Windows 8 සහ 8.1 සිංහලෙන්

වින්ඩෝස් 8 සහ 8.1 සිංහලෙන් පාවිච්චි කරන්න කැමති ද? ටිකක් පාවිච්චි කරනකොට පුරුදු වෙයි. සුද්දොයි, ජපන්නුයි තමන් හදන හැම එකම එබසින් පාවිච්චි කරන එකේ අපි අපේ බස ඕනෑ තැනක භාවිතා කරන්න ලැජ්ජා නැති වෙන්නෝන. ;)

මතක ඇති මම Win7 අයට සිංහල පැක් එක දුන්නා. Win7 අයට ඒක මෙතනින් ගන්න පුළුවන්. මම දැන් 8.1 භාවිතා කරන්නෙ. W8 අයට W8.1 LIP එකයි, 8.1 අයට 8 LIP එකයි පාවිච්චි කරන්න බැරි නිසා මං දෙක ම දාන්නම්, සුදුසු එක ස්ථාපනය කරගන්න. *.mlc ගොනුවක් download වේවි. ඒක Open කරලා on-screen පියවර අනුගමනය කරන්න. ඒවත් සිංහලෙන් නිසා අවුලක් නෑ. මාත් ජීවිතේ පළවෙනි වතාවට Terms Of Use සහ License එක කියෙව්වා. :D මතක ඇතුව ඔබට අදාල 32bit(x86) හෝ 64bit වෙළුම තෝරගන්න. ඔබ දැනට ස්ථාපිත බිටු වෙළුම බැලීමට, 1. වම් පස යට ම කෙළවරේ (8.1 අය Win Logo එක මත) මූසිකය තබා Right Click කරන්න. 2. පැමිණෙන මෙනුවෙන් System යන්න තෝරන්න. එහි ඔබට 32 හෝ 64bit යන්න සඳහන්ව තිබෙනු දැකිය හැක.

Windows 8 සඳහා පද්ධති අවශ්‍යතා

  • Microsoft Windows 8
  • Windows 8 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ

මෙතනින් බාගන්න: http://www.microsoft.com/si-lk/download/details.aspx?id=35403 Windows 8.1 සඳහා පද්ධති අවශ්‍යතා

  • Microsoft Windows 8.1
  • Windows 8.1 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි / ප්‍රංශ

මෙතනින් බාගන්න.. http://www.microsoft.com/si-lk/download/details.aspx?id=39307 බාගැනුම් උපදෙස් 1. බෑම ඇරඹීමට මෙම පිටුවෙහි Download බොත්තම ක්ලික් කරන්න. 2. පහත සඳහන් දෑ අතරින් එකක් කරන්න: * ස්ථාපනය වහා ම ඇරඹීමට Open ක්ලික් කරන්න. නැතහොත් Run this program from its current location තෝරන්න. * පසු අවස්ථාවක ස්ථාපනය සඳහා බෑම් ඔබේ පරිගණකයට පිටපත් කිරීමට Save හෝ Save this program to disk ක්ලික් කරන්න.