අඹර මේකුළුවේ රිදිය

කාලෙකින් කවියක් ලිව්වෙ නැති අතරෙ ඊයෙ අහම්බෙන් බස් එකේදි “දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ” සින්දුව අහන්න ලැබුණා. වැඩිය අළුත් ඒවට ආස නැති උනාට මොකද ඕක ගැන කල්පනා කර කර ඉඳිද්දි ‘රහසේ ලියලන ප්‍රේමය’ ගැන ලියන්න හිතුවා. ඉතින් මං ලියන්න හැදුවෙ අනුන්ගෙ කෙනෙක්ට ප්‍රේම කරන එක නෙවෙයි, හිතේ තියෙන දේ කියගන්න බැරුව ඉන්න කෙනෙක් ගැන. හැබැයි ඉතින් අන්තිමට හැමදාම වගේ ලිව්වෙ එකක් – ලියවුණේ එකක් – වුණත් මොකක් – හදපු එකක්.

නිම් නොපෙනෙන
සියොත් අරාලූ අඹර
කුරුව කළුව වසාලූ
මේකුළුවේ රිදිය

දුරක් නොපෙනෙන
වාලුක මා බිම්තෙර
අව් රුදු පිපාස
කතරේ කෙම්බිම

ගණන නොපෙනෙන
සිත්බඳ රත් රෝස
දෘඪව තියුණුව ඉපිලුණු
කටු නටුවේ මල

තෙරක් නොපෙනෙ
රුසිරි හඳ අදර
තලා පොඩිව සුන්කළ
ඔහුගේ ඔබ

තේරෙනවනෙ, කෙටියෙන් (කතාවෙ මෙහෙම නොවුණට) Beauty and the Beast කියන්න පුළුවන් නේද? 😉 ඒත් බාහිර සමාජය මොනවා කිව්වත් එතනත් බැහැර කරන්නට බැරි හොඳ ප්‍රේමයක් තියෙනවා කියලා, ලියලා ඉවර වුණාම මට හිතුණා. එතකොට යක්කු වගේ උන් පස්සෙම මැරීගෙන යන්නෙ ඇයි කියන ප්‍රශ්ණෙට උත්තරයක් ලැබුණා. කොහොමනමුත් පටන් ගත්ත මාතෘකාවටත් වහාම වෙන එකක් ලියන්න ට්‍රයි එකක් දාන්න ඕන.

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.