මලෙහි අවනඩුව
අනේ කොහිද මට මධු තැටියක තබා හද සුකොමලව වඩින බඹරු මේ දිවිය නිසරුයි පරවී වැටෙන යාමෙට
බඹරෙක්මි, ගෙන ආමි නුඹට නැති මධු මුළු ලොව ම ගෙන දෝතින් හිස් මුදුනින් බිසෝ කොට මල් අතර අගතැන් කරනට
නුඹ කවුරු මට එවන් කරනට මේ මුකුලිතව වියැකෙන දිවිය හොඳයි අනේ එහෙත්.. කොහිද මට මධු සුකොමලව වඩින බඹරු