• සුවහස් කලක් කෙතරම් හොඳ කළත් [Lyrics]

    සුවහස් කලක් කෙතරම් හොඳ කළත්
    එක මොහොතකින් ඒ මැකී යන්නේ
    කිමද මේ මිනිසුනේ
    කළගුණ ද ගිලිහී ගියේ

    පුතේ නුඹ දැනගන්
    කළ හොඳ ම පමණක් ඉතිරිවේ
    සති දෙකක මතකයේ
    නොමිනිස්කම හද රැඳේ

    Advertisement

    දුවේ නුඹ රැකගන්
    සිල් බිඳුණු දා කිසිවෙක් නෑ ලොවේ
    දිවි ගමන යහගුණේ
    මෙතින් මෙත සංසිඳේ

  • සුණු කිල්ලෝට

    ආවෝ – ගියෝ උන්
    මෙරු පෙළක් මෙන්
    බලා සිටියෙමි
    උත්තරීතර පිවිතුරු බව
    අහසින් බසින තුරු (more…)

  • නුඹ දුරින් හිඳිනු ඇයි [Lyrics]

    නුඹ දුරින් හිඳිනු ඇයි
    අත පොවනු බැරි මහ අහස් කුස සඳ සේ
    දුහුල් වළා අතර සැඟවී මදෙස
    හොරෙන් බලා රහසේ (more…)

  • මනුලියකට නොපවසන මුසා

    ඡායාරූපය huffpost.com වෙතිනි

    දෙව්දුවක් නොදැක
    කෙසේ දෙව්ලියකැයි කියම් මුසා?
    මිහිපිට ම උපන්
    උත්කෘෂ්ට මනුදුවක් නුඹ..
    දෙවියන් අතරත්
    උපමා ලබනා

  • පරාජය ජයග්‍රහණයක් කරගන්නේ මෙහෙමයි

    ඡායාරූපය yourbestmoment.com වෙතිනි

    ජීවිතේ අපි කරන හැමදේම සාර්ථක වෙන්නේ නැහැ. ලොකු ලොකු දේවල් විතරක් නෙවෙයි, ඔබ හාපුරා කියලා ඡායාරූපකරණයට බැහැලා අරගෙන ෆේස්බුක් පළ කරපු ඡායාරූපයකට හිතපු තරම් ප්‍රතිචාර නොලැබුණු අවස්ථාවක්, වීඩියෝ එකක්, වෙබ් අඩවියක්, ඇප් එකක් හදලා ඒක එළියට දැම්මාට හිතේ තිබුණු හීනවලට ලං වෙන්න තරම් ඒක සාර්ථකත්වයට පත් නොවුණු දෙයක් වුණත් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් ඔබ දහසක් පැතුම් හිතේ තියාගෙන යවපු ලව් මැසේජ් එකට ආවේ ජීවිතේට නොහිතපු විධියේ ඍණාත්මක පිළිතුරක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවට බලාපොරොත්තු කඩ වෙලා අනෙක් අයගේ විවිධ කථා වලින් ලැජ්ජාවට පත් වෙලා මේක නරක කාලයක් කියලා අයින් ගහනවා වෙනුවට ඒක සාර්ථකත්වයට හරවා ගන්නා හැටියි අද අපි කතා කරන්නේ. (more…)

  • අහසේ සොමිවත බැබලී [Lyrics]

    අහසේ සොමිවත බැබලී
    අඳුරේ මා තනිකෙරුවා
    කළු වළා පෙළ ඉගිලුණා
    දෑසින් මහ වැසි ඇදහැලුණා (more…)

  • හිතේ අමාරු වලින් ඇතිවන විෂාදයෙන් මිදෙන හැටි

    Image courtesy: thedolphinlmc.com

    යමක් හෝ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ, හරියන්නේ නැහැ කියලා ඇතිවෙන හැඟීමත් එක්ක කල් යාමේදී විෂාදය (depression) හටගන්නවා. ඒ සිංහල වචනයේ තියෙනවා වගේ ම ඒක හරිම විෂක්. ඊට වැඩි කාලයක් ලක්වීමෙන් බඩ පපුව දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් දක්වාම දිවෙන්නට පුළුවන්. මේ පිළිබඳව මනෝ විද්‍යාත්මකව වෙනත් ලිපියකින් පැහැදිලි කළ නිසා ඒ සඳහා ධර්මය හරහා පැහැදිලි කිරීමක් ලබා ගන්නටයි මේ ලැහැස්තිය. (more…)

  • කොච්චර කළත් ඉතිරි වන්නේ අවසාන දේ පමණයි

    අපිට එදිනෙදා බොහෝ දේවල් අන් අය වෙනුවෙන් කරන්නට සිදු වෙනවා. රැකියාව හරහා සේවා සැපයීම, ආදරණීයයන්ට සැලකීම, යහළුවන්ට උදව් කිරීම ආදී වශයෙන් අන් අය හා මුහු වෙමින් විවිධ දේ ඔවුන් වෙනුවෙන් කරනවා. ඒත් ඔබ කොච්චර කළත් එක වගේ ද? ඒකට හේතුව අවසානයට කළ දේ පමණක් සිත් වල ඉතිරි වීමයි. කේක් කෑලි කාගෙන කාගෙන ගිහින් අවසානයේ කරවිල කෑල්ලක් කාලා බලන්න ඔබට මතක හිටින්නේ කේක් කෑල්ලේ රස ද නැත්නම් කරවිල කෑල්ලේ රස ද කියලා. ඊළඟ කෑල්ල තවත් රසවත්! අපි ඒ ගැන මේ ලිපියෙන් සොයා බලමු. (more…)

  • සිප් දුන්න ඔය දෑත [Lyrics]

    තවමත් මතකයි එදා
    බැඳුණු හැටි නෙතු අතරේ
    සිහිනෙන් වුවත්
    ඔබමයි මා සිත් දැහැනේ
    (more…)

  • ට්විටර් #ApeAwurudu සුහද හමුව 2017

     

    Advertisement

    ට්විටර් එකේ ඔන්ලයින් අවුරුදු උත්සවේ Ape Awurudu මේ සැරෙත් 4වැනි වතාවට කරන්න පුළුවන් වුණා. මුලදී ජයග්‍රාහකයන්ට විනෝදයයි, followersලායි තෑගි විධියට දුන්නත් ගිය අවුරුද්දේ පටන් Dialog එකෙන් ත්‍යාගවලට අනුග්‍රහය දෙන්න පටන් ගත්තායින් පස්සේ කලින් තෑගි දෙකට අමතරව එයාලාට ජීවිත කාලෙට ම තියාගන්න පුළුවන් දෙයකුත් ලැබුණා. මේ වතාවේදී අපි ත්‍යාග ප්‍රදානෝත්සවයටත් එක්ක ම Mini TweetUp එකක් මුල්වරට සංවිධානය කළා. (more…)

You cannot copy content of this page