(තත්පරයකදී) අන්තර්ජාලය සහ ඔබ?
අන්තර්ජාලෙ තරම ආයෙ ඉතින් අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනෙ. හැබැයි ඕකෙ එක තත්පරයක් තුළදි මොනතරම් දේවල් සිද්ධවෙනවද කියලා නිකං හරි හිතලා බැලුවද? එන්නකො මේ පැත්තට මං පෙන්නන්න ;) ලෝකෙ පරිගණක සාක්‍ෂරතාව දියුණු රටවල්වල උදවිය විතරක් ම නෙවෙයි ඔය පොඩි පොඩි දේකට, එහෙම නැත්නම් නොමනා දේකට ජාලෙට රිංගන මහත්ම මහත්මීන් අනන්තවත් ඉන්නවා. (අනෙ අම්මපා, උඹ කියනකං ඒක දැනං හිටියෙ නෑනෙ! :P ) එයෑලා ඕකට රිංගාගත්තම මේලෝකෙ සිහියක් නෑ. එක්කො කොහේහරි පබ්ලික් චැට් සයිට් එකකට වැදිලා ජීවිතේට නොදන්න එවුන් එක්ක වල්පල් දොඩාවි. ඒත් නැත්නම් කවුරුහරි මූණුපොත ගැන අයිඩියාර්ස් එකක්ස් දැම්මොත් ඒ පැත්තෙ එල්ලිලා නානාප්‍රකාර දෙවල් කරයි. කලින් sociAL දැල්works සහ අපේ එවුන්ලිපියෙ ඒ ගැන කියපු නිසා බුකිය ගැන මං මෙතන වැඩිය කියන්න යන්නෙ නෑ. ;)
අන්තර්ජාල භාවිතය ගැන හරි දැනුමක් නැතිකම නිසා අමාරුවෙ වැටෙන අයත්, ඒ වගේ අය ම target කරන්න බලාගත්තු <රචකයාගේ වචන රැසක් බ්ලොග්පඬතිය මගින් කපා හැරිණි> එවුනුත් අනන්තවත් සිටිති. මොකද උන්දැලාට මැණික් ගරන්න පුළුවන් එහෙම වළේ වැටෙන කස්ටිය හින්දා මයි. සල්ලි හම්බකරන්න අන්තර්ජාලය යොදාගන්න පුළුවන් කියලා මළවිකාර පුරවගත්ත පොත්, CD, වෙබ්සයිට් අනන්තවත් ලංකාවේ යථොක්ත හාදයො කරනවැයින් අපේ මිනිස්සු පුදුම විදියට නොමග ගිහින් තියෙන්නෙ. ප්‍රයෝජනවත් වෙබ් සයිට් එකක් කරලා එකෙ පොඩි ඇඩ් එකක් දාගත්තට මොකද? මේකෙ වෙලා තියෙන්නෙ මහන්සි නොවී සල්ලි හොයන්නත් අපේ මැට්ටො පුරුදු වෙලා තියෙන එක. :-/ ඒ හින්දා තමන් මොකද්ද කරන්නෙ කියලා ඔක්කොටම කලින් හොයලා බලන්නෝන. පනින්න පෙර සිතා බලනු කියලා ඒ කාලෙ අපේ පරණ උන්දැලා කිව්වෙ කට කහනවට නෙවෙයිනෙ. :) හැබැයි මේ අන්ධ වෙච්ච හිඟන්නන්ට (ආ, නෑ. ඒ මිනිස්සු අඩුගානෙ කීයක් හරි දෙන්න කියලාවත් කියනවනෙ) අපේ පිනටකන්නෝ “Register වෙන්නට පෙර සිතා බලන්න”යි ටොකු ඇන්නත් ඔළුවට ගන්නෙ නෑ. ඔය අස්සෙ මොනවා හරි අධ්‍යාපනික යමක් හොයාගන්නෙයි කියලා නැට් එකට ගොඩවෙන අය කියවන ලිපිය පැත්තක තියෙද්දි දෙපැත්තෙ තියෙන සතපහකට වැඩක් නැති වෙළඳ දැන්වීම් ආදිය ක්ලික් කරකර, කරකර සහ කරකර ගිහිල්ලා අන්තිමට පටන් ගත්තු තැනවත් මතක නැතුව අතරමං වෙනවා. ලංකාවෙ මිනිස්සුන්ට කොහොමත් මුල මතක නෑ නෙව! :D (අඩවිය පවත්වාගෙන අයගෙ උදව්වට ඇඩ්එකක් දෙකක් ක්ලික් කරාට කමක් නෑ ;) ) එයෑලා මොකක්හරි පඹගාලක පැටලිලා අන්තර්ජාලෙ නුගුණ රටසේරම කියකිය යන එක තමයි ඊට පස්සෙ කරන්නෙ. ඉතිං ඔය නානාප්‍රකාර වෙළඳ දැන්වීම් පස්සෙන් දුවන මං වගේ අයට ඕනම වෙබ් අඩවියක වෙළඳ දැන්වීම් ඉවත්කරගන්න tool එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන තිබුණු Ads වලින් දුක්විඳි කාලය අහවරයි! ලිපියෙ යාවත්කාලීනයකුත් දාලා ඇති, ඕනෙ අය ඒක ගන්න.
පසුගිය දශකෙ ලොකුම ව්‍යසනේ තමයි ව්‍යාජ ඊමේල්. “මම අහවල් තැන මෙහෙම අතරමං වෙලා, මගේ දේපළ ඔබේ නමට ලියාගෙන මට ඉගෙනගන්න විතරක් මුදල් දෙන්න.” ඔන්න ඉතිං අපේ කස්ටියගෙ හදවත් උණු වෙනවා.. අනේ දෙයියනේ අසරණ දරුවෙක්! :-o (නෑ නෑ පිස්සුය, දේපළ හින්දා නෙවෙයි.. ආදරේට! :P ) (මට අද මෙච්චර ස්පෑම්ස් ගොඩක් ඇවිත් තිබුණාය කියා පම්පෝරි ගහපු උදවියත් ඒ කාලෙ හිටියා කියලා මතක තියාගන්නෝනැ! ;) ) මටත් මේ ළඟදි filter නොවෙච්ච Spam එකක් ආවා, “ඔබේ ඊමේල් ලිපිනය ඔන්න මොකද්ද තරගෙකින් තේරිලාය, අරක මේක” මට වෙලාවට කහඹිලියාව (ආ ඔව් ඔව්, ඒ වචනෙ තමයි :P ) නැහැනෙ. ඊමේල් ලිපිනෙ තෝරගත්තනං තොපි තියාගනිව්. මාව නෙවෙයි නෙවැ. ;) අනික එවපු විදියෙන් පේනවා - මොන මළදානයක එකෙක් එවලද කියලාවත් ඒකෙ නැහැ. දැන් හිතනවා ඇති තොපි වගේ නූතන පරම්පරාවෙ එවුන් කොහොමත් ඉලැක්ට්‍රොනික්ස් දන්නවා නේද කියලා. ඕකට උදාහරණයක් දෙන්නං, අදාල පුද්ග-ලිය මතක්උනාම මට බඩපැලෙනකං හිනායනවා, නවත්තගෙන කියන්නංකො. :P හදිසියෙ අපේ ගෙදරට ඇමතුමක් එනවා, “අනේ තඹරු ලොකු හෙල්ප් එකක් ඕනි. පොඩි කරදරයක් වෙලා (මං හිතුවා එකෙක් මැරිලවත්ද කියලා :-o ) අපේ එහා ගෙදර අක්කා මගේ කීබෝඩ් එක අරන් ගියා එයාගෙ එක වැඩකරන්නෙ නෑ කියලා. බලනො මට අරයට ටෙක්ස්ට් කරගන්නවත් විදියක් නෑ ඊයෙ රෑ. :( ” (ඉතිං මට පාන්ද?) Keep calm and help others කියලා මං හිතහදාගෙන: මොකද්ද සීන් එක? කෙටියෙන් කියවු. “ඉතිං හලෝ අද අපේ එකට අක්කා හයිකරලා දුන්නා. ඒත් දැන් වැඩකරන්නෙ නෑ. මං හිතන්නෙ වයිරස් එකක් ගිහින්ද කොහෙද!” අයියෝ සල්ලි. :P :P ඉතිං පේන්නෑ? කතාවටනං මාතර ප්‍රසිද්ධ අල්ලපු පාසලලු. (අනේ මේ?! ඒ කිව්වෙ ‘ඉතා ආසන්න’ කියන එක හරිය? ;) ) මට වළක් කපාගන්න හිතුණා. :-/ හැබැයි ඒ වෙලාවෙ මොන විදියෙං මං හිනානොවී හිටියාදැයි මට මතකයක් නැත. (තේරුන් නැත්තං අදම ඔබේ කීබෝඩ් එකටත් වයිරස් ගාඩ් එකක් දාගන්න! :D )
ඊළඟට හොඳට මතක තියාගන්න, තමන්ගෙ අකවුන්ට් එක හැක්කරගන්නෙ තමන්මයි කියන එක. ගොඩක් ඔය සමාජජාල වෙබ් අඩවි පාවිච්චි කරන කස්ටියට මතක නෑ ටික කාලයක් යනකොට තමන්ගෙ Security Question එක. අපි හිතමු ඒක “ඔබේ සුරතලාගේ නම?” කියලා, මෙයෑලා ඉතින් හිටි ගමන් දානවා තමන්ගෙ බලුතඩියගෙ හරි පූස්රාළගෙ හරි පින්තූරයක්. Caption එක “Myy sweeeeeeeeeetttt