අනේ කොහිද මට මධු
තැටියක තබා හද
සුකොමලව වඩින බඹරු
මේ දිවිය නිසරුයි
පරවී වැටෙන යාමෙට
Author: thambaru
චිරස්ථිය නැති ලොවක බිණුවට අරුතක් නෑ
ගිම් නිවනා මංසලක
කාලයේ සැඩ මාරුතයේ
අතීත හැඩතල සුණුකොට යනහැටි
නැවතී බිණුවා අරුතක් නෑ
මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක
වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා. 😛 පොඩ්ඩක් හිටුකො. ඒ අතරෙ වෙළඳසැල් හිමියෙක් වෙසක් කියලා තමන්ගෙ කෑම කඩේ වහන්නේ නැතුව එදාටත් ඇරලා තියනවා. ඔබ මේ දෙකෙන් යන්නෙ මොකකට ද? ඔය වෙළඬෂැල් ඉමියාත් ඩන්ෂැලට යයි නේද මාතියා. උගෙන් වැඩක් නෑ යුෂ්මතා යන එක අහන්නෙ. මම යුෂ්මතා නෙවෙයි මුස්තපා ඩෝ
බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන මේ කර්තව්‍යය ඔහු විනාඩි කිහිපයකින් කළේ පුදුම කඩිසර කමෙකිනි. ඔහුගේ සුසුමෙහි ගොඩ වරුවක් සිට දියට දැමූ මාළුවෙකු මෙන් සතුටක් දකින්නට ලැබුණා. ඇතැම්විට, ඔහු හොඳින් දන්නා දේ කරන්නට ලැබුණු අවස්ථාව නිසා උපන්නක් වෙන්නට පුළුවන්. ඒත් ඒ දෑතෙහි හදිසි බවක් ද තිබුණා.
Viberවලට සිංහල Stickers ඇවිත්
පසුගිය දවස්වල අහම්බෙන් රේඩියෝ එකෙන් අහන්න ලැබුණා අමුතු ජාතියෙ වෙළඳ දැන්වීමක්. සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන්නෙ එක එක සබන් වර්ග, ජ්‍යෝතිෂ්‍ය අනංමනං, බිස්කට් වගේ දේවල් ගැන නෙ. හැබැයි එක දවසක් මෙන්න චැට් ඇප් එකක ඇඩ් එකක් යනවා. කොනිත්තගෙන බලන්න හිතුණා මේ වෙන සමාන්තර ග්‍රහලෝකයකටවත් ගිහින් ද කියලා. කොහොමහරි ඒකෙ කියන විධියට වයිබර් ඇප් එකට සිංහලෙන් ස්ටිකර්ස් තියෙනවාලු.
ට්විරෙට ලියූ නිසඳැස්
පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා.
Memes බලන්න ෆේස්බුක් නෙවෙයි 9GAG යන්න
ඔබ විවිධාකාරයේ image posts බලන්න පාවිච්චි කරන්නේ ෆේස්බුක් නම් ඒක හරියට ගමරාලගෙ අමුඩෙන් මඤ්ඤොක්කා තම්බනවා වගේ වැඩක්. ගැලපෙන දේට ගැලපෙන දේ එපෑය පාවිච්චි කරන්න. ඉතින් මේ 9GAG ගැන බොහෝ දෙනක් නොදන්න නිසා මම හිතුවා ඒ ගැන ලියන්න. මොකද ඔය ෆේස්බුක් එකේ ඔබ දකින Memes 80%ක් ම විතර මේකෙන් සම්භවය වුණු ඒවා තමයි. අනික ඒකට වඩා මේකෙ ඒවා බලන එකත් ලේසියි.
It’s a big struggle lately most had to face that the My Computer has been removed like from Windows 7/ Windows 8. It became a frequently asked question from the people who I helped installing OS but even I didn’t know how to fix that (not even bothered to Google). So I used to open File Explorer from Task Bar and click “This PC” from the left side pane. Now the file explorer opens up directly to Quick Access, which is good if you’re hanging your frequently visited folders there unless you’ve energy to browse through directories. By the way recently I accidentally found a way to get our loving This PC view back.
අපේ රට මේ යන විධිය හරි නැහැ
ලංකාව චූටියි, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්, සිංහල ගණන් ගන්නෙ නෑ, රුපියල බාල්දුයි… ඔන්න ඕවානෙ අපේ හිත්වල තියෙන්නෙ සහ සාමාන්‍ය සමාජය දිහා බැලුවාම දකින්න ලැබෙන්නෙ. ලංකාවෙ අපිම අපිට ඔහොම කියා ගන්නවා නම් ලෝකෙ මිනිස්සු ගැන කවර කථා ද? ඒත් අපිට තාමත් ගොඩ එන්න පුළුවන්!
“පිස්සුද බං?