උබුන්ටු 11.04

2011 අප්‍රේල් මස 30 වැනි දින එළිදැක්වීමට නියමිත උබුන්ටු 11.04 සංස්කරණයේ ඇල්ෆා සංස්කරණය මේවන විට දෝස රපොර්තු තත්‍ව යටතේ භාවිතයට ඉඩ සලසා ඇත. පෙර වූ උබුන්ටු සංස්කරණයන් හා සැසැඳීමේදී ඉතා විශාල වෙනසකින් යුත් වැඩතලයක් නිමවා ඇති අතර එය බෙහෙවින් Windows 7 සංස්කරණයට සමානකම් දක්වයි.එනමුත් වින්ඩෝස්වල පූර්ණ අනුකරණයක් ලෙස නොව මෙතෙක් ආ ගමන් මඟෙහි පරිදි ම ලිනක්ස්, ග්නෝම් අනන්‍යතාවය පවත්‍වා ගනිමින් විශේෂ වෙනසක් වැඩතලයට ලබා දී ඇත.

Main Menuවද සෙවුම් පැනලයක් උපයෝගී කොට ගනිමින් සරල කොට තිබේ. එසේ ම එහි අඩංගුව තිබූ System අනුකොටස ShutDown බොත්තමෙන් එළැඹෙන මෙනුවේ යටට ම දමා ඇත.
එකල පහතින්වූ පැනලය වෙනුවට මෙවර එය වම්පසට දමා අයිකන ප්‍රමාණය වැඩිකොට විශේෂ Animations ද ලබා දී තිබේ. එය Unity ප්ලගීනය යැයි හඳුන්වා තිබේ. Trash බඳුන ද ඊට ම ඈඳා ඇති අතර භාවිතා වන (Opened) මෘදුකාංග ප්‍රමාණය වැඩිවීමත් සමග Trash අයිකනය හැකිලෙමින් ඒවාට ඉඩ දේ. දින දර්ශක අතුරුමුහුණත ද සම්පූර්ණයෙන් ම තේමානුරූපව වෙනස් කොට තිබේ.
මෙතෙක් පැවති වදන් සැකසුම් (Word Editing) මෘදුකාංගය වූ OpenOffice.org වෙනුවට LibreOffice යන්න ලබා දී ඇත. එහි නම වෙනස්වුව ද පෙර තිබූ OpenOfficeහි ම අතුරුමුහුණැතිව පහසුකම් වැඩිකොට සකසන ලද්දකි.
මෙතෙක් භාවිතාවූ Rhythem Music Playerය වෙනුවට Banshee නමැත්ත ලබාදී ඇත. එහි ඇති ඇතැම් උපාංග ද Windows Media Playerයට Animation,Effects ආදියෙන් සමානකම් දක්වයි. ශ්‍රව්‍ය දෘෂ්‍ය Qualityය ද වෙනදා මෙන් ම ඉහළ තත්‍වයක් පවතී. සළරූ දර්ශකය ලෙස තවමත් ඇත්තේ Totem Movie Playerය යි.
පඬතිය  සඳහා අන්තර්ජාල පිරික්සුව ලෙස Firefox 4 ලබාදී තිබෙන අතර එය බොහෝ දුරට Chromeහට සමානකම් දක්වතත් ලබාදී ඇති පහසුකම් සලකා බලනවිට එය තවමත් Betaවක් ලෙස පවතින බැවින් Stable එළිදැක්වුමක් ආ කල ඊටත් වඩා දෑ බලාපොරොත්තු විය බව් පෙනී යයි. (එපමණක් ද නොව මා ළඟදී ‘උබුන්ටු සිංහල පරිවර්තකයෝ’ කමිටුවට එක්වූ බැවින් මින් ඉදිරියට පැමිණෙන සෑම සිංහල ෆයර්ෆොක්ස් වෙළුමක ම ‘ස්වදේශීකරණය’හි නම් පෙළෙහි ඉහළින් ම මාගේ නම ද දැකගත හැකිවනු ඇත.)
එසේම මෙම වෙළුමේ ඇති විශේෂත්‍වයක් නම්, සෑම ක්‍රමලේඛකයක ම ඉහළින් ලබාදෙන File, Edit, Help ආදී වූ තීරුව TaskBarය වෙත ම යොමු කොට තිබීමයි. මෙසේ පෘෂ්ඨ විශ්ලේෂණය කළවිට අප්‍රේල් මස අග භාගයේ එළිදැක්වීමට නියමිත 11.04හි අවසන් සංස්කරණය භාවිතයට ඉතා ම පහසු හා Effectsඅතින් ඉතා ඉහළ මට්ටමක ඇති Linux බෙදාහැරුමක් බව නිතැතින් ම වැටහේ.

Download Alpha: here

Comments

16 responses to “උබුන්ටු 11.04”

  1.  Avatar

    සහෝ..
    මන් නම් ලිනක්ස් වලට අලුත් නමුත් ටිකක් අතපත ගාල තියෙනව.. බොගොම ඉස්තුතියි පනිවිඩෙට..ඔබට ජය

  2.  Avatar

    එල එල.. එනකන් තම්යි මාත් දත කට මැදගෙන බලාගෙන ඉන්නේ.. මොනව උනත් මමනම් එදා ඉඳලම කැමති KDE පරිසරයට තමයි…

  3. mangalika Avatar

    සිංහල හොදින් වැඩකරනවද? මමත් පාවාචිචි කරන්නෙ උබුන්ටු තමයි හරිම පහසුයි. උබුන්ටුවල වැඩ කරන විදිහ ගැන ලියන්න.

    1. Thambaru Wijesekara Avatar

      @mangalika: සිංහල ඉතා ම හොඳින් වැඩ කරනවා. මේ ලිපිය ලීවෙත් වැඩිය කමෙන්ට් බලාපොරොත්තුවෙන් නෙවෙයි. හැබැයි දැන්නම් උබුන්ටුවල වැඩ කරන විදිහ ගැනත් ලියන්න බැරි කමක් නැහැ.

      1. mangalika Avatar

        උබුන්ටුවල බාගත කිරිමි කරන්නෙ කොහොමද කියලව පෝස්ටි එකක් දාන්න. මට කිසිම දෙයක් ඩවුන්ලෝඩි කරගන්න බැහ. දන්නෙ නැහ මම පාවිචිචි කරන්නෙ 10.10

        1. Thambaru Wijesekara Avatar

          @mangalika: ඔබ ෆයර්ෆොක්ස් භාවිතා කරන්නේයැයි සිතමි. මෙය කියවන්න: http://support.mozilla.com/en-US/kb/Downloads%20w

    2. රුවන් Avatar
      රුවන්

      සිංහල නියමෙට වැඩ fedora වල වගේ ඉතා හොඳින් ටයිප් වෙනවා

  4. budhajeewa Avatar

    මෙහෙයුම් පද්ධතිය අතරමග බිඳ වැටීම් එහෙම උනේ නැද්ද?

    1. Thambaru Wijesekara Avatar

      @budhajeewa: යුනිටි ප්ලගීනය නම් තව ම compiz සමග එතරම් ම සහයෝගීතාවයක් දක්වන්නේ නැහැ.

  5. michael Avatar
    michael

    how to use wijesekera keyboard layout in ubuntu 11.04?

    1. Thambaru Wijesekara Avatar

      install iBus.
      on terminal, type "sudo apt-get install ttf-sinhala-lklug ibus im-switch ibus-m17n m17n-db m17n-contrib
      language-pack-si-base"
      From your user account (i.e. not root) run:

      rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s ibus

      Logout and login again. Environment variables need to be set/updated (NO NEED TO REBOOT)

      From your user account (i.e. not root) select your keyboard layouts by running:

      ibus-setup

      1. michael Avatar
        michael

        thanks. i'm new to ubuntu. what is a terminal and where to find it? really appreciate your help.

        1. Thambaru Wijesekara Avatar

          click on the "UBUNTU-logo" button at top-left, then type "terminal" then open it from search box. Terminal is equals to cmd on Microsoft Windows.

      2. michael Avatar
        michael

        thanks again. your info has been really helpful to me!

      3. michael Avatar
        michael

        bro, did everything in order….but still i only get the phonetic keyboard only. Even in the ibus setup there is only chinese language input methods to select from.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page