Categories
An Idea

වෙබ් අඩවියක අතීතයට යා හැකිය!

Thambaru Wijesekara

කාලයාත්‍රා ගැන ගොඩක් දෙනෙක් හීන මවනවනෙ. හැබැයි මේ එහෙම ම දෙයක් නෙවෙයි. දැනට පවතින හෝ නොපවතින වෙබ් අඩවියක් අතීතයේදි තිබුණු design එකෙන් ම බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි. ඇත්තට ම කියනවනං Archived Web Sites.

Advertisement

web.archive.org යන අඩවිය මේ සඳහා පහසුකම් සපයන්නකි. එමගින් අපට අවැසි වෙබ් ලිපිනයක් ලබා දුන් කල්හි එම වෙබ් අඩවියට අයත් Archives පිළිබඳ පිරික්සා බලා අතීතයේ සිට මේ දක්වා වූ වෙළුම් සමූහයක් ලබාදෙයි. අඩවි නිර්මාපකයන් එය Way Back Machine ලෙස හඳුන්වා දී තිබේ.

උදාහරණයක් ලෙස ඔබට http://www.google.com හි ‍ඓතිහාසික පිටුවක් නැරඹීමට අවශ්‍ය නම් දී ඇති පෙළ කොටුවේ (Text box) එම ලිපිනය ඇතුලත් කර මා අතීතයට ගෙනයන්න (Take me back) බොත්තම ක්ලික් කරන්න. ඒ සැණින් එම අඩවියේ ආරම්භයේ සිට මේ දක්වා පැවතුණු ආකාරය අඩංගු දින නාමාවලියක් දිග හැරෙනු ඇත. අදාල දිනය ක්ලික් කිරීමෙන් ඔබට අතීතයට පිවිසිය හැකි ය.

1998 දෙසැම්බර් 02 වනවිට Google තිබුණු ආකාරය පහත සබැඳියෙන් දැකබලාගත හැක.

Google ~Thambaru Wijesekarahttp://web.archive.org/web/19981202230410/http://www.google.com/

1996 ඔක්තෝම්බර් 17 වනවිට Yahoo තිබුණු ආකාරය පහත සබැඳියෙන් දැකබලාගත හැක.

Yahoo!~Thambaru Wijesekara

http://web.archive.org/web/19961017235908/http://www2.yahoo.com/

One reply on “වෙබ් අඩවියක අතීතයට යා හැකිය!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page