අහෝ එය නැත!
අද උදේ මාර සීන් එකක් නෙවැ උනේ. :-o මගේ රැවුල ගිනි අරං.. ආ! ඒක උදේම කැපුවා ක්ලාස් යන්න. දන්නැද්ද ඉචිං.. හෙහේ. ;) කතාව මෙහෙම කියන්න නිකං මොකද්ද වගේ. :D බලන්ටකො වැඩේ. ඔන්න කලිං එක වගේ නෙවෙයි මේක නං සිරා ම සත්‍ය කතාවක්. :)
දමා අත සොයයි කැළඹී යකෝ එය නැත!
මතකයි ගෙන ආවා වගේ? නමුත් එය නොගැටෙයි වෙනදා සේ..
මල්ලී, ඉක්මණට පහක් දීලා යනවා ඉස්සරහට! කොන්දා කෑගායි අනේ එය නැත..
මහ ගොඩක් දෑ නොවීය ඒ කබලේ අඩුගානේ ලියුමක්වත්.. කාගෙන් හෝ
දුකක් නැත එනමුත් ID එක! කොහොමද මම විභාගෙ ලියන්නෙ? මව සිතයි.. “මුගේ පැලෑනක්”
බිඳුවක් බේරෙයි පහළට! පිටුපසින් මට දැනෙයි තවත් එක්… දහදිය බිඳුවක්
කිසිවකු අත දැම්මාදැයි මට මතක නැත අනේ මගේ සිහිය!
ගිහිනුත් කැලෑසි නැත සිහියක්! බලන්ට ‘ඔවුන්’ දෙස අදනම්..
නෙක දෙවියන් යදී බැහැ යන්නට පොලීසි.. අපේ පරම්පරාවෙ කවුරුවත් රිංගල නෑ ඕවයි!!
දෙගිඩියාවෙන් ආවෙමි නෑ කිසි සද්දයක්… හොරෙන් ම වැදුනෙමි මගේ කාමරේට!
පිළිවෙල නොකළ පොත් ගොඩ දැම්මෙමි එහාට - මෙහාට! අනේ දෙවියනේ… මම බදාගතිමි තදින්ම! සැඟවුණු පසුම්බිය.
මේක වෙලා තියෙ ද? අයියෝ මගේ අද දවස නැති කළා. :( තාම ගෙදරිං දන්නෙත් නෑ. ඔන්න ඉතිං කියන්න යන්නත් එපා හරිය? විභාගෙටත් තව මාසයක්වත් නෑ. ඔය ටිකේවත් ෂේප් එකේ ඉන්නෙපැයි නැද්ද! :P
අමතක වෙන එකයි, පරක්කු වෙන එකයි ලංකාවෙ ගතිය උනාට මගේ පර්ස් එකනම් කිව්වෙ නෑ “වැරැද්ද ඔබේ නොවේ. මා විසින් ම සැඟැවෙන ලදී” කියලා. ;)