සටන් ගීතය [Lyrics]
රැකගන්න ජයගන්න නැගීසිටිමු පෙළගැසෙමු ඒ මගේ දේ නොව ඒ අපේ දේ සෙනෙහසින් මතු දිනය වන්නේ කඳුළු මැද ලේ වැකෙන කොපුලේ හඬ නගයි අයිතිය අපේ මිහිතලය මත නැගෙයි දසඅත එකෙකු නොව අපි එකා සේ නැගෙන හද ගැබ බිඳේ බාධා හෙට දිනය අප හැම අතේ නැගීසිටිමු දැන් දිවි පුදන්නට එකක් නොව මහ දැයක් සේ මා රචිත මෙම ගීතය ඔබ නිර්මාණයකට යොදා ගන්නට කැමති නම් නොමිලේ රිසිසේ කතෘ අයිතිය සහිතව භාවිතා කරන්න.