Categories
Poems

පිය කේතය

මියගිය රැයෙක
සිහිල් පවනට මුහුවණ
රැහැයි හඬ නැත
සවන් රැහනට බැඳෙන
ටක් ටක් හඬක්
ඇඟිලි තුඩු වැදී රැව්දෙන
තාලය තියන ජීවන ගීයක

 

වරින් වර නැගෙන
බිළිඳු සර පරයන
මව් නැළවිල්ල නිදිබර කරයි
මා දෙනෙත
නිදිකරනට උන් දෙනෙත
විවරව සැලෙයි මා ඇසිපිය
කේත කාව්‍යයේ ඉහළ සිට පහළට

නන්නාඳුනනවුන් සතපන්ට
කුහුඹුන්ට වරදක් නැතිවුන්
නිදිවරයි
මම ද කුහුඹුන්ට වරදක් නැති එකෙක්මි
මොළය විකුණා ජීවත් වන

By Thambaru Wijesekara

2 replies on “පිය කේතය”

Leave a Comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.