ඒකාධිපති අප්පච්චිගෙ පුතාණෝ ජනපති කරන්න හදන පිලිපීන වැසියෝ

පිලීපිනේ මීළඟ ජනාධිපති වෙන්න ඉන්නේ ඒකාධිපතියෙක්ගේ පුතෙක්. අපිටත් එහෙම වෙයිද?

පිලිපීනයේ හිටපු ජනාධිපති මාකෝස් කියන්නේ රටේ ධනය සූරා කාපු පාලකයෙක්. හැබැයි අද ඒ රටේ සමහර මිනිස්සු කියනවාලු “එයාගෙ කාලෙ තමයි ස්වර්ණමය යුගය” කියලා. ඒ වගේම එයා කරපු දුර්දාන්ත වැඩ වෙනුවට මිනිස්සු කතා වෙන්නේ එයා කරපු සංවර්ධන වැඩ කටයුතු ගැනලු.

එන 9 වැනිදා ජනපතිවරණෙට ඉදිරිපත් වෙන ඉදිරි පෙළ අපේක්ෂකයෙක් විදියට එයාගේ පුතාත් ඉන්නවා. එයාට කියන්නේ “බොංබොං මාකෝස්” කියලා. දේශපාලන විචාරකයන් කියන විදියට පුතා දැන් තාත්තාගේ වැරදිවලට සුදුහුණු ගාන්න සමාජ ජාලවල ගුණ ගායනා කරන අයව යොදවන්න ලොකු ගණන් වියදම් කරනවලු.

බොංබොංගෙ තාත්තා අයින් කෙරුණෙත් 1986 දී ජනතා විප්ලවයකින්. එයාට විරුද්ධව ගොනු කෙරුණු උසාවි ලේඛනවල දැවැන්ත දූෂණ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් තිබුණා. විප්ලවවාදීන් ජනාධිපති මන්දිරයට කඩා වැදුණු වෙලාවේ ලොකු ගණන්වල චිත්‍ර, රන් ආලේපිත නාන කාමර උපාංග, මිළ අධික කබා 15ක් තිබුණා. ඒ වගේම ජනපති ආර්යාවට අයිති වටිනා අමුද්‍රව්‍ය දාලා හදපු ගවුමු 500+ ප්‍රමාණයකුත් සපත්තු කුට්ටම් 3,000කට වැඩි ගණනකුත් හමුවුණා.

ඒ කාලේ පිලිපීනයේ ආර්ථිකය වැටිලා, ගොඩක් විදෙස් රටවලට ණය වෙලා හිටියේ. එහෙමත් තිබුණු යුගයක් අමතක කරලා දැන් මිනිස්සු එයාගෙ පුතාණෝව ජනපතිකමට ගෙනේවි ද?

මොකද, මාකෝස්ලාට විරුද්ධව කතා කරන්න ගියාම අන්තර්ජාලය හරහා ලොකු අඩම්තේට්ටම්වලටත් මුහුණ දෙන්න වෙන බව වාර්තා වෙනවා.

ඉතින් අපිත් දවසක මේවා අමතක කරලා පුත්‍ර රත්නයක් ජනපති කරාවි කියලා බයට අනාගතය වෙනුවෙන් මේ සටහන ඔබ හමුවේ ඉතිරි කරනවා.

Comments

One response to “ඒකාධිපති අප්පච්චිගෙ පුතාණෝ ජනපති කරන්න හදන පිලිපීන වැසියෝ”

  1. නමියගෙ වීදිය Avatar

    මටත් ඕක වෙයිදෝ කියල සැකයක් තියෙනවා… මහින්ද සුළඟ ආවෙත් එහෙම නෙ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page