මටත් දෙන්න තරු කුමරෙක් [Lyrics]

අහස් කුස නිසලයි
සඳ කැළුම් නොවැටුණු ගණ අඳුරේ
පහනක් සේ දිලෙනා
සිනහ එළි මුවග නගනා
මටත් දෙන්න තරු කුමරෙක් තනි මකනා

කල් ගෙවිලා ආදර ලොව
මකුළු දැල් බැඳී වැසුණා
ලැබුණෝතින් තරුවක් මට
ඒ දැලෙකින් පවන් සලන්නම්
සුසුම් සරින් ගිමන් නිවන්නම්

Advertisement

මල් මැකිලා සියුමැලි වත
පරිණත දැහැනින් බැඳුණා
ලැබුණෝතින් තරු කුමරෙක්
ඒ දැහැනින් මව් සෙනෙ දෙන්නම්
ආදරයෙන් තුරුළු කරන්නම්

මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

මේකෙ තේරුම මෙහෙමයි:

බඳින්න කෙනෙක් නොලැබී ඉන්න යුවතියක් ගැන මින් කියැවෙනවා. බොහෝ කාලයක් ආදරය නොලැබීමෙන් ඇය දුකෙන් ඉන්නේ. ඒත් හරි කෙනෙක් ලැබුණොත් හොඳට සලකන්නට, ආදරයෙන් අම්මා කෙනෙක් වගේ ඔහුව බලා ගන්නට ඇය බොහොම කැමැත්තෙන් ඉන්නවා.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page