Odd Sinhala Translations - ඔත්තේ සිංහල පරිවර්තන

සිංහල පරිවර්තන කරද්දී ඇතැම් වගකිවයුතු ආයතන පවා විකාර කරනවා. සමහරවිට ගූග්ල් ට්‍රාන්ස්ලේටර් එකෙන් ගත්තුවාද දන්නේත් නෑ. හැබැයි ඉතින් මේ ටික නම් ඉංග්‍රීසි ඇති හැටියෙන්, ගෙඩිය පිටින්ම පරිවර්තනය කරපු ඒවා. බලන්න ඔබට ඒවා යට හිටගන්න පුළුවන්ද කියලා (See if you can understand them)

Let’s start by scratch

අපි එහෙනම් කැහිල්ලකින්ම පටන් ගමු.

What’s up?

උඩ මොනවාද?

How ya doing?

ඔබ කොහොමද කරන්නේ?

You know what?

උඹ දන්නේ මොකක්ද?

You’re under-dressed.

ඔයා යටට ඇඳලා

It’s up to you.

ඒක ඔයාට උඩින් තියෙන්නේ.

Get well soon.

ඉක්මණට ළිඳ ගන්න.

What time is it?

මේ මොන කාලයද?

It’s three o’clock

දැන් ඔරලෝසු තුනයි.

Do you play games?

ඔයා ගමේදි සෙල්ලම් කරනවාද?

I play Temple Run on phone

මම ෆෝන් එකෙන් පන්සලට දිවීම සෙල්ලම් කරනවා

Click the mouse

මීයාට අනින්න.

Sorry, come again?

සමාවෙන්න, නැවත එන්න?

It went well

ඒක ළිඳට ගියා මේවා විතරක් නෙවෙයි, ට්විටර් එකේ ඕක ගැන Hashtag එකකුත් trend වුණා. ඔන්න එයින් කීපයකුත් යටින් තියෙනවා:

I Came here to meet you මම මෙහෙට ආවේ උඹව මස් කරන්න #OddSinhalaTranslations

— Lishan | リシャン (@lishwish) September 15, 2014

the smurfs = නිල් බලකාය #oddsinhalatranslations

— Kosala Senevirathne (@kosalaya_) November 23, 2011

online = ඉර උඩ #OddSInhalaTranslations

— Prabath Gamage (@codfx) July 25, 2011

Harry Potter and the Sorcerer’s Stone = හැරී වලන්කරුවා සහ චින්තකයාගේ ගල #OddSinhalaTranslations #gay

— Akila Wajirasena (@akila87) July 25, 2011

Rock the party = පාටි‍ය ගල් කරමු #OddSinhalaTranslations

— Shami. (@TheSauceCode) September 6, 2012

H1N1 = හිටියත් එකයි නැතත් එකයි #OddSinhalaTranslations

— Hiru (@lahirunirmala) July 9, 2015

I gave up - මම දුන්නා උඩට. #OddSinhalaTranslations

— Sukiya ❣️ (@da_sukiya) July 10, 2015

May day! May day!!

මැයි දිනය! මැයි දිනය!! (ගුවන් හමුදාව හදිසි අනතුරු දැනුම් දෙන්න තමයි මේක කියන්නේ. වැඩේ කියන්නේ, එක්තරා රූපවාහිනී  නාලිකාවක් උපසිරැසි විධියට මැයි දිනය කියලා තමයි දැම්මේ) ඉතින් ඔබටත් මතක් වුණු මේ වගේ ඒවා තියෙනවා නම් Comment එකකින් ඒක බෙදාගන්න අමතක කරන්න එපා. ;)