ඡායාරූපය yourbestmoment.com වෙතිනි
ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ තියාගෙන යවපු ලව් මැසේජ් එකට ආවේ ජීවිතේට නොහිතපු විධියේ ඍණාත්මක පිළිතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා අනෙක් අයගේ විවිධ කථා වලින් ලැජ්ජාවට පත් වෙලා මේක නරක කාලයක් කියලා අයින් ගහනවා වෙනුවට ඒක සාර්ථකත්වයට හරවා ගන්නා හැටියි අද අපි කතා කරන්නේ. (more…)