ගමන් බිමන් යද්දි පරිසරයේ ඇති විවිධ දූවිලි අංශු, වාහනවල දුමෙන් පිටවන අහිතකර දේවල් අපගේ සම තුළ තැන්පත් වෙනවා. ඒ වගේම වැඩි කාලයක් හිරු රශ්මියට නිරාවරණය වන නිසා සමේ තිබෙන තෙතමනය නැති වී යාම වගේ හේතු ගොඩක් නිසා ඇත්තටම වයසට යන්නටත් පෙර අපගේ සමේ විවිධ පැල්ලම් සහ රැලි වැටීම් ඇති වෙනවා. දවසේ ඔබ ෆෝන් එකත් එක්ක ගත කරන වෙලාවෙන් පුංචිම පුංචි විනාඩියක් සම වෙනුවෙනුත් ගත කරන්නට පුළුවන් නම්, දිදුලන සමක් පවත්වා ගන්න හැකි වෙනවා. ‍මොකද, ඔබේ ලස්සන පෙනුම තියාගන්න ප්‍රබලම සාධකයක් තමයි සම කියන්නේ.

Categories
Health Something to think

ගංජා හොඳ ද?

මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද හොඳ ය. නමුත් ඒ ස්වල්ප ප්‍රමාණයකින් දැමීමෙනි. ඕනෑවට වඩා දැම්මොත් කන්නත් බැරිය, නිතර වැඩිපුර ආහාරයට ගත්තොත් හෘදයාබාධ පවා ඇතිවේ.

සමාජ ජාල වලින් ලොකු කමක් සේ පෙන්වන, ශරීරයට හිතකර යැයි පෙන්වන මිරිඟූන් නිසා ඊට ඇබ්බැහි වන තරුණ සමාජයක් රට තුළ බිහිවෙමින් පවතී. එය දේශපාලනඥයන් හෝ ඊට මුදල් යොදවන්නන්ගේ කූට‍ වෙළඳ ප්‍රචාරණයක් විය හැක. මෙහි බලපෑම බාලවයස්කාරයන්, ගායකයන් සිට විශ්ව විද්‍යාල වෙත ද පැතිරී ගිය බරපතල ගැටළුවකි.

You cannot copy content of this page