Categories
An Idea

AVG 2010 W7 Gadget එක සිංහලෙන්

හැමදේම ස‍්වදේශීයකරණය වන කාලෙ AVG 2010 Gadget එකත් සිංහලට පරිවර්තනය කරන්න හිතුනා.

ඔබත් AVG 2010 සහ Windows 7 පාවිච්චි කරනවනං දැනටමත් AVG Gadget එක පාවිච්චි කරනව ඇති. හැබැයි වින්ඩොස් 7 සිංහලෙන් තිබ්බට AVG Gadget එක සිංහලෙන් නැහැනෙ. ඉතින් මම ඒක පරිවර්තනය කළා. මේ ගැන AVGලටත් කිව්වා. හැබැයි ඉතින් මොනවගේ පියවරක් ගනීද කියල දන්නෙ නැහැ.

කොහොමවුනත්, පහත සබැඳියෙන් ඊට අදාල පරිවර්තන ගොනුව ලබාගත හැකියි.

http://download1090.mediafire.com/xuj4h44ydfng/jz6cmcb5iz2bcyz/localize.js

ඉන්පසු එය,

වින්ඩෝස් ස්ථාපනය කළ ඩ්‍රයිව් එකේ:Program FilesWindows SidebarShared GadgetsAVG.Gadgeten-US

ෆෝල්ඩර් එකට ගෙනයන්න. පරිගණකය නැවත ඇරඹීම හෝ එම Gadget එක නැවත ඇරඹීමෙන් නව වෙනස්කම් බලාගත හැක.

By Thambaru Wijesekara

5 replies on “AVG 2010 W7 Gadget එක සිංහලෙන්”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.