සාර්ථක මිනිසා

යොමු කොට මුව
හකුලා බිමට
කිසිලි ගන්වා
කිලෝ පොත් ගොඩ
කඩිසරෙන්…

වරුවක් සිතා
රැළිකර දෙබැම
වදනක් පවසා
සකසයි උපැස

නමට පෙර
බෝ වැනුම් ඇති
නමට පසු
බෝ අකුරු ඇති
තනිකඩ අසරණයා!

Comments

4 responses to “සාර්ථක මිනිසා”

  1. mppgunasinghe Avatar

    ජීවිතේ හැටි නේද අඬඅඬා ඉපදිලා, සැපසොයා වෙහෙසිලා, පසුතැවෙමින් මියයනවා

    1. Thambaru Wijesekara Avatar

      තණ්හාව කරගහ ගත්තාම වෙන දේ තමයි.. හරි විදියට දකින කෙනා පසුතැවෙන එකක් නෑ නේද? ^_^

  2. Dimendra Liyanage Avatar

    පට්ට අර්ථවත්

    1. Thambaru Wijesekara Avatar

      ස්තූතියි 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page