නියරෙහි දිවූ නූතන යුවතිය

මිනිහෝ!
අයා තොප හුඹස් මුව
රවා තොප රකුසු නෙත
කිම්ද කාරණා රඟන්ට
මා සියොව ගිලගන්නට

නොබලන් මා පුළුල් උකුළු තල
පිරිව වටගත් සළුව විදැලා
නොපතන් මා ස්වර්ණහස කළ
පිරිව නැගෙනා සැට්ට කරෙනා
රනින් දිලෙනා ඡවිය සොබනා
තොපට නොසරින මෙමා වුවනා

යුවතිය,
දයාවෙකි මේ හමුව
කලාවෙකි ඔබ බිණුම
යුතුයි මෙලොවට දරුන් පුදනට
ඒමැයි බැලිම් සුපෙම සදනට

ඉඩැති යහනක් සොයා වෙහෙසෙම්
දරුගෙ සැපතෙහි උකුළු මලිනා
කඩින පෙරහන් ගැලූ බැතිපෙම්
රසැති ක්ෂීරෙක අදර ලෙහිනා
වේයැ සහතික ඔබේ නුවරා
රාවණ රියපොළ වා දඬුමොණරා

Comments

One response to “නියරෙහි දිවූ නූතන යුවතිය”

  1. Native7i Avatar

    එළ එළ ලොවෙත්.
    පොටෝ එක නැත්තං මවා ගැනීමට තවත් පහසුවක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page