දරුවන්ගේ ළමා කාලය උදුරා ගන්නේ නැතිව දෙමව්පියන් සමඟ වැඩි කාලයක් හැදී වැඩෙන්නට අවස්ථාව ලබා දෙන්නට ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය අවස්ථාව ලබා දෙනවා. අපි කිරෙන් හැරෙත්දී ම මොන්ටිසෝරියකට යවා අම්මා-තාත්තා නැතිව හඬා වැටෙන දරුවන් පිරිසක් බිහි කරද්දී නිසි වයසට ආ විට පාසලකට යැවීම එරට සිදු වෙනවා. “දෙගුරුන්” හෙවත් මූලික අධ්‍යාපනය ලබා දිය යුතු “මව්පියන්” ගෙන් ළමයින්ව වෙන් කර පාසලක සිරගත කිරීමෙන් ඔවුන්ට දෙමාපියන් සමඟ ගත කිරීමට ඇති කාලය අඩු වෙනවා. තනිව හැදෙනවිට මව්පියන්ට ඇතිවන ලෙන්ගතුකම අඩුව යනවා. අවසානයේ, වයසටත් කලින් මහළු මඩම් වලට මව්පියන්ට යන්නට සිදුවන්නේ තමන්ගේ දරුවන්ව පාසල්වල සිරගත කිරීමේ වරදට දඬුවමක් වගේයි.
Category: Something to think
“ඒ අය අන්තවාදීන්. එයාලා නිසා අහිංසක අපිට වරද පටවන්න එපා” කියලා පහුගිය කාලේ කඳුළුත් එක්කම එක එක කතා ඇහෙන්න ඇති. ඊට ටික දවසකට පස්සේ මිනුවන්ගොඩදි වෙච්චි සිද්ධියේදි නම් හැබැයි ඒ කඳුළු කතාවම ඇහුණේ වෙනස් විදියකට. “අපිට ගැහුවා. අහිංසක අපිට ගැහුවා.” ඒ වෙලාවේ දකුණෙන් කවුරුත් කිව්වෙ නෑ හැබැයි “ඒ ගැහුවෙත් අන්තවාදීන්, සිංහල අය නෙවෙයි” කියලා. කොහොම නමුත්, වෙන්න ඕන දේවල් සිද්ධ වුණා. අපි අද මේ මැයි මාසෙදි මාර්තුකා කරගන්නෙ ඔන්න ඔය වගේ සීන් නිතර සිද්ධ වෙන එක ගැන.
ගංජා හොඳ ද?
මරිජුවානා හෙවත් ගංජා යනු දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ බෙහෙතක් ය, ඒවා ඇඟට හොඳයැයි කියමින් අට්ටි ගණන් එහි දුම විඳින්නන්ට ලැබෙන කිසිදු හොඳක් නැත. Facebook post, එදිනෙදා කතාබහ හරහා ඔවුන් එය හරි ලොකු කමක් බව පෙන්වමින් තවත් අය ඊට ඇබ්බැහි කරගනිති. මෙය කෙටියෙන් උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ලුණු ආහාර වලට දැමීමෙන් රස වැඩිවේ. අයඩින් ඇත්නම් ගලගණ්ඩයට ද හොඳ ය. නමුත් ඒ ස්වල්ප ප්‍රමාණයකින් දැමීමෙනි. ඕනෑවට වඩා දැම්මොත් කන්නත් බැරිය, නිතර වැඩිපුර ආහාරයට ගත්තොත් හෘදයාබාධ පවා ඇතිවේ.
සමාජ ජාල වලින් ලොකු කමක් සේ පෙන්වන, ශරීරයට හිතකර යැයි පෙන්වන මිරිඟූන් නිසා ඊට ඇබ්බැහි වන තරුණ සමාජයක් රට තුළ බිහිවෙමින් පවතී. එය දේශපාලනඥයන් හෝ ඊට මුදල් යොදවන්නන්ගේ කූට වෙළඳ ප්‍රචාරණයක් විය හැක. මෙහි බලපෑම බාලවයස්කාරයන්, ගායකයන් සිට විශ්ව විද්‍යාල වෙත ද පැතිරී ගිය බරපතල ගැටළුවකි.
හිත තියෙන්නේ හදවතේ ද? මොළයේ ද?
ලොව වෙසෙන සෑම මහාජීවී සත්ත්වයෙක්ට ම හදවතත් මොළයත් විවිධ ආකාරයට පිහිටා තිබෙනවා. බටහිර විද්‍යාව විසින් සත්ත්වයන් ඡේදනය කරමින් ඒවායේ හැඩයන් සහ ප්‍රමාණයන් පිළිබඳව මෙන් ම ක්‍රියාකාරිත්වය පිළිබඳව ද බොහෝ දේ සොයාගෙන තිබෙනවා. ඒ අතරේ බුදු දහම ඔස්සේ කය පමණක් නොව, සිත කියා දෙයකුත් මේක අස්සේ තිබෙනවා ය, නානත්ත කායා නානත්ත සංඥා ආදී වශයෙන් එකිනෙකාගේ චර්යාවන් වෙනස් ය කියාත් පැහැදිලි කරනවා. ඒත් බාහිරට පෙනෙන බඹයක් පමණ වූ මේ කයෙහි හිත තියෙන්නේ කොතැනදැයි නිශ්චිතව වටහා ගන්නට අපට අපහසුයි.
ඒ නිසා හදවතටත් මොළයටත් ඇති හැකියාවන් හඳුනාගෙන ඒ අනුව සිත තිබිය හැක්කේ කොහිදැයි අනුමාන කර එය සත්‍යයක්දැයි ඔප්පු කරගන්නට උත්සාහ කරමු.
තමන්ගේ දක්ෂතාවයන්ට කෙසේවෙතත් සුදුසුකම් වලට හරියන ජොබ් එකක් හොයාගන්න එක පුතේ ලේසි පහසු කර්තව්‍යයක් නෙවෙයි. වෙන රටවල ඒවා නම් කැල්කූලස් උත්තමයාණෝ දන්නේ නෑ. හැබැයි මෙහේ නම් අමාරුයි. වැඩිය ඕන නෑ, ජොබ් එකක් ගන්න ඇසිපීරියැංස් තියෙන්න ඕන – ඇස්පීරියැංස් ගන්න නම් ජොබ් එකක් තියෙන්න ඕන කියන එකෙන් ම වැඩේ කෝමද කියලා ඔහේලා දන්නවා ඇති. හැබැයි ඉතින් කොච්චර අමාරුවෙන් වැඳලා වැඳලා ජොබ් එක ගත්තත් ඊට පස්සේ ඒක මතක නැතුව නානාප්‍රකාර දේවල් බලාපොරොත්තු වෙනවානේ. අන්න ඒ දේවල් තමයි ලොක්කන්ගේ දැනගැනීම පිණිස හෝ උඹලෑට අඩු කරගන්න ලේසි වෙන්න බොගේට කොටන්න හිතුවේ.
අපේකම සුළඟේ ගසාගෙන ගියාවත් ද?
හිස් මුදුනේ තබාගෙන අපි හැම කෙනෙක් සතුවම, අතීතය ගැන චිත්‍රයක් තිබෙනවා. එය බොහෝ විට බහුතරයක් සතුව ඇති පොදු එක ම සිතුවමක් වෙන්නට පුළුවන්. මේ මනෝ චිත්‍රය කවදාවත් දැකපු දෙයක් නෙවෙයි. සමහරවිට නැවත ගොඩනැගිය හැකි දෙයක් කියලාවත් විශ්වාසයක් නැති දෙයක්. ඒත් අපිට දැනට තියෙන හැමදේම නවත්තලා ඒ වෙනුවෙන් සටන් වදින්නට, එකිනෙකාට බැණ ගන්නට සහ එය අපෙන් උදුරා ගත්තා කියා ඕනෑම කෙනෙක්ට ඇඟිල්ල දිගු කර කියන්නට අපි පසුබට වෙන්නේත් නැහැ. අපි ඒ තරම් ඊට ආදරය කරනවා.
වෙසක් කාලෙට දන්සල් තියෙනවා. ආයෙ අහන්නත් දෙයක්යැ? පන්සලක් කාලා දන්සලක් වැඳගෙන එන අපිට කියන්න එනවා මෙතන දන්සල් තියෙනවා කියලා. 😛 පොඩ්ඩක් හිටුකො. ඒ අතරෙ වෙළඳසැල් හිමියෙක් වෙසක් කියලා තමන්ගෙ කෑම කඩේ වහන්නේ නැතුව එදාටත් ඇරලා තියනවා. ඔබ මේ දෙකෙන් යන්නෙ මොකකට ද? ඔය වෙළඬෂැල් ඉමියාත් ඩන්ෂැලට යයි නේද මාතියා. උගෙන් වැඩක් නෑ යුෂ්මතා යන එක අහන්නෙ. මම යුෂ්මතා නෙවෙයි මුස්තපා ඩෝ
බලන්නටවත් බැරි තරම් දීප්තියකින් යුත් සිරුරකින් යුතු හෙතෙම පෘෂ්ඨිමත් කයෙකින් හා විවිධ සළුපිළියෙන් සැරසී සිටියෙකි. බාහුවල රන් පැහැයටත් වඩා අග්‍රගණ්‍ය පැහැයකින් දිලිසෙන ආභරණ, ගෙලවට මිහිපිට නොදුටු විවිධ මාණික්‍යාදියෙන් සරසන ලද නම නොදන්නා මාලයක්, හිස වටා රසදිය පැහැ ජටාවක් බැඳ සිටි හේ කොළ පැහැති යමෙක නිල් පැහැයෙන් තිත් තබමින් සිටියා. සාමාන්‍ය රෙදි හැඩ වැඩ දමන්නෙකුටත් දින කිහිපයක් යන මේ කර්තව්‍යය ඔහු විනාඩි කිහිපයකින් කළේ පුදුම කඩිසර කමෙකිනි. ඔහුගේ සුසුමෙහි ගොඩ වරුවක් සිට දියට දැමූ මාළුවෙකු මෙන් සතුටක් දකින්නට ලැබුණා. ඇතැම්විට, ඔහු හොඳින් දන්නා දේ කරන්නට ලැබුණු අවස්ථාව නිසා උපන්නක් වෙන්නට පුළුවන්. ඒත් ඒ දෑතෙහි හදිසි බවක් ද තිබුණා.
අපේ රට මේ යන විධිය හරි නැහැ
ලංකාව චූටියි, තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්, සිංහල ගණන් ගන්නෙ නෑ, රුපියල බාල්දුයි… ඔන්න ඕවානෙ අපේ හිත්වල තියෙන්නෙ සහ සාමාන්‍ය සමාජය දිහා බැලුවාම දකින්න ලැබෙන්නෙ. ලංකාවෙ අපිම අපිට ඔහොම කියා ගන්නවා නම් ලෝකෙ මිනිස්සු ගැන කවර කථා ද? ඒත් අපිට තාමත් ගොඩ එන්න පුළුවන්!
“පිස්සුද බං?
පිටත සිට බැලීම
යමෙක් යමක් කරන්නේ තමාගේ මතයෙහි පිහිටා ය. කරන දේ හැමවිටම වෙනස් කරන ලද චිත්තයකින් යුතුවමුත් තමා විසින් ම කරනු ලබයි. එමනිසා තමා කරන දේහි වැරැද්දක්, කරන මොහොතේ කිසිසේත් පෙනෙන්නේ නැත. ඒ මොහොතේ එලෙස පෙනුනොත් එය නොකරන ලද ක්‍රියාවෙකි. තමන්ගේ වැරදි තමාට නොපෙනෙන්නේ යැයි කීම ජනවහරේ ද එන කියුමකි. අනුන්ගේ දේවල් නැතිව තමන්ගෙ වැඩක් බලා ගන්නැයි කීම ද එහි ව්‍යුත්පන්නයකි. මුහුණේ වැරදි කැඩපතින් පෙනෙනමුත් සිතේ වැරදි ඉන් පිළිඹිබු වන්නේ ආවේගයෙන් එහි බැලූමුත් පමණෙකි. ආවේගයෙන් කැඩපත දෙස බලන්නේ අතට හසුවූ කැඩපතක් බිම හෙලීමෙන් සුණු වූ කැඩපතම පමණි.