Categories
Health

සම රැලි වැටෙන එකට අත් බෙහෙතක්

Image: webmd.com

අපේ කාර්යබහුල ජීවිතය නිසා නිතර ගමන් බිමන් යද්දි පරිසරයේ ඇති විවිධ දූවිලි අංශු, වාහනවල දුමෙන් පිටවන අහිතකර දේවල් අපගේ සම තුළ තැන්පත් වෙනවා. ඒ වගේම වැඩි කාලයක් හිරු රශ්මියට නිරාවරණය වන නිසා සමේ තිබෙන තෙතමනය නැති වී යාම වගේ හේතු ගොඩක් නිසා ඇත්තටම වයසට යන්නටත් පෙර අපගේ සමේ විවිධ පැල්ලම් සහ රැලි වැටීම් ඇති වෙනවා. දවසේ ඔබ ෆෝන් එකත් එක්ක ගත කරන වෙලාවෙන් පුංචිම පුංචි විනාඩියක් සම වෙනුවෙනුත් ගත කරන්නට පුළුවන් නම්, දිදුලන සමක් පවත්වා ගන්න හැකි වෙනවා. ‍මොකද, ඔබේ ලස්සන පෙනුම තියාගන්න ප්‍රබලම සාධකයක් තමයි සම කියන්නේ.

සම වියපත් වීම වැළැක්වීමට දායක වන සංයෝග කිහිපයක් තිබෙනවා.

  • ග්ලිසරීන්
Advertisement

සමට අවශ්‍ය තෙතමනය පවත්වා ගන්න ග්ලිසරීන් වලට තිබෙන්නේ පුදුම හැකියාවක්. ජලය වැඩිපුර පානය නොකරන කෙනෙක්ට වුණත් ‍මින් ලැබෙන වාසිය තමයි, එය අවට වාතයෙන් ජලවාශ්ප උරාගෙන ඉන් සමේ තෙතමනය රඳවන එක. ඉන් සමට සුමුදු, තෙතමනයෙන් සහ පෝෂණයෙන් යුතු දීප්තිමත් පෙනුමක් ලැබෙනවා. හානිවූ සම ප්‍රතිස්ථාපනය කරමින් සම සුවයට පත් කරන්නටත්, බාහිර අභියෝග වලින් සම ආරක්ෂා කරන්නටත් ග්ලිසරීන් වලට පුළුවන්.

  • විටමින් C

සමේ සැකැස්ම සහ පෙනුම පවත්වා ගන්නට දායක වන විටමින් C, හිරු එළියට සම නිරාවරණය වීම සහ වායු දූෂණය නිසා සමට ඇතිවන හානි වළක්වාලන්නට කටයුතු කරනවා. සමේ දීප්තිමත් බව පවත්වා ගන්නට වගේම එය නීරෝගීව පවත්වාගන්නට විටමින් C අත්‍යාවශ්‍ය බව පර්යේෂණ හරහා තහවුරු කර තිබෙනවා. ඔමේගා-6 මේද අම්ල සහ සන්තෘප්ත මේද ස්වල්පයක් සමඟ විටමින් C ලබාදීමෙන් සමේ රැලි වැටුණු බව අඩු කරන්නට හැකි බව පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. 

  • ට්‍රයිතනෝලමයින්

ගිනිගන්නා සුළු හයිඩ්රිජන් සහ හුස්ම ගන්නට අවශ්‍ය වන ඔක්සිජන් එකතු වෙලා ගිනි ගන්නේ නැති ජලය හැදෙනවා වගේ එතිලින් ඔක්සයිඩ් සහ ඇමෝනියා එකතුවීමෙන් ට්‍රයිතනෝලමයින් කියන අපූරු සංයෝගය හැදෙනවා. මෙය face mask සෑදීමට සහ සුවඳ ගැල්වුම් ද්‍රව්‍යයක් වශයෙන් පාවිච්චියට ගන්නවා. මෙයට සමේ pH අගය යාමනය කරන්නට පුළුවන්. ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර ඇති මෙය නිවැරදි ප්‍රමාණයන්ගෙන් යොදාගත් විට සම පෝෂණය කිරීම සඳහා හොඳින් ක්‍රියා කරන්නක් බවට පත්වෙනවා.

  • කොලැජන් පෙප්ටයිඩ

කොලැජන් ප්‍රෝටීන් වල proline (ප්‍රෝලීන්) සහ glycine (ග්ලයිසීන්) ලෙස ඇමයිනෝ අම්ල වර්ග දෙකක් තිබෙනවා. මේවා අපේ ශරීරයේ සන්ධි, අස්ථි, මාංශ පේශි සහ කණ්ඩරා සෑදීමට වැදගත් වන ඒවායි. ඒ වගේම, සමේ සුමුදු බව සඳහා ද මෙයින් ලැබෙන්නේ ඉහළ දායකත්වයක්. පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ සති 4ක කාලයක් ග්‍රෑම් 2.5 – ග්‍රෑම් 5 ප්‍රමාණයන්ගෙන් කොලැජන් පෙප්ටයිඩ බාහිරින් ලබාගත් අයට සමේ ඇදීමේ ස්වභාවයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිවූ බවත්, වියපත් ගති ලක්ෂණ යටපත් වූ බවත් ය. මේ සඳහා ඔවුන් කාන්තාවන් 70 දෙනෙක් යොදාගෙනයි පර්යේෂණය කර ඇත්තේ. 

  • යූබික්විනෝන් හෙවත් Q-10 සහඑන්සයිමය

අපේ ශරීරයේ තිබෙන බාහිරම ආවරණය වශයෙන් අපේ සම බාහිර පරිසරයෙන් පැමිණෙන විවිධ අභියෝගයන්ට මුහුණ දෙනවා. ඉතින් කාලයක් ගත වෙද්දී එය නිරන්තරයෙන් ආතතියට ලක් වීමෙන් සෛල හානියට පත් වෙනවා. සම රැළිවැටීම ඇති වන්නේ එවිට යි. මෙය වැළැක්වීම සඳහා යූබික්විනෝන් (Ubiquinone) දායක වන අතර කාලයක් යද්දි ඒවා සමේ නිපදවීම අඩු වන නිසා අපිට බාහිරින් යූබික්විනෝන් ලබාගන්නට සිදුවෙනවා. වැඩිහිටියන් තිස්තුන් දෙනෙක් යොදාගෙන දිනපතා සති 12 දක්වා මිලි ග්‍රෑම් 50 හෝ මිලිග්‍රෑම් 150 ලෙස Q10 සහඑන්සයිමය ලබා දීමෙන් ඔවුන්ගේ සමේ තිබූ රැළි වැටීමේ ස්වභාවය සැලකිය යුතු සේ අඩු වූ බව සහ සමේ සුමුදු බව ඇතිවූ බව BioJournals සඟරාවේ පළවූ පර්යේෂණ වාර්තාවක තිබෙනවා.

  • කාර්නිටීන්

කාලානුරූපව සෛල වයස්ගත වෙද්දී ඒවායේ ක්‍රියාකාරීත්වය අඩාල වීමට සෛල වල තියෙන මයිටොකොන්ඩ්‍රියා බලපානවා. කාර්නිටීන් වලින් ඒවාට මේද අම්ල ගමන් කිරීම පහසු කරමින් එම ක්‍රියාකාරීත්වය පවත්වා ගන්නවා. මේ නිසා සිරුරේ ඇති වන වයස්ගත ස්වභාවය අවමවී යනවා.

සම නීරෝගීව පවත්වා ගන්න පුළුවන් ගෙදරදීම හදාගන්න පුළුවන් අත් බෙහෙත් ගොඩක් තියෙනවා.

  1. බිත්තර සුදුමද

සම ලස්සනට පවත්වාගන්නට බිත්තර වලට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. එහි ඇති ඔමෙගා-3 මේද අම්ල, ප්‍රෝටීන් සහ සින්ක් වලින් වයස පෙනුම නැති කරලා සවිමත්, සුමුදු සමක් ඇති කරන්න දායක වෙනවා.

ස්වාභාවිකවම ඔබේ සමේ ඇතිවන රැලි නැති කරගන්නට බිත්තර සුදු මද වලට පුළුවන්. මෙය සකසා ගැනීම බොහොම පහසුයි. බිත්තර වල තිබෙන කහමදේ ඉවත්කර සුදුමදය පමණක් භාජනයකට වෙන්කරගෙන, එයට කිරි තේ හැඳි බාගයක් සහ ලෙමන් ජූස් තේ හැන්දක් එකතු කර හොඳින් කළවම් කරන්න. එය ආලේප කර, සම මෘදුව සම්බාහනය කරමින් හොඳින් සමට කාවදින්නට ඉඩ සලස්වන්න. අනතුරුව විනාඩි පහළොවක් පමණ තිබෙන්නට හරින්න. එවිට එය හොඳින් වියැලෙනවා. දැන් මඳ උණු ජලයෙන් සෝදාහරින්න. බිත්තරවල ඇති ඉහළ විටමින් B සහ විටමින් E සංයුතිය අපේ සම පෝෂණය කිරීමට දායක වෙනවා. දවස් තුනකට වරක් මෙය කිරීමෙන් ඔබගේ සමට අවශ්‍ය උපරිම පෝෂණය ලබා ගන්නට අමතක කරන්න එපා.

  1. කැරට් සහ අර්තාපල්

කැරට්වල විටමින් A බහුලව අඩංගුයි. එමගින් සමේ ඇති කොලැජන් නිපදවීම උත්ප්‍රේරණය කරනවා. කොලජන් වලින් සම ශක්තිමත් කරමින්, රැලි වැටෙන ස්වභාවය අඩු කරමින් යෞවනයේ දිදුලන බවක් ඔබේ මුහුණට ගෙන එනවා. අර්තාපල් කියන්නෙත් වයස පෙනුම අඩු කරන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. එයට සමේ තිබෙන රැලි  ඉවත් කරමින් සිත්ගන්නාසුළු පැහැයක් ලබා දෙන්නටත් හැකියාව තිබෙනවා. 

කුඩා කැරට් අලයක් සහ කුඩා අර්තාපල් අල කැබැල්ලක්, කහ කුඩු ස්වල්පයක්, බේකින් සෝඩා ස්වල්පයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. ප්‍රථමයෙන් කැරට් සහ අර්තාපල් අල තම්බා ගෙන ඒවා කුඩා කැබලි වලට කපාගන්න. අනතුරුව බ්ලෙන්ඩරයෙන් එය paste එකක් බවට පත්කරගන්න. දැන් එයට කහ කුඩු ස්වල්පයක් සහ බේකින් සෝඩා එකතු කරන්න. එය ඝනකම් අ‍ාලේපයක් ලෙස පවතින සේ ජලය ස්වල්ප වශයෙන් එකතු කරගන්න. සකසා ගත් මිශ්‍රණය මුහුණේ සහ බෙල්ලේ ආලේප කර, විනාඩි 20ක් පමණ තිබෙන්නට හැර මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මේ ආලේපයෙන් ඔබේ සමට පෝෂණය ලබා දෙන්න.

  1. යෝගට් ආලේපය

යෝගට් තේ හැඳි දෙකක්, මීපැණි, තේ හැන්දක්, ලෙමන් ජූස් තේ හැන්දක්, විටමින් ඊ කැප්සියුලයක් සහ කහ කුඩු ස්වල්පයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. යෝගට් සමඟ දෙහි යුෂ මී පැණි සහ කහ කුඩු හොඳින් මිශ්‍ර කරගන්න. විටමින් ඊ කැප්සියුලය ඉතා පරිස්සමෙන් සිදුරු කර, එහි අන්තර්ගත තෙල් මෙම පැක් එක මතට වත්කර ගෙන හොඳින් කලවම් කරගන්න. මෙය සම්පූර්ණ මුහුණ පුරාම මෘදුව සම්බාහනය කරමින් හොඳින් ආලේප කර ගන්න. විනාඩි දහයක් – පහළොවක් අතර කාලයක් තිබෙන්නට හැර, මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

යෝගට් වල තිබෙන විටමින් ඛනිජ ලවණ එන්සයිම සහ මේද වලට සමේ රැලි නැති කරන්න පුළුවන්. එයින් ඔබේ සම නැවුම්ව සහ තෙතමනය සහිතව පවත්වා ගන්නවා. යෝගට් වල තිබෙන ලැක්ටික් අම්ලය අපේ සමේ තිබෙන සිදුරු වසා දමා සම ශක්තිමත් කරලන්නට සමත් වෙනවා.

  1. රෝස වතුර පැක් එකක්

රෝස වතුර වල තිබෙන සම ප්‍රතිස්ථාපනය කිරීමේ හැකියාවන් සහ සමේ ආම්ලික ගතිය අවමකර සෞම්‍ය බවක් ඇති කිරීම ගැන ඔබ අසා ඇති. ඒවාට සම අභ්‍යන්තරයේ තිබෙන ගැට ගැසුණු නහර යථා තත්ත්වයට පත් කරමින් රුධිර සැපයුම යාමනය කරන්නට හැකියාව තිබෙනවා. ඇස් යට ඇති පැල්ලම් පවා ඉවත් කරන්නට හා ඇස් ආශ්‍රිතව ඇති ඉදිමුණු ස්වභාවයන් යථා තත්ත්වයට පත් කරන්නටත් රෝස වතුර වලට තිබෙන්නේ අපූරු හැකියාවක්.

රෝස පෙති වලින් හදාගත්තු රෝස වතුර තේ හැඳි දෙකක්, දෙහි යුෂ තේ හැඳි භාගයක් සහ ග්ලිසරින් බින්දු කිහිපයක් මේ සඳහා අපට අවශ්‍ය වෙනවා. ඒවා හොඳින් කළවම් කරලා කපු පුළුන් ස්වල්පයක් අරගෙන එහි පොඟවලා මුහුණේ ආලේප කරන්න. නිදාගන්න කලින් කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට රෑ එළි වෙනකම් මෙය තියෙන්නට හැර, උදේට සෝදාහරින්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page