ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]

Crest of St. Thomas' Girls' High Schoolමාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන Techno තොරතුරු තාක්‍ෂණ දිනයට මේ සැරෙත් යන්න සෙට් උනා. අපේ IT Club එකේ සංවිධායකතුමා; අශාන් සංජීව සහෝදරයගෙ උනන්දුව තමයි ඉතින් ඉස්සෙල්ල ම මතක් වෙන්නෙ. මොකද මාසෙකට විතර කලින් ඉඳලා ඉන්විටේෂන් එකක් එනවද කියලා බලන්නෙයි කියලා මතක් කළාට. ඔන්න ඒකත් ඇවිල්ලා, යන අයගෙ නම් ලිස්ට් එකත් ඊට කලින් දවසෙ ම හදලා වැඩේට බහින්න ලෑස්ති කළා.

පස්සෙන්දා ඉස්කෝලෙට ගියාම තව පොඩිවුන් සෙට් එකකට යන්න ඕනවෙලා 10ක limit එක 15වෙලා ආයිත් 20 ම උනා. 10 මල්ලිලා ටිකකුයි, මායි, ඉෂාරයි, කසුන් ගයාශාන් අපේ උප සභාපතිතුමයි, අශානුයි, සචින් රමේෂ් උප සංවිධායකතුමයි, පැතුම් චාමර, විහඟ රාජපක්‍ෂ, නදුන් නයන්ත ලේකම්තුමයි, සිතිජ සහන්, සමීර සේනාරත්න අපේ වෙබ් ටීම් එකේ ඊළඟ පරම්පරාවෙ පොඩ්ඩො දෙන්නත් එක්ක ඔන්න යන්න ලැහැස්තිවුණා.

කරුමෙට ඉතින් ඉස්කෝලෙ බස් එක ලැබුණෙත් නෑ කලින් කියලා තියන්න අමතක වුණ නිසා. ඉතින් කට්ටියගෙ ම බයිසිකල් වලින් ඩබල් දාලා යන්න තමයි වුණේ. රාහුලේ ගේට්ටුව ළඟදි ටීච කෙනෙක් අහනවා, “තඹරුත් යනවයි? ඒ මොකටෙයි?” කියලා. අර කිතුලට ගිය මෑන්ස් මතක්උනා මට ඒක අහලා! “ඇයි ටීච ඉතිං Web Team එකයි, IT Club එකයි නියෝජනය කරන්න එපැයි…” 😛



අශාන්තුමා නම් ඔපරේශන් එකකුත් කරලා; හොඳවෙන්නත් කලින් තමයි ඔන්න වැඩේට සෙට්වෙලා හිටියෙ. පුදුම අමාරුවක් 😉 (පවුලක් පන්සලක් වෙච්ච මිනිස්සුනෙ ඉතිං? අපේ මොකෝ..) එයාව ප්‍රසන්න සර්ගෙ කාර් එකෙන් යන්න සෙට් කළා. අපේ තොරතුරු තාක්‍ෂණ අංශය භාර ධර්මවර්ධන සර්නුත් අපේ පස්සෙන් ආවා.

 

 

ජීවිතේට පේළියකට ගිහින් පුරුද්දක් නැති; හැමදාම බැණුම් අහන කොල්ලො ටික මෙන්න ලස්සනට දෙන්නා දෙන්නා එක්ක (තෝමසුවන් එක්ක නෙවෙයි!) පේලියට මගේ පස්සෙන් ආවා. මේන්හෝල් එක ඇතුලටත් (අපිට ඉතින් ඕවා අමුතු තැන් ය!) හෙමින් සීරුවෙ ගියා එදා ම ආපු ගානට. ගිහින් ලස්සනට ෆෑන් එකක් ළඟින් වාඩිවුණාට මොකද සංවිධායක මණ්ඩලේ අයට අපිව තව ඉස්සරහට ගන්න ඕන උනා. ඉතින් කියපු දෙයක් කරගෙන හිටියට මොකද අළුතෙන් ආපු තැන ෆෑන් එක වැඩ කරන්නෙ නැති ලු! (ආයි මොකෝ ඉතින් අතෙන්ට යන්න ය?) 😛

කෝමහරි ඔන්න උත්සවේ පටන් ගත්තා. File කවරෙකුත් දුන්නා A4 කොළ 2කුත් එක්ක. ගියපාර වගේ ම පොල්තෙල් ඉටිපන්දම් පහන ලස්සනට හදලා තිබුණා. Stage designing නම් එච්චර ම හරි නෑ ගිය සැරේ තරම්. Projector එකෙන් පොඩි video කෑල්ලක් play උනා හැඳින්වීමට. අපේ එවුන් ටික ඒක දැකලා නලියන්න ගත්තනෙ! අයියෝ 3D නැතිලු; After Effects වලින් ඔයිට හොඳට කරන්න ඈකිලු; අපි නම් දන්නෑ ඉතිං. අපේ උප සභාපතිතුමා මට කනට කරලා කිව්වා: “අඩුපාඩු බලාගනිං. අපේ day එකේ නම් ඕවා තියෙන්න බෑ හරිය?”

 

 

එයාලගෙ සංවිධායක මණ්ඩලේ අපි දන්න කියන කට්ටිය ම වගේ හිටියෙ. HP නං හිටියෙ නෑ පළාතක. හැබැයි DHPනම් ඔය ඉංගිරීසියෙං announce කරේ!

sounds නම් පොඩ්ඩක් චාටර්. මේ පටන්ගන්න අතරෙ මැද හරියෙ දාන්න ඕන ඒවත් ප්‍රොජෙක්ටරේ බාගෙට බාගෙට ගියා. වැඩේ කෙරෙන හැටි ඥ්‍යාය පත්තරේ නැතුවම දැනගත්තා. ඒවා ඉතින් අමතක කළා කියමු.

ESOFT එකෙන් lectures ටිකක් ගියා Virus, පරිගණකාශ්‍රිත සෞඛ්‍යය සහ Ethics ගැන. එයාලා කිව්වා ප්‍රශ්ණ තියේනම් චිට් එවන්න කියලා. කොහොමවුණත් එක ඉස්කෝලෙකින් වත් චිට් තිබ්බෙ නෑ. සංවිධායක මණ්ඩලේ කට්ටියත් අපෙන් චිට් නැද්ද කියලා අහනකොට අපේ කට්ටිය මට ඇඟිල්ලෙන් අනින්න ගත්තා “මොනා හරි අහපංකො!” මම “මොනවා අහන්නද මේවයි?” “නෑ නෑ බං ඉතිං මොකක්හරි ඇඬෙන්න ප්‍රශ්ණයක් අහපන්කො.” ඔන්න ඒපාර මං කල්පනා කරකර කොළේක ලියන්න ගත්තා. Boot Straper Virus ගැන කතාකරද්දි Linux Live CDs ගැන ලෙක්චර්තුමා මතක් නොකළ නිසා ඒගැන අහලා ලීවෙමි. අපේ සංවිධායකතුමා එක ඇදලා අරං “හෆ්ෆ: මුගේ සිංහල!” 😉

ඔන්න ලඟට ආපු ගෑනු ළමයට කොළේ අගින් යන්තමින් අල්ලලා දීලා යැව්වා.

ඊට පස්සෙ පරිගණකාශ්‍රිත සෞඛ්‍යයටත් ප්‍රශ්ණයක් ලියන්න උනා. ඒකෙත් මොනිටරේ පිටිපස්සෙන් එළිය වැටෙන එක හොඳනැති බව ලෙක්චර්තුමා නොකිය එක දිගට මොනිටරේ  දිහා බලං ඉන්න හොඳනෑ ය; ඒ නිසා ජනේලයක් ළඟට මැසිම ගන්නෙයි කිව්වා. ඔය තියෙන්නෙ පොයින්ට් එක! ඒකත් ලිව්වා. හැබැයි පොඩ්ඩක් ලියපු විදිය දිග වැඩිවෙලා ලියුමක් ගානට ආවා. ඒකත් කලින් වගේ ම යැව්වයි කියමුකො.

මේ දෙකට අපිට ම නෝන්ඩියකුත් දාලා උත්තර දෙකකුත් ලැබුණා. 🙂

මේ සැරේ ඉතිං නැටුං ගැයුං මෙලෝ දෙයක් නැහැ. එකොළහ මාරට විතර; පාං කියාගන්න බැරුව ඉන්නකොට refreshments ලැබුණා. තා පොඩ්ඩෙන් එයාලගෙ ට්‍රේ එකක් මගේ ඇඟේ හැප්පිලා මට නාගන්නත් තිබුණා. “සොරි…” 😛

Ethics ගැන අපේ සෙට් එක ඉතිං හරි උනන්දුයි පොඩි සිද්ධියක් නිසා. ඒක කරපු ලෙක්චර් මැතිණි පොඩ්ඩක් වැඩේ joke එකකට ගෙනාවයින් අපේ උන්ගෙ සංයමේට පොඩ්ඩක් රෙඩ්කටු පැන්නා. අපිට එහා පැත්තෙ හිටපු ශාන්ත තෝමස් කුමාරවරුන්ට තමා වැඩිපුරම වැඩේ නැගලා ගියේ. සහෝදර පාසලනේ… කියලා අපිත් පොඩ්ඩක් එකෙන් විනෝද වුනා.

ඊට පස්සෙ එයාලා පවත්වපු තරගවලට සහතික දුන්නා. අපි ඉතින් මුකුත් හැදුවෙ නැති නිසා Applause පාරකින් සප් එක දුන්නා. පාලටුව ගුණරතනෙට තමා මං හිතන්නෙ වැඩිපුර ම ලැබු‍ණෙ. සුජාතෙටත් තිබුණට එක නංගි කෙනෙක් විතරක් ගිහින් ඔක්කො ම අරං ආවා; මොකද සුජාතෙට ආරාධනා කළාට ඇවිත් තිබ්බෙ නෑ. දුරට දැක්ක විදියට නම් Certificate එක ලස්සනට Design කරලා තිබුණා.

ඔන්න ඉතිං 12.45ට විතර ජාතික ගීයත් රෙකෝඩ් එකක් නැතිවම අපේ පිටිපස්සෙ හිටිය බාලිකාවන්ගෙ ගායනේට ම අපි අත්වැල් ඇල්ලුවා. (අයියෝ… ගායනේට!) පස්සෙ ආයිත් ආපු විදියටම එළියට බැස්සම තමයි මං දැක්කෙ තම තමන්ගෙ බාලිකාවො නොදැක අපේ කට්ටිය පොඩ්ඩක් අස්පට් ගිහින් කියලා. (බාලිකාය ජායතී සෝකෝ)

ආයිත් එනගමන් ‘කිරිකතා’ එකටත් ගොඩවෙලා අපි එයාලට sponsor කරලා,

1.10ට විතර රාහුලේට ආවා; ගියසැරේ බුධාජීව, සශේන් අයියලත් එක්ක ගියගමනත් මතක් කරමින් ම.

ඩේ එක අතරතුර ගත්ත ෆොටෝවල ලයිට් මදිනිසා දැම්මෙ නෑ. Facebook Album එකේ ඒවත් ඇති:

Techno 2012 STG

Comments

3 responses to “ටෙක්NO! 2012ටත් ගියෙමි… [Techno 2012 | STG]”

  1. budhajeewa Avatar

    මමත් ඔහොම ගිය හැටි මතකයි. මට – හොඳ – හැටි – මත – කයි… 😀

  2. Pathum Chamara Vanniarachchi Avatar
    Pathum Chamara Vanniarachchi

    Maru Kadan thiyana kaali tikak hitiya…nae thambaru.. 🙂

    1. Thambaru Wijesekara Avatar

      අපිනං බැලුවෙ නෑ?..! 😛

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page