නිසල දිය මත විල් තෙරේ [Lyrics]

නිසල දිය මත විල් තෙරේ ඔබේ සිනා මල් කැන් පිපුණා ඒ මල් යහනේ දෙව්ලිය වඩිනා හද විල දිය රැලි නෙක නැගුණා දෝතට ගත් දිය මල් පෙති අතරේ කඳුළක රස මා නැහැ දුටුවේ නෙලාගන්නට සිතුණේ නෑ ඔබ ඉවුරේ හිඳගෙන හැඩ බැලුවා සුවඳින් මා මන මත්වීලා දෑස පියවී දෙව්ලොව මැවුණා දෝතට ගත් ඒ ස්වප්නය අතරේ කඳුළක රස මා නැහැ දුටුවේ ගුම්දෙන බඹරුන් නුඹ සිපගත්දී ඇයි ඉඩදී නුඹ බලා හිඳින්නේ පිවිතුරු පෙම මේ මෙගොඩ තිබෙද්දී කුමටද අන් පහසක් ලැබුවේ දෝතට ගත් ඒ පරවී යන මල කඳුළක රස පුරවා ඇත්තේ   මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.

මේකෙ තේරුම මෙහෙමයි:

දුර ඉඳගෙන පෙම් කරන කෙනෙක් මෙහි කථා නායකයා වෙනවා. දැනට තිබෙන තත්වය, දේවල් වෙනස් වෙයි කියලා බයෙන් ඔහු ප්‍රේමය සඟවා ගෙන හිටියත් ඒ ගැන නොදන්නා මල අනිත් බඹරුන්ගේ පහස ලබනවා. ඉතින් ඔහුට එය ලැබෙන විට පමා වැඩියි.