ට්විරෙට ලියූ නිසඳැස්
පහුගිය මාස කීපයේ ම බ්ලොගේ නිසඳැසක් දැම්මෙ නැති වුණාට ට්විටර් එකේ දකින දකින දේවල් එක්ක නම් කවි, නිසඳැස් කීපයක් ම ලිව්වා. අනික ඒක ලේසියි බ්ලොග් එක අදිනවට වඩා, නිතර දෙවේලෙ ඉන්න තැනනෙ. ඒත් බ්ලොග් සෙට් එකටත්, පස්සෙ කාලෙක මටත් ලේසියන් බලාගන්න පුළුවන් හින්දා පහුගිය කාලෙ ලියපුවා මෙහෙම එක්තැන් කරනවා. කතාවක් තියෙනවානෙ, ප්රබන්ධකාරයෙක්ගෙන් ඇත්ත ජීවිතේ ගැන ප්‍රබන්ධ තුළින් දකින්නට උත්සාහ කරන එක වැහි වතුරෙන් මුහුදෙ රස හොයනවා වගේ කියලා. අහලා නැත්නම් ඔන්න මම තමයි ඒක කිව්වෙ හරිය :D
1.
මේ පළවෙනි එක ලිව්වේ “මේ ප්‍රේමය ශෝකයෙන් මිස අන් කවර අයුරකින් කෙලවර විය හැකිද” කියලා මළගිය ඇත්තෝ කෘතියෙන් ගත්තු උපුටාගැනීමක් දාපු ට්වීට් එකක් දැකලා. https://twitter.com/thambaru/status/753808942308864001 කවියත් ලියලා තේරුමත් ලියන්න වෙන එක නම් කාලකණ්ණිකමක් තමයි. ඒත් කොහොමහරි මේකෙන් කියවෙන්නේ කසාදය කියන දුර්ගයට යොමු නොවී “ප්‍රේමය” කියන ෆැන්ටසියේ ඉන්නට කැමති බවයි. මළගිය ඇත්තෝ එකේ කතාව ම වගේ තමයි.
2.
ඊළඟ එක නම් බොහෝ දෙනෙක් සැකයෙන් බලපු කවියක්. සමහරවිට හරියට නොතේරුණු හින්දා වෙන්න ඇති. නොතේරෙන්න ලියපු වරදේ වගකීම මම බාරගන්න ඕන. https://twitter.com/thambaru/status/752879467622637568 ඒකෙන් කියැවෙන්නේ සාධාරණය ගැන. මේ වගේ නන්දා මාලිනියගේ සින්දුවකුත් තියෙනවා, නිතර නොඇහෙන පරණ එකක්.
3.
මේ කවිය ලියැවුණේ හිමිනමක් ස්වීප් ටිකට් එකක් ගන්න පින්තූරයක් දැකලා. ඒකත් අගනා කවියක් එක්කමයි ෂෙනාල් දාලා තිබුණෙ. දෙකම බලන්නකො: https://twitter.com/ShenalG/status/752505302537293824 මම ලිව්වා ඊට පිළිතුරු නිසඳැසක් හිමිනමගේ මුවාවෙන්. https://twitter.com/thambaru/status/752516578483138560
4.
හොඳ එළිවැට වචන කීපයක් දවසක් හිතට ආවා, ඒ ටික මෙහෙම ගොනු කළා: https://twitter.com/thambaru/status/749239596374855680
5.
යමක් කරනවාට වඩා, වෙන කෙනෙක් ඒ දෙය කරන හැටි - විඳින හැටි බලාගෙන ඉන්න එක රසවත්. https://twitter.com/thambaru/status/723857000795262976
6.
අහසින් කඩාවැටෙනවාට හැමෝම කැමතියි. ඒත් තමන් බිමට කඩාවැටෙනවාට කවුරුත් කැමති නැහැ. https://twitter.com/thambaru/status/547632006897471489
7.
මේක පසුගිය ඡන්ද කාලේ මනාප පොරය දැකලා ලියපු එකක්. https://twitter.com/thambaru/status/513498069870981120 ෆේස්බුක් හෝ ට්විටරයේ කවි, නිසඳැස් ලියන උදවිය #SinhalaPoems කියලා දාලා ලියනවා නම් ඒවා ඒ ඒ වෙබ් අඩවිවල එක්තැන් වෙන නිසා ඕන කෙනෙකුට පහසුවෙන් බලාගන්න පුළුවන් වේවි.